ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ තරග අවසන් වන විට කඳුරට/ඌව ඒකාබද්ධ පිල ප‍්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකර ගෙන සිටියි. වයඹ පිල ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.
තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙන් යුත් කඳුරට/ඌව ඒකාබද්ධ පිල සහභාගි වූ තරග දෙකම අතිරේක ප‍්‍රසාද ලකුණු 2 ක් ද සමගින් ජය ලබා ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිටියි. ජෙහාන් මුබාරක්ගේ නායකත්වයෙන් යුත් වයඹ පිල තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා සිටියි.
මලින්ද වර්ණපුර මෙහෙයවන බස්නාහිර පිල සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට වැටී සිටියි.
ප‍්‍රසාද ලකුණු සටහන

කණ්ඩායම තරග ජය පරාජ අ.ප‍්‍ර.ල. ප‍්‍ර.ල
කඳුරට/ඌව ඒකාබද්ධ 2 2 - 2 10
වයඹ    2 2 - - 8
රුහුණ 2 1 1 1 5
උතුර/නැගෙනහිර ඒකාබද්ධ 3 1 2 - 4
බස්නාහිර 3 - 3 - 0