IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ක‍්‍රීඩකයන් තෝරන්න අලූත් ක‍්‍රමයක්

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් තරගාවලියට සහභාගි නොවූ ක‍්‍රීඩකයන් කීපදෙනකු සහභාගි කරගනිමින් කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුව හිතවත්කම් මත මේ දිනවල විශේෂ තේරීම් සැසියක් පැවැත්වීමට කටයුතු කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පාසල් රැසක නිලධාරීහූ විරෝධය පළ කරති.
හිතවත්කම් මත ක‍්‍රීඩකයන් තෝරාගන්නා බවට මීට පෙර ද චෝදනා එල්ල වූ කනිෂ්ඨ ක‍්‍රිකට් කණ්ඩායමක පුහුණුකරුවකුගේ මැදිහත්වීමෙන් ඔහුට සම්බන්ධ මොරටුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක ක‍්‍රීඩකයන් සිවුදෙනකු ද මෙම පුහුණු සැසියට කැඳවා ඇති බව ද වාර්තා වේ.
අපේ‍්‍රල් මස පැවැත්වෙන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ බංග්ලාදේශ සංචාරය සහභාගි වන  කණ්ඩායම තෝරා ගැනීමට පැවැත්වූ පළාත් තරගාවලියට සහභාගි වීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ පාසල් ක‍්‍රිකට් සංගමය ක‍්‍රීඩකයන්ට අනිවාර්ය කර තිබූ බව ද පාසල් පුහුණුකරුවෝ පවසති.
ජාතික අවශ්‍යතාවක් යැයි සළකා ක‍්‍රීඩකයන් පළාත් තරගාවලියට යොමු කර සිටි බැවින් ඔවුන් නොමැතිව පාසල් තරග පැවැත්වූ බවත් ඇතැම් තරග කල්දැමූ බවත් පවසන පාසල් නිලධාරීන්, මෙවැනි විශේෂ පුහුණු සැසියක් පවත්වන බවට මුලින් දැනුම්දී තිබුණේ නම් එම පාසල්වල දක්‍ෂ ක‍්‍රීඩකයන් ද පාසල් තරගවලට සහභාගි කරවන බවද පවසයි.
‘‘අපේ දක්‍ෂම ක‍්‍රීඩකයන් නොමැතිව අපි තරගවලට සහභාගි වුණා. පළාත් තරගාවලිය නිසා කල්දැමූ තරග සඳහා ක‍්‍රීඩාංගණ සොයා ගැනීම විශාල ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක අපේ පාසල්වලට කළ දැඩි අසාධාරණයක්’’ යැයි කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පාසලක නිලධාරියකු පැවසීය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති දුමින්ද වික‍්‍රමසිංහ මහතා පැවසුවේ පළාත් තරගාවලියට සහභාගි වීම පාසල් ක‍්‍රීඩකයන්ට අනිවාර්ය කළ බව දන්වා නොතිබූ බවයි.
‘‘පළාත් තරගාවලියෙන් 35 ක සංචිතයක් තෝරාගත්තා. එම තරගාවලියට සහභාගි නොවූ ක‍්‍රීඩකයන් 15 ක් ඇතුළු ක‍්‍රීඩකයන් 45 දෙනකුට දින තුනක තේරීම් සැසියක් පවත්වනවා. සහභාගි නොවූ ක‍්‍රීඩකයන් අතර දක්‍ෂ ක‍්‍රීඩකයන් සිටිනවා’’ යැයි සභාපති දුමින්ද වික‍්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ පළාත් තරගාවලියට සහභාගි වන ලෙස සියලූම ක‍්‍රීඩකයන්ගේ පාසල් නිලධාරීන් දැනුවත් කළ බවයි.
‘‘පළාත් තරගාවලියට අනිවාර්යෙන් සහභාගිවිය යුතු බව දැනුම්දී එම තරග පැවැත්වූ දින වෙනුවෙන් පෙබරවාරි 28 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ වයස 19 න් පහළ පාසල් තරගාවලිය මාර්තු 5 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත් පියවර ගත්තා’’ යැයි ද පාසල් ක‍්‍රිකට් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ක‍්‍රීඩකයන් තෝරන්න අලූත් ක‍්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site