විජේරාම මන්සන්ධියේ සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයට එරෙහිව එක්සත් ලක් වනිතා පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් මිරිහාන පොලිසිය ඉදිරිපිටදී පැවැතිණි. ලක්වනිතා පෙරමුණේ සභාපතීනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ඊට නායකත්වය දුන්නාය.
විජේරාම මන්සන්ධියේ සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයට එරෙහිව එක්සත් ලක් වනිතා පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් මිරිහාන පොලිසිය ඉදිරිපිටදී පැවැතිණි. ලක්වනිතා පෙරමුණේ සභාපතීනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ඊට නායකත්වය දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකරුව මහ දහවල් ලයිට් කණුවක ප්‍රසිද්ධියේ එල්ලුවා නම් හරි. (නි)
උපරිම දඩුවම් ලබා දෙන්න මේකට සම්බන්ධ වෙච්ච අය..!(නු)
මෙයාලා නින්දෙන් ඇහැරුණා වගේ හිටිගමන් සටන් පටන් අරගෙන.. ඉන්දියාවෙ කරපු නිසා අපිත් මොනවා හරි කරමු කියලා දුවගෙන ඇවිත් පාරට බැහැලා.. එහෙම නෙමෙයි ඇත්තටම හිතේ කැක්කුමක් කාන්තාවන් ළමයින් වෙනුවෙන් මහා සටනක් කිරීමට රටම සූදානම් විය යුතුයි... එහෙම නැතිව ඉදිරියට ඇවිත් ප්‍රසිද්ධ වෙලා ඊළග මැතිවරණයයේදී නාමයෝජනා ලබාගන්න වැඩ කරන්න එපා.!(නු)
අනුන්ගේ දරු පවුල්වලට රිංගා කඩා විනාශ කරන කාන්තාවන්ටත් දඩුවම් කරන්න..!(නු)
ආයේ ඒ වගේ වැඩ නොකරන්න පෙළ ගැහෙන්න ඕනේ (දී)
මෙහි සඳහන් කාන්තාව සමූහ දූෂණයට ලක්වීම අපිද හෙළා දකිමු. එපමණක් නොව ඊට සම්බන්ධ සියළු පාර්ශව වලට හිමිවිය නීතියානූකූල දඬුවම් හැකි උපරිමව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු. මේ සමාජය තුළ කාන්තාවකට ස්වකීය කාන්තා ස්වභාවය යටපත් කර පිරිමි හා සම සමව කරට කර ජීවත්විය යුතු වට පිටාවක් ඇතිවී ඇති බව මේ සිදුවීම අනුවද පැහැදිලි වේ. කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත්, ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වෙති. ළාමක, නම්‍යශීලී, කාරුණික, ඉවසිමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හා පුරුෂයා මේ ආකාර විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රීය හා පුරුෂයා නොහැසිරේ නම් ඵය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකියි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තත්වයක් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක්, කුලයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්‍රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය හෝ අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාටයි. මේ අසමාන වු බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය. ඵ් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබු සමාජ සබඳතාවයක් ලෙස සරලව හැදින්විය හැකිය. (නි)
ස්ත්‍රී දුෂණය යනු බලහත්කාරයෙන් ස්ත්‍රියක වෙතින් ලිංගික වින්දනය ලැබීමයි. දැන් දැන් ස්ත්‍රී දූෂණයට එක් පුද්ගලයෙකු සම්බන්ධ වීම වෙනුවට සාමූහික ස්ත්‍රී දුෂණය ලෝකය පුරා වේගවත්ව ප්‍රචලිත වීමේ ප්‍රවණතාවයක් පසුගිය දිනවල ලංකාවේ හා ඉන්දියාවේ වාර්තා ගත වූ ස්ත්‍රී දුෂණ වල පොදු සමානකම් අනුව පැහැදිලි වේ. කාමය විඳිමට ඇති කැමැත්ත නිසා විඳීම් සුවයක් යැයි සිතා එය විඳීමේ චේතනාවෙන් මියගොස් යළි භවයක උපත ලැබීමේදී විඳීම් සහිත භව ලෙස සැලකෙන කාම සුගතියක හෝ කාම දුගතියක උපත ලැබීමට සත්වයාට සිදුවේ. මේ හේතුව මත කාමය ස්ත්‍රික දූෂණය කිරීම තුළින් බලහත්කාරයෙන් ලබා ගැනීමේදී සිදුවන පාප කර්ම විපාක වල ස්වභාවය වචනයෙන් කියා නිමකළ නොහැකි තරම් සුවිශාල බව දැක්විය යුතුව තිබේ. (නි)
ආනන්ද ආර් සහ රොහාන්, ඔබ තමයි ඉන්දියාවෙ දී අත්අඩංගුවට පත්වූයේ.. (නු)
කරුණාකර අපේ ළමයින් සහ කාන්තාවන් රැකගන්න සහාය දෙන්න.. මේ අධිකාරියෙන් මීට වඩා නීති රීති ඇති කරන්න..!(නු)
ආනන්ද කියන්නේ ඔයාලගේ මනස පහල මට්මක පවතින බවද? (නි)
කුමාරි ඔයා මේ කාන්තාව දූෂණය කළ දූෂකයන්ගේ කවුරු හරි නේද? මේ කාන්තාව මේ පැත්ත නොදන්න නිසා තමයි පමුණුවත්තට යන්න බහින්න මහරගම හන්දිය කියලා හිතලා විජේරාම හන්දියෙන් බැහැලා තියෙන්නේ.. (මේ දෙපොලෙම බෝ ගහක් තියෙන නිසා වැරදින්න ඇති.) මේ සිද්දිය උනේ දවල් නෙමෙයි රාත්‍රි 7.30ට පමණ.. මේ කාන්තාව පාර අහපු ත්‍රී රෝද රථ රියදුරුම තමයි තව කෙනෙක් සමග පිහියක් පෙන්නලා මරනවා කියලා තර්ජනය කලාම බය නොවන්නේ කවුද? පාසල් මාවත කියන්නේ සරසවි පාර නෙමෙයි.. හැම වෙලාවෙම පාරෙ සරසවි ළමයි නැහැ.. මේ පැත්තේ කෙනෙක් විදියට මම දන්නවා ඒ වෙලාවට මේ පාරපාළුයි.. මේ පැත්තේ හැම ගෙයක්වගේ වටේටම තාප්ප දාලා තියෙන්නෙ.. ගේට්ටුත් ගොඩක් උසට දාලා තියෙන්නෙ.. මේ කාන්තාවට අපහාස කරන්න එපා.. තමන් වගේ දූෂකයන් සුද්ද කරන අය නිසා තමයි රට විනාශ වෙන්නෙ..(නු)
ආනන්ද කෝපි කාලෙ කනෙකේද කොහෙද? එයාලා මුළු ඇගම වහගෙන දවල් දොළහට විතර පාරෙ බැහැල යනකොට මොනතරම් අමාරුද?(නු)
ෂරියා නීතිය ලංකාවට හොදයි (ස)
අදහස් දක්වන සහෝදර හිතවතුනි, සමහර අයගේ දඅහස් දුටුවාම හැගෙන්නේ මවකගේ කුසකින් මෙලොව එලිය නොදුටු බයයි.. බොහොම කණගාටුයි.. (නු)
කාන්තාවන් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම හොද දෙයක්. ඒත්,කොළඹ මහ දවල් මේ වගේ දෙයක් කරන්න ලේසි නැහැ. ගැටලුව එතැනයි. (නි)
ඉදිරියටම යන්න. ජයෙන් ජය! (නි)
ආනන්ද ඔබ දන්නවාද? මුහුණ වසා(සමහරු ඇස් පමණක් පෙනෙන සේ) අඳින ඒ ඇඳුමේ ඔබ හිතන තරම් සුන්දරත්වයක් නැති බව. (නි)
රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පෙළපාලි යන එකම රට ලංකාව වෙන්න ඇති..(නු)
මෙරට වෙසෙන කාන්තා පාර්ශවය පිළිබඳව ඇති කර ගෙන ආකල්පය නිසාද බෙහෝවිට තනි පංගලමේ හුදකලාව මඟ යනෙන ස්ත්‍රීන් පිළිබඳව ඇතැම් පිරිමි වැරදි ඇසකින් බලා ඔවුන් ගණිකාවන් යැයි උපකල්පනය කර ඔවුන්ගෙන් කැමැත්තෙන් බැරි නම් බලහත්කාරයෙන් වුවද කාම සන්තර්පණය ලැබීමට යොමුවන බව ඉහත දැක්වෙන සිදුවීම අනුව පැහැදිලි වේ. ස්ත්‍රී දූෂකයා බොහෝවිට ඒ දූෂණයට ලක්වූ ස්ත්‍රීය තමන් විසින් දූෂණය නොකළ බවට නිදහසට හේතු දැක්වීම පිණිස අධිකරණය ඉදිරියේ කියන සුලබ කතාවම මමත් බොහෝවිට අධිකරණයේ අසා පුරුදු ඇත්තෙමි. (නි)
හැමෝටම මතක හිටින දඩුවමක් දුන්නා නම් ඔය අපරාධ නිකම්ම නතර වෙයි. (නි)
මේවාට දැඩි දඩුවම් ලබා දිය යුතුයි..!(නු)
අපේ රටේ වරදක් කලාම දඩුවම් දෙන්න වසර ගානක් යනවා.. හැකි ඉක්මනින් දඩුවම් දෙන්න ඕන..!(නු)
ඉස්සර අපි කතාවට කියනවා වැලක ගෑනු ඇදුමක් දැක්කමත් කුලප්පු වෙනවා කියලා. දැන් බලනකොට ලංකාවේ බහුතරයක් පිරිමි ආච්චි කෙනෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති තත්වයක්නේ ඇති වෙලා තියෙන්නේ. (නි)
කාන්තාවන් සමුහ දුෂ්නයකට ලක්වීමට එරෙහිව මග ජනයා පෙළ ගැසෙන විට එයට විරුද්ධ මත දරන අය කාන්තාවන් අතරින්ම මතු වීම පුදුමයකි .මහාචාර්‍ය තුමාගේ විග්රහය අනුවගැඹුරින් සලකා බැලූ විට එසේ වනුයේ එවැනි සමුහ ක්‍රියා සදහා ඉහත කී කාන්තාවන්ට අවස්ථාවක් ලැබුනා නම් කොපමණ අගේ දැයි යැයි ඔවුන් සිතනවා විය හැකයි .(නු)
ෂිරෝමි, මනස පහළ මට්ටමක තියෙන අය ළං කරගන්නද ඔයාලා අසංවර ඇදුම් අදින්නේ? (නි)
කුමාරි : රෑ කියන්නේ මහ දවල් ද ? පිහියක් පෙන්නලා බයකලාම කෑ නොගැසීම කැමැත්ත දීමක් ද? කාන්තාවක් වෙලත් ඔබ ඔහොම කියනකොට මෙවැනි පිරිමි ගැන කුමන කතාද(නු)
මේ මිනිස්සුන්ව අල්ලලා යවන්න තියෙන්නේ සෞදියට. (නි)
මෙවන් උද්ඝෝෂණ සඳහා නායකත්වය දිය යුත්තේ සියලු ජන කොටස් වලට පිළිගත හැකි සංවිධානයකි. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කාන්තා හිංසනය වැනි ක්‍රියා වලට විරුද්ධ වීම සමාජයේ සියලුකොටස්වල වගකීමකි. අසල්වැසි ඉන්දියාවේ දක්නට ලැබුනේ පක්ෂ, ආගම් බේදයකින් තොරව සමාජයේ සියලු කොටස්වල නැගී සිටීමකි. නව දිල්ලි විශ්ව විද්‍යාල සිසුන්ගේ සහභාගිත්වය ඉතා කැපී පෙනුණු සිදුවීමකි. අපගේ සරසවිවල සිසුන් මෙවැනි සමාජ ප්‍රශ්න වලදී ඇල්මැරුණ ප්‍රතිචාරයක්වත් නොදැක්වීම මවිතයට කරුණකි. (නි)
පෙලගැසුණ එකට සතුටුයි. නමුත් එතනදී දේශපාලනීකරණය වෙන්න එපා. එතකොට මිනිස්සු කියයි, බොරදියේ මාලු බෑවා කියලා.ඒකට අපි අකමැතියි. (නි)
සිසිර හරි. (නි)
ඔන්න දැන්නම් බේරිලා ඉන්න හම්බවෙන්නේ නැහැ (දී)
මම ඒ වැඩේ වරදක් දකින්නේ නැහැ (දී)
කාන්තා දූෂණයට කාන්තාවගේ පැත්තෙන් ඇති දායකත්වය ගැනත් හිතුවොත් හොදයි. (නි)
ෂරියා නීතිය ලංකාවට ගෙනාවා නම් මේ වගේ අපරාධ වෙන්නේ නැහැ. එතකොට මිනිස්සු වැරදි කරන්න බය වෙනවා. ෂරියා නීතිය තිබුණා නම් ගල් ගහලා මරන්නේ. (නි)
හැම කාන්තාවම කලිසම් ඇන්දා නම් හරි. (නි)
කෝ.. මේවට කෑගහන කට්ටිය..!(නු)
ගමගේ ඔබ හරියටම හරි. මේ කතාව බාගෙට දැනැගෙන කතා කරන්න එපා.. එක පැත්තකින් බලනකොට රටවිනාශ වෙන්නෙත් මේ වගේ උන්දලා නිසා තමයි. මේ කාන්තාව විජේරාමේ කෙනෙක් නෙවෙයි. පොඩ්ඩක් හිතන්න මහා දවල් බලෙන් බස් එකෙන් බස්සල, බලෙන් ට්‍රීවීල් එකක දාගෙන, පාලු පොදු ළිදක් ලගට ගෙනිහින්, කට්ටියක් බලෙන් දුෂණය කරනකම් සද්ද නොකර ඉදල තියෙනවා. වටේ පිටේ අය 119 කෝල් කරලා තියෙන්නේ. මේ ළිද ලගට බලෙන් තියා නිකමටවත් කෙනෙක් ගියොත් වට පිටාවේ පාරේ යන කට්ටියට හොදට පේනවා. කැම්පස් යන ළමයි ඒවගේම විශාල සෙනගක් මේ පාරේ නිතර යනවා. ලක්වනිතා පෙරමුණේ ශාන්තිනි කෝන්ගහගේ මහත්මියනි, මේ වගේ කාන්තාවන් ගැන නොසොයා පාරිවසේ අතවර වලට ලක්වෙලා අනන්ත දුක් විධින පොඩි මල් කැකුළු ඉන්නවා රජයේ නිවාස වල. ඒ ය වෙනුවෙන් කතා කලාම ප්‍රසිද්ධියක් නම් නැහැ .. ලක්වනිතා පෙරමුණේ සභාපතීනි රටේ අසරණ කාන්තාවන්ට නින්දා කරන්න එපා. (නු)
ආර්.ආනන්ද : මේ වගේ කතා කියන්න එපා . මෙතන එහෙම ඇඳුම් ප්‍රශ්නයක් නැහැ. කාන්තාවක් මාලයක් මාලයක් දාගෙන යනකොට, හොරෙක් එක දැකල, අගේ බෙල්ල කපල මාලේ හොරකම් කරලා හොරා කිව්වොත් වටිනා දේ පෙන්න තියෙන නිසා කලා කියලා?
මෙවැනි ස්ත්‍රි දුෂන මුස්ලිම් කාන්තාවන්ට වූ බවක් අහන්ට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. හේතුව ඒ අයගේ සංවර ඇදුම. ඉතාම අසංවර ආකාරයෙන් සහ තව අයෙකුෙග් හැගම් ඇවිස්සෙන අයුරින් තම සිරුර ප්‍රදර්ශනය කිරිමේ විලාසිතාව නිසා මෙවැනි දේවල් සිදුවෙනවා. ඒනිසා කාන්තා සංවිධාන මේ ගැනත් අවදානය යොමු කිරිම වැදගත්. (නු)
හැමදේකටම සීමාවක් තියෙනවා.. දැං වවතින ජීවති සටනේ පීඩනය විද දරා ගන්නට අමාරුයි.. කාන්තාවන්ට වෙන අපරාධවලට එරෙහිව කාන්තාවන්ම නැගී සිටිය යුතුයි.. ජයවේවා සහෝදර වරියනි..!(නු)
පුෂ්පාගේ ප්‍රාර්ථනය එසේම ඉටු වේවා! (නි)
කාන්තාවන්ම පෙළ ගැසීම ඉදිරියටත් කළ යුතුයි. රටේ නොහොඹින වැඩ කරන අයට පාඩමක් උගන්වන්න. (ස)
මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා නතර කරන්න පක්ෂ, ජාතිථ ආගම් බේදයෙන් තොරව පෙල ගැසීම තමයි වඩා වැදගත් වෙන්නේ. (ස)
‘‘ අපි සංවර ඇඳුම් අදිමු “ කියන සටන් පාඨයත් ගන්න. (ස)
කාන්තාවන්ට තියෙන ගෞරවය නැති වෙන්නේ සමහර කාන්තාවන් කරන වැඩ වලින්මයි (දී)
කාන්තා විමුක්තිය (දී)
බණ්ඩාර මහතාගේ කතාවට මමත් එකගයි... රටේ තරුණ බුද්ධිමතුන් ලෙස විශ්ව විද්‍යාලයේ සිසුන් මෙවැනි ප්‍රශ්නවලදි ඉදිරියට පැමිණිය යුතුයි..!(නු)
වැරදී වැඩ වලට ඉඩ දෙන්න එපා (දී)
නව දිල්ලි විශ්ව විද්‍යාල සිසුන්ගේ සහභාගිත්වය ඉතා කැපී පෙනුණු සිදුවීමකි. අපගේ සරසවිවල සිසුන් මෙවැනි සමාජ ප්‍රශ්න වලදී ඇල්මැරුණ ප්‍රතිචාරයක්වත් නොදැක්වීම මවිතයට කරුණකි.(නු)
තමන් විසින් මිනිස් කම නැතිකරගන්නා මිනිසුනේ මරණින් මතු කොයි ලොව යන්නේ..!(නු)
කාන්තාවන් ඉදිරියට එන එක හොදයි.. එත් එය සත්‍ය පරමාර්තයෙන් කරනවානම් තමයි හොද? පිටරටවල ඩොලර් බලාගෙන නැතිව..!(නු)
මේ පළමුවෙනි වතුර බිංදුවයි. වතුර බිංදුව බිංදුව එකතු වී මහා ජලධාරාවක් වී සියළුම කාන්තා විරෝධී, මිලේච්ඡ ජඩ වැඩ සේදී යනු ඇත. (නි)
කුමාරි හෝ කුරුවිටගේ බිරිඳ ළිඳ ළඟදි මුන්ට අහුවුණා නම් ඔය කතා ඔය විදියටම කියයිද? (නි)
ස්ත්‍රී දූෂණයට එරෙහිව නිසි දඬුවම් ලබා දෙන්න (ස)
අපි සංවර ඇඳුම් අදිමු “ කියන සටන් පාඨයත් ගන්න.(නු)
මේ කාන්තා සංවිධානයට මම යෝජනාවක් කරමි.. අර තංගල්ලේ සභෘපති ස්ත්‍රී දූෂණ සහ අකුරැස්සේ සුනිල් ඔය සංවිධානයේ සභඵාපති හා ලේකම් කරන්න.. ඊට පස්සේ ස්ත්‍රී දූෂණ අමාත්‍යංශයක් පිහිටුවන්න.. (නු)
මෙයාලත් ඉන්දියාවේ ගෑණු වගේ කරන්න හදනවද ? (ස)
වැරදි කරුවන්ගේ ඡායාරූප ජනමාධ්‍යයන් හරහා ප්‍රසිද්ධ කර උපරිම දඬුවම් ලබා දෙන්න. (ස)
ආචාර්යතුමාගේ විග්‍රහය දෙස බැලුවිට මේ අය නැවත උපදින්නේ හතර මං හන්දිවල කොල්ලන්ගේ පාෂණ කැබලිති වලින් පහර ලබන සුනඛන් ලෙස බව පෙනී යයි. (නි)
කුමාරි හරි.. මේ ගැහැණු කෙනා කෑගහලවත් නැහැ.. බලන්න අන්තිමට 119ට කතා කළ කෙනා වැලිකඩ යයි..!(නු)
කොපමණ මේ රටේ කාන්තාවන් දූසණය කරනවාද, දවස ගානේ? මේ දේවල් වලට විරුද්ධ වීම ඉතාම හොදයි. හැබැයි කළ යුතුව තිබුනේ මීට පෙර. කෙසේනමුත් තරාතිරම් නොබලා උපරිම දඩුවම් දෙනු! කාන්තාවනුත් කළ යුතු ඉතා වැදගත් යමක් ඇත. ඒ අඩ නිර්වස්ත්‍ර ඇදුම් වලින් වැළකීමයි. මිනිසුන්ගේ හැගීම් අවුස්වන්න එපා. (නි)
කාන්තාවන් සංවරව අදින එකේ වාදයක් නැහැ. නමුත් ලංකාවේ පිරිමි පාර්ශවය මේ තරම්ම මන්ද බුද්ධිකයි කියලා ලෝකයට දැනගන්න අරින එකයි මට තියෙන දුක. (නි)
කාමය තුළ සැබවින්ම අතිශයෝක්තියෙන් හුවා දක්වන තරමේ උත්කෘෂ්ට අරුමෝසම් බවක් ගැබ් වී නැත. එය මනුෂ්‍යයා සේම තිරිසන් සත්වයාහටත් පොදු සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයක් පමණි. ශාක හා ඇතැම් ක්ෂුද්‍ර ජීව විශේෂ මෛථුන ක්‍රියාවළියෙන් පරිබාහිරව තම පැවැත්ම නොසිඳ පවත්වා ගැනීමට සමත් වන බව නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. (නි)
වර්තමාන සමාජයෙහි විද්‍යමාන නොයෙකුත් ඇබ්බැහිකම් අතර කාම වින්දනයෙහි සීමා මායිම් නොමැති බව පැහැදිලිවම කැපී පෙනේ. එයට නූතන තාක්ෂණය නිසා දියුණුව ඇති අන්තර් ජාලය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධාන දායකත්වයක් සපයනු ලබන බව පැහැදිලිවම දක්නට ඇත. මේවායෙහි කාමය අමු අමුවේ ඉදිරිපත් කරන්නේ මිනිස් සිත් සතන් ආවේගශීලී වන ආකාරයටය. (නි)
දැන්නේ තේරුනේ. කුරුවිට මහතාට කුමාරි කියන එකට විරුද්ධව ලියන්න බැහැනේ. කොහොම වුණත් ළිඳ ළගින් යනකොට ඔහෙත් තනියට යන එක හොදයි . (නි)
කෝ මේ කෑගහන කට්ටිය..!(නු)
ඇතැම් සත්ව වර්ගයා තුළ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් ලෙස පවතින මෛථුන ක්‍රියාවළියෙහි පවා සැබෑ තත්වය නම් එය දැන් මහත් සේ උත්කර්ෂණයට නංවා පෙන්වන කෘතිම අගය නොවන බව දත යුතුය. මිනිසා සෙසු ජීව හා සත්ව විශේෂයන්ට වඩා උසස් වන්නේ බුද්ධිමත් නිර්මාණශීලී උසස් මානසික මට්ටමක් මිනිසාට උපතින්ම හිමිව ඇති හෙයිනි. ඒ නිසා වෙනත් ජීව හෝ සත්ව විශේෂ අතර සිදුවන මෛථුන ක්‍රියාවළියට වඩා මිනිස් හැසිරීම උසස් තළයක පැවතීම අනිවාර්යෙන් සිදුවිය යුතුමය. මෛථුන ක්‍රියාවළියට සමගාමී ලෙස ආදරය, ප්‍රේමය හා සෙනෙහස වැනි සංවේදී මානුෂික හැඟීම් ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසාමය. (ස)
අපේ අයට නම් පිහි බෙදන්න එපා හොදද?(නු)
ආනන්ද මොනවා මේ කියන කතා.. කාන්තාවක් ලස්සට හැඩට අදින එක දිහා ලස්සන විදියට බලන්නෙ නැතිව,.... (නු)
මෙතන කිසිම විශ්වාසයක් නැහැ ඔය කාන්තා සංවිධානය ගැන.. ඒගොල්ල ප්‍රසිද්ධ වෙන්න කරන දෙයක් මේක.. නැතිව කාන්තාවන් වෙනුවෙන් කරන අවංක ක්‍රියාවක් නෙමෙයි.. ශාන්තිනී කොන්ගහගේ කියන්නේ ඡන්දය පැරදුණ සරත් කෝන්ගහගේගේ බිරිද(නු)
බලධාරීන් මේවා ගැන තමයි අවදියෙන් ඉන්න ඕනෑ. (නි)
77 පස්සෙ මේ ආව ආර්ථිකයෙන් දැහැමි සාමකාමී රට උඩු යටිකුරු කළා.. නාලිකාවලින් පෙන්වන විකාර රූපී දේවල් සහ වෙළදදැන්වීම් මේවායේ දණහිසෙන් පහළ ගවුමක් ඇදගත්ත කාන්තාක් ඉන්නවාද? මේවා ගැන නොසිතා මේවා නවත්තන්න බැහැ..!(නු)
බන්දුල, නිකන් පිස්සු කතා කරන්න එපා. කුමාරි කියන්නේ මගේ බිරිද. එයා හැමදාම වැඩ ඇරිලා ගෙදර එන්නේ ඔය ළිද ළගින්. (නි)
කෙනෙක් තවකෙකුට ඉරිසියා කරන්නෙ තමුන්ට නොලැබෙන දෙයක් අනෙකාට ලැබීම පිළිබඳ හෝ ලැබෙන්න යෑම ගැන හටගන්නා තෘෂ්ණා ව නිසයි.රහස් පොලිස් පරීක්ෂණයක යෙදෙන කාන්තාවගේ පිලීකුල් සහගත සාවද්‍ය අදහස් දැක්වීමට පසුබිම් වූ ඉරිසියාව කුමක්ද? (ස)
මිනිසුන්ගේ ආකල්ප වෙනස්වෙන්නේ නැතිව මේ යන ක්‍රමය වෙනස් කරන්න බැහැ.. අපේ මිනිසුන් ආත්මාර්තකාමීයි.. ඒ නිසා අනිත් අය වෙනුවෙන් වෙලාවක් නැහැ.. අප වටා ඉන්න මිනිසුන් සෑම වෙලාවෙම ඔවුන්ගේ යහපත සදහා රට පාවා දෙනවා..!(නු)
මට ලොකු සැකයක් තියෙනව කුමාරි සහ කුරුවිට මේ කාන්තාව දූෂණය කරපු කල්ලියෙ දෙන්නෙක්ද කියල. (නු)
වර්තමාන සමාජයේ වෙසෙන බොහෝ ස්ත්‍රී, පුරුෂයින්ගේ විවාහය ප්‍රමාදවීම වෙනත් සමාජ අර්බුද රාශියකට අත වැනීමක් බවට පත්ව ඇත. ක්ෂණික, අසම්මත, විෂම,අයථා ලිංගික චර්යා බඳු අපචාරී දේ සමාජයේ ව්‍යාප්ත වීමට ද මෙබඳු මානව අවශ්‍යතා නිසිලෙස නිසි කලට වේලාවට සම්පුර්ණ නොවීම හේතුවන බව සමාජ විද්‍යාඥයින් විසින් පෙන්වාදී තිබේ. (නි)
විලාසිතාවලට ස්ත්‍රිය ලබාදෙන ප්‍රමුඛ ආකල්ප පවුල් සංස්ථාවේ අර්බුදවලට තුඩුදී තිබේ. ස්ත්‍රියගේ මාතෘ ආකල්ප ගිලිහීයෑම අනියම් සබඳතාවලට සෘජුවම බලපායි.මෙම ගති ලක්ෂණ විලාසිතාවක් ලෙසද ඇතැම් ස්ත්‍රීවාදී ආකල්ප සහිත කොටස් අතර ව්‍යාප්තව පවතී. සෑම දෙයක්ම කිරීම පිණිස ස්ත්‍රියට ඇති සමාජයීය බලපත්‍රයක් ලෙස ද අසම්මත චර්යා සැලකීමට මෙබඳු අය පසුබට නොවේ. (නි)
තමා නිරන්තරයෙන් පෙළනුලබන දුක්ඛ දෝමනස්සයට වගකිවයුතු පුද්ගලයෙකු නොදකින මිනිසා එහි වරද පවරන්නේ පුද්ගලයානුබද්ධවය. එය හුදෙක් පුද්ගලයෙකු නිසා ඇති වන්නක් නොව සමාජ ක්‍රමයෙහි පවතින දුර්වලතා නිසා බව වටහාගැනීමට තරම් මෙබඳු පුද්ගලයන් දියුණු චින්තන ශක්තියකින් සමන්විත නොවීමද මෙහිදී කැපී පෙනේ.මෙබඳු පුද්ගලයින් තමා පසුවන දුක්ඛිත තත්වයට පත්කළ මුළු මහත් සමාජය කෙරෙහිම ඇති කරගන්නේ බලවත් ද්වේෂ මූලික හැඟීමකි. (නි)
ඇතැම් පවුල් සංස්ථා තුළ මව්පිය සෙනෙහස දරුවන්ට අහිමිය. ස්ත්‍රී, පුරුෂයින් විදේශගත වී විවිධ වෘත්තීන්හි නිරතවීම, පියා ආරක්ෂක රැකියා වැනි පූර්ණකාලීන වෘත්තීන්වල නිරතවීම නිසා දරුවන් හැදී වැඩෙනුයේ දෙමාපිය ආදරය අහිමි පසුබිමකය. මෙය සමාජගතව සිදු වන සුවිශාල අර්බුදයකි. අහිමි මව්පිය සෙනෙහස වෙනත් තෙවන පාර්ශව වෙතින් පැතීමට දරුවන් යොමු වේ. එය ළමා අපචාර, මෙබඳු සාමූහික කාන්තා දූෂණ, අපයෝජනවලට අත වැනීමයි. (නි)
මෙසේ ස්ත්‍රී දූෂණ වලට සාමූහිකව දායයත්වය ලබා නොදීමට නම් අනුන්ට අත නොපා ජීවිතය සාර්ථකව ගතකිරීමට නම් ආර්ථික, අධ්‍යාපනික අංශවල වැඩ කටයුතු දියුණු කර කිසියම් සමාජ මට්ටමක් ගොඩ නඟාගත යුතුය. එහෙයින් ඒ කරුණු ඉටු කර ගැනීම පිණිස කාලය,ශ්‍රමය,ධනය කැප කිරීම නිසා විවාහය ප්‍රමාදවීම මෙහි අනෙක් පැතිකඩයි. (නි)
තරඟකාරී දිවි පෙවෙත නිසා නිරතුරු චිත්තවේගික ආවේගශිලී බවෙන් හා මානසික ආතතියෙන් කාලය ගත කරන්නට වර්තමාන මිනිසාට සිදු වී තිබේ. මේ නිසා වර්තමාන මිනිසා නිරන්තරයෙන් දිවි ගෙවන්නේ අසහනය සිත්හි දරා ගෙනය. ඔවුන් සංවිධානාත්මකව ස්ත්‍රීන් දුෂණය කිරීමට පෙළඹෙනුයේ බොහෝ විට මේ හේතුව නිසා බව අධිකරණ මනෝ වෛද්‍ය විද්‍යාත්මක සාධක මඟින් තහවුරු වී තිබේ. (නි)
දිගු කලක් මෙරට යටත් කරගෙන සිටි විදේශික පාලන රටාව මඟින් පෙර බුදු දහම මත පදනම් වූ අල්පේච්ඡ දිවි පෙවෙත මිනිස් ජන ජීවිතයෙන් ඉවත් වී වාණිජ පාරිභෝජන ආර්ථික රටාව විසින් මිනිසා බහුභාණ්ඩික තත්වයට පත්කරවීය. මූලික මිනිස් අවශ්‍යතා සංතෘප්ත කර ගනිමින් සැහැල්ලු ලෙස ජීවිකාව ගෙනයනවා වෙනුවට හැකිතාක් අධි පාරිභෝජන රටාවකට ගැති වූ එමෙන්ම පවතින සමාජ ආර්ථික ක්‍රමයෙහි වහළෙක් බවට මිනිසා පත්විය. මෙවැනි සාමූහික ස්ත්‍රී දූෂණවලට මිනිසුන් පෙළඹී ඇත්තේ ඔවුන්ගේ අධි පාරිභෝජනවාදී කාමුක අවශ්‍යතා සංසිඳවා ගැනීමට පෙළඹීම නිසාය. (නි)
මම හිතන්නේ ගැහැණු එක්ක ලිංගිකව එක් විය යුත්තේ ඔවුන් කැමති නම් පමණක් කියායි. (නි)
ඔය උද්ඝෝෂණ වලට වියදම් කරන සල්ලි යොදවලා අරුන් ටික ගස් යවන්න වැඩක් කළා නම් ඉවරයිනේ. (නි)