ඉකුත් 24 පැයේ වැසි සමග කන්තලේ වැවේ වාන්දොරටු 10න් හතරක් අඩිය බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු ඩබ්ලිව් එල් නිපුන බුද්ධික මහතා කියයි.
විවෘත කළ දොරටුවලින් ජලය තත්පරයට ඝන අඩි 800ක් පිටවේ.
වැවේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි 114000ක් බවත්, දැනට අක්කර අඩි 108000ක් පිරී ඇති බවත්, ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්තලේ මොර සුරන වැස්ස. මෙහේ පායනවා. වැහි කාලෙට එහෙ ජලය මෙහෙටත්, මෙහෙ ජලය ඒ පළාත්වලටත් යවන ක්‍රමයක් යෝජනාකරන්න.(නදී)