(බිමල් ඇමරිකාවේ සිට) ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිවිල් නගරයේ බෞද්ධ විහාරයේ කඨින පිංකම පැවැත්විණි. ලුවිවිල්හි වැඩ වසන ඇඹිලිපිටියේ නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සංවිධානය විය. ලුවිවිල් හා අවට නගර වල වෙසෙන ශ්‍රී ලාංකික, තායිලන්ත, බුරුම, නේපාල බෞද්ධයෝද ඇමෙරිකානු ජාතිකයන්ද පිංකමට එක්වූහ. දහවල් පිණ්ඩපාත චාරිකාවක්ද විය. කඨින චීවරය රැගත් පෙරහර බෞද්ධ කොඩි, සේසත් වලින්ද, දවුල් හා තම්මැට්ටම් නාදයෙන්ද, සම්ප්‍රදායික උඩරට නිලමේ ඇදුමෙන්ද අලංකාර විය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙත් මෙවැනි බෞද්ධ වත් පිළිවෙත් ඉටුවෙන බව අසන්නට ලැබීමත් සතුටක්. (නි)
සිංහල, බෞද්ධ කම අත් නොහළ අපේ පිරිසක් ඇමෙරිකාවේ සිටීම ආඩම්බරක්. මෙවැනි පුවත් අපට ලබාදෙන ලංකාදීපයට ස්තුතියි.(ස)
නිලමේ නම් හොදයි. ඒත් බෙරකරුවන්ට මම කැමති නැහැ. (නි)
බුදු දහම නීතියක් නිසා අදහන්නන් නොමැත එය උතුම් සත්‍යතාව නිසාම අනුගමනය කරති.(නු)
බොහොම සතුටුයි මේවගෙ පිංන් කම් කරන එක , සාදු සාදු සාදු !! (ස)
නිලමේ සෑහෙන්න වියදම් කරලා වගේ (ස)