කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (03) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිල බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 209 කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකාව මේ වන විට තරගයක් ජය ලබා තරගයක් පරාජයට පත්ව සිටියි.
බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ස්ටෙෆෙනි ටේලර් පන්දු 137 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 171 ක් රැස්කරමින් තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව බවට පත්වූවාය.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 368
(ස්ටෙෆෙනි ටේලර් 171, ඩිනන්ද්‍රා ඩොටි 50, මිරිස්සා ඇගුලෙයිරා නොදැවී 47, කෙයිසොනා කිං 44, කෙයිසායා කිං 30, චමනි සෙනෙවිරත්න 72/2, ශෂිකලා සිරිවර්ධන 58/2, ෂෙරීනා රවිකුමාර් 69/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 40 කදී සියලූ දෙනා දැවී 159
(දීපිකා රසාංගිකා 28, ප‍්‍රසාදිනී වීරක්කොඩි 22, යශෝධා මෙන්ඩිස් 17, ඩිලානි මනෝදර 17, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 14, ශාකුනා කුයුනිටි 32/3, ෂනෙල් ඬේලි 35/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බලාපොරොත්තුව සුන් වෙන පාටයි.(නදී)
ජය පරාජය කියන්නේ ඔන්න ඕකයි ළමයිනේ. (නි)
කලින් තරඟයේ නැවත විකාශය නවත්වන්න. (නි)