ලෝක අනු ශූර බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට සමත් විය.
දෙරට අතර අද (26) පැවැති තෙවැනි සහ අවසන්, තීරණාත්මක තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකවෝ ලකුණු 33 ක ජයක් ලැබීමට සමත් වූහ.

ලකුණු 192 ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට  ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 158 ක් පමණි. ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකාරියන් සිවුදෙනකු දුවද්දී දැවී යෑම නිසා පරාජය වැළදගැනීමට සිදුවිය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 191 (කිසියා නයිට් 14, ස්ටෙෆෙනි ටේලර් 18, මිරිස්සි අගුලෙයිරා 29, ඩිනේන්ද්‍රා ඩොටි 16, කිෂෝනා නයිට් 24, ෂෙමනි කැම්බල් 37, චමනි සෙනෙවිරත්න 33/4 ඒෂානි ලොකුසූරිය 25/2, ඉනෝකා රණවීර 32/2)

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 158 (චමරි අතපත්තු 21, ශෂිකලා සිරිවර්ධන 29, ඩිලානි මනෝදර 16, ශ‍්‍රීපාලි වීරක්කොඩි 17, ටි‍්‍රමනේ ස්මාර්ට් 26/2)

ඡායාරූප - ශාන්ත රත්නායක

ඡයාරූප - ශාන්ත රත්නායක