(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් ක්‍රියාත්මක වන හෙයින් ඔහු වහා එම ධූරයෙන් ඉල්ලා අස්විය  යුතු බව සමගි  ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය

තමාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අල්ලස් කොමිසමේ වාර්ෂික අයවැය කතානායකවරයා පසුගිය අට වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද  නීති විරෝධී බව දයාසිරි  ජයසේකර මහතා පෙන්වා දෙයි.

තවද කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පත් කරන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමෙන් ළබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන හෙයින්  ඔහුට එම ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට හැකියාවක් නැති බව  දයාසිරි ජයසේකර මහතා පවසයි.

දැන් කතානායකවරයාට ඉල්ලා අස්වීම හැර වෙන කිසිදු විකල්පයක්  නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසුවේ  පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.