දෙල්ගොඩ නගරයේ ආපන ශාලාවක ජල ටැංකියට වස මිශ්‍ර කර ඇතැයි එහි හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මීගහවත්ත පොලීසිය පරීක්ෂණයක් ඇරඹීය.
කරාමයෙන් එන ජලයේ කෘමිනාශක ගඳක් දැනී කොත්තු බාස් අයිතිකරුට දැන්වීය.
ටැංකියේ ජල සාම්පල රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අචිනී විරසිංහ කියන අදහස සමඟ මම එකඟ වෙමි. වර්තමාන සමාජයේ මිනිසුන් අතර පවතින මුදල් සෙවීමේ තරඟකාරී ස්වභාව නිසා අචිනි කියන පරිදි මිනිසුන් අතර පවතින මානසික සංහිඳියාව දුරස්ව ගොස් ඇත. මේ නිසා අද මිනිසුන් තුරඟ තරඟ රටාවකට අවතීර්ණව ඒකායන අරමුණ ලෙස සියළු මිනිස්කම අමතක කොට මුදල් පසුපසට ලුහු බැඳ යති. එවැනි නොමිනිසුන් අතින් මෙවැනි දේවල් සිදුවීම අචිනි කියන්නාක් මෙන් සිදුවීම පුදුමයක්ද නොවේ. (නි)
හොද කොත්තු බාස්... දෙන්න ඕනෑ තොත්තු දෙකක්... (නි)
ලංකාවේ පන්ති භේදය කවදාද අවසන් වෙන්නේ? (නි)
කල්පනාවෙන් ජිවත් වෙන නිසා හොදයි (දී)
ඇයි දෙයියනේ එයාට කොත්තු බාස් කියන්නේ? (නි)
ඔබට පින් (දී)
නියමයි. (නි)
කොයි තරම් හොද මනුස්සයෙක්ද? කොත්තු බාස්ගේ නම කියන්න.(නදී)
ඇයි අනේ අපේ මිනිස්සු මෙතරම් ජරා දේවල්වලට පෙලඹෙන්නේ.(නදී)
හොද පුද්ගලයෙක්..!(නු)
ධර්මද්වීපයට මේ මොනවද වෙන්නේ.(නදී)
මිනිස්සු ඇයි මේ තරම් තිරිසන් වෙන්නේ බොන වතුර ටැංකියකට වස දාන්න තරම්. (දී)
තමා කරන රැකියාව විමසිලිමත්ව කිරීම ගැන සතුටුයි. (ත)
නීලා කියන එක ඇත්ත තමයි මේ මහත්මයාට කොත්තු බාස් නොකියා අරක්කැමි මහතා යන්න යොදන මෙන් කාරුණිකව ඉල්ලමි.(නදී)
මේ කොත්තු බාස් මිනිස්සුන්ට කොච්චර බොරු කියලා ඇද්ද? (නි)
ඔබ වැනි අයට ලැබෙන ප්‍රතිචාර මදි. බනින්න නම් ඕනතරම් මිනිස්සු හිටියා. හොද වැඩ කරන අයව අගය කරන්න කව්රුත් නැහැ.(නදී)
මේ ගැන මට කියන්න තියෙන්නේ කාරණා දෙකයි. 1. බාස් කියන වචනේ ඇති බාලකමක් නැහැ. 2. අපේ රටේ පෙට්ටි කඩවල සහ හෝටල් බොහොමයක හදන කොත්තු වලට අමුතුවෙන් වස දාන්න දෙයක් නැහැ. (නි)
මම හිතුවේ බේරේ වැව කියලා.(නදී)
ඕවා මහ නරක වැඩ.(නදී)
කොත්තු බාස් මහත්තයට තොත්තු ගොඩක් දෙන්න වටිනවා.(නදී)
අන්න මිනිස්සු (දී)
ඔබ නියම මහත්මයෙක්. (නි)
එලකිරි, කොත්තු අයියා.(නදී)
මෙන්න සුපිරි වීරයෝ. ඔබ කළ දෙය අගයමු.(නදී)
මෙය විහිළුවක් නෙමෙයි. ඔහු ගොඩක් ජීවිත බේරුවා.(නදී)
ජීවිත රැසක් බේරුණ එකම මදෑ. (නි)
හොද වෙලාවට වතුර ගැන සැලකිලිමත් උනේ (දී)
මට නම් පුදුම ආපනශාලා හිමියෙක්ට ගද සුවද දැනෙන එකයි. (නි)
බාස්ලා ගෙවල් හදනකොට, සෙම් හොටු, දුවිලි, දහදිය, නරක්වෙච්ච එළවලු, මළපහ ආදිය ආහාර වලට දමන්නේ නැති නිසා මේසන් බාස්ලට අරක්කැමි කියලා කියමු. (නි)
කොත්තුත් හරාම් කරන්නද දන්නෙ නැහැ හදන්නේ? (නි)
කොත්තු බාස්ට තොත්තු කොහොම වෙතත් පත්තු බදින්න වෙයිද දන්නේ නැහැ.(නදී)
කොත්තු බාස් ජීවිත ගොඩක් බේරුවා එහෙනම්. (නි)
කොත්තු බාස්ට පින්.(නදී)
කොත්තුබාස්ට ඊට පස්සේ මොනවා වෙයිද?(නදී)
ඔබට ස්තුතියි මහත්මයා. කොත්තු බාස් කියනවට මම නම් කැමති නැහැ.(නදී)
ඇයි කොත්තු බාස් කියන්නේ? (නි)
ඔය බාස් කියන වචනෙ ආවෙ බොස් කියන වචනයෙන් නිසා මේ අයට කොත්තු බොස්, මේසන් බොස්, වඩු බොස්, කියමු. (නි)
විශිෂ්ට මහත්මයෙක්. ඔබට දීර්ඝායුෂ! (නි)
පේනවා නේද පන්ති භේදය? (නි)
හොද විපරමෙන් ඉන්න මනුස්සයෙක් (දී)
තොත්තුවක් දෙන්න වටිනවා (ස)