කණ්ඩලම වැවේ ජල ගිල්ම ප‍්‍රදේශයේ පස් දමා ගොඩකැර ස්ථිර ගොඩනැගිලි සහ වැසිකිළි පද්ධතියක් ඉදිකැරගෙන යතියි ගොවි සංවිධාන සහ ධීවරයෝ පෙන්වාදෙති.
මහවැලි අධිකාරිය යටතේ මෙම වැව පවතින අතර මෙම ඉදිකිරීම් පිළිබඳව වැව භාර මහවැලි නිලධරයන් නොදනිතියි කියති.
කණ්ඩලම වැනි වැවක මීටර සියයක් රක්ෂිතයක් ලෙස සැලකේ.
කණ්ඩලම 40 කොටසේ මේ ඉදිකිරීම් නොපෙනෙන්නට ටකරන් ආවරණයක් සවිකැර ඇතැයි ද ධීවරයෝ කියති.
විශාල පස් කඳු ගොඩ ගසා ජල ගිල්ම සීමා කැර ඇති බවත් එම පස් ටිකෙන් ටික වැවට දියකැර යවන බවත් ඔවුහු කියති.
ඔරුවක නැගී ඉදිකිරීම් සිදුකරන අයුරු දැකගැනීමට අපට හැකිවිය.
ඔවුන් සඳහන් කළ පරිදි එම ඉදිකිරීම සිදුවන අයුරුත් වැව ඉස්මත්තේ විශාල පස් ගොඩ ගසා පුරවා ඇති අයුරුත් මේවා නොපෙනෙන සේ ටකරන් ආවරණය කැර ඇති අයුරුත් ගොඩගසා ඇති පස් වැවට සේදී ගොස් ඇති අයුරුත් දැකගත හැකිවිය.
අප මේ පිළිබඳව ජලාශ භාර ඉංජිනේරු එම්.එම්.එල්. හේරත් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ඉදිකිරීම් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. කඩිනමින් ඒ පිළිබඳව සොයා බලන බව හේ පැවසීය.
කණ්ඩලම අමායා ලේක් සංචාරක හෝටලයේ සාමාන්‍යාධිකාරී එස්. ගුණතිලක මහතා කියා සිටියේ පැරණි ඉදිකිරීම් අලූත්වැඩියාකිරීම් කරන බවයි. ”මේ ස්ථානයේ කැපූ පස් ගොඩගැසූ බව ඇත්ත. අපි ඒක ඉවත් කරන්න කටයුතු කරන්නම්.”






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතය වළ දමා හදන අනාගතය ?? (නි)
පරිසරය වනසනවා කපටින් රජවෙනවා... (නි)
සුන්දරත්වය නිසා තමයි විදේශිකයෝ ලංකාවට එන්නේ (දී)
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමරුව.(නදී)
දැනට එන සංචාරකයින්ගේ ප්‍රමානය වැඩි නිසා හොටෙල් ඉදි කිරීම හොඳ වැඩක්. වැවට හා පරිසරයට අහිතකර නොවන පරිදි ඉදිකිරීම් කලා නම් තමා හොඳ (ස)
අමායා ලේක් හෝටලය පරිසරයට හිතකාමීව පවත්වාගෙන යන සංචාරක නිකේතනයක් බව බොහෝ දෙනා දන්නා කරුනකි. (නදී)
දැන් කෑගහලා වැඩක් නැහැ. එදා සුමංගල හිමියන් ඕකට විරුද්ද වුනේ ඔය ටිත දැක්ක නිසා. අපි උන්වහන්සේගේ අදහස් පිලිගෙන ගමයි, රටයි, වැවයි, දාගැබයි රැත ගනිමු.(නදී)
හෝටලය හදලා ඒකෙන් එන ආදායම අයිති කාරයාට විතරයි ගොවියන්ටයි ධිවරයින්ටයි දෙන්නේ නෑනේ ගාමිණි ඒක නිසා වැව බෙර ගත්තොත් ගොඩක් අයට පයෝජනවත් වෙනවා ඒකෙන් පවුල් විශාල පමානයක් ජීවත් වෙනවා සංචාරකයින් එන එක හොදයි ඒත් දුප්පත් ගොවියො ගැනත් හිතන්න එයාලත් ජීවත් වෙන්න ඔනි ඔය වැවි දියෙන් තමයි (ස)
ලංකාවේ සම්පත් විනාශ වෙන්න කලින් ආරක්ෂා කර ගන්න ඕනේ (දී)
සුභපැතුම් (දී)
අලුත් වැඩියා කිය කියා වැව් තාවුල්ල ගොඩකරලා කබානා ගහනවා. දෙවියන්ටවත් පේන්නේ නෑනේ මේ විනාසේ (ස)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ . මොනවා කරන්නද මන්දා.(නදී)
රාජ්‍ය අනුග්‍රහය නැත්නම් මේවා කරන්න පුළුවන්ද? (ස)
ඔය හෝටලය හින්ද මුළු ගමක් ජීවත් වෙනවා. ඔය වැවට ආදරේ ගොවියොත් අස්වැන්න විකුනන්නේ හෝටලයට.(නදී)
මේ වාරිමාර්ග ඉංජිනේරුවා විරුද්ද වෙන්නේ අමායා ලේක් එක අයිති කරුටද? මේක අනිවාර්යනේම අලුත් පැත්තක් ඉදිකරන්නේ. ලුප්පත් ගොවියන්ට කන්ඩලම වැව අගලෙන් අගල නැතිවෙනවා.(නදී)
අනවසර ඉදි කිරීම් සියල්ල ඉවත් කරන්න (දී)
පරිසරය අපි රක ගනිමු (දී)
හෝටල් හදලා සල්ලි හම්බුකරනවාට වඩා පරිසරය රැක ගැනීම වටිනවා (දී)
ලංකාවේ ස්වභාවික ලස්සන විනාශ කරන්න දෙන්න එපා. (නි)
පරිසරය රැක ගැනීම අපේ යුතුකමක් (දී)
ලංකාව ලස්සන වෙලා තියෙන්නේ මේ පරිසර පද්දති නිසා ඒවා විනාස කරන්න එපා (දී)
හැබැයි අහිංසක දුප්පත් ගොවියෙක් ඔය හරියේ කෙසෙල් පැළයක් හිටෙවුවොත් විනාඩි පහක් යන්න කලින් ඒක නවත්තනවා. (නි)
එකක් හොද වෙද්දී දහයක් නරක් වේ නම් අපි දෙවරක් සිතිය යුතුයි. (නි)
වැවක් ගොඩකරනවා කියන්නේ ජීවිත ගාණක් විනාශ කරනවා වගේ වැඩක්. මොකද වැවේ වතුරෙන් කීදෙනෙක් යැපෙනවද බලධාරීන් පුලුවන් ඉක්මනට මේක නවත්තන්න. (දී)
කන්න ඇතොත් බොන්න ඇතොත් රට උගසට තියාලා..!(නු)
පරිසරය රක ගැනීම අපේ වග කීමක් (දී)
ලංකාවේ සුන්දරත්වය බලන්න මෙරටට එන විදේශිකයෝ මේ රටේ සුන්දරත්වයට ලංකාවේ මිනිස්සු කරලා තියෙන විනාශය දැකලා හිනා වෙවී යනවා ඇති. (නි)
රට පාලනය කරන අයට ඕනෑ මේ රට විකුණලා හරි සල්ලි හොයන්නයි, බලයේ රැදෙන්නයි විතරයි. (නි)
අපේ රටේ ලස්සන නැති කරන්න ඉහළින් ආ සැළසුමක්. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ . මොනවා කරන්නද මන්දා.(නදී)
මොකද මේ වගකිවයුතු නිළධාරීන්ට වෙලා තියෙන්නේ? (නි)
මේවා කරන්නේ දේශපාලකයෝ, මේ හෝටලය හදන එක නවත්වන්න කාටවත් බැහැ.(නදී)