IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කණ්ඩායමක් 100 ට අඩුවෙන් දවාලීමේ ලෝක වාර්තාවත් ශී‍්‍ර ලංකාවට

වසර 41 ක් පුරා දිවෙන එක්දින ජත්‍යන්තර කි‍්‍රකට් තරග ඉතිහාසයේදී කණ්ඩායමක් ලකුණු 100 ට අඩුවෙන් වැඩිම වතාවක් දවාගැනීමට සමත් වූ කණ්ඩායම වශයෙන් ශී‍්‍ර ලංකා පිල බි‍්‍රස්බේන් නුවරදී කි‍්‍රකට් වාර්තා පොතට එක්විය. ඒ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 74 කට දවාගනිමිනි.
මේ දක්වා එක්දින කණ්ඩායමක් ලකුණු 100 ට අඩුවෙන් දැවී ගිය අවස්ථා 95 ක් වාර්තා වී ඇති අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම අවස්ථා 16 කදී සිය ප‍්‍රතිවාදීන් ලකුණු 100 ට අඩුවෙන් දවාගෙන තිබේ.  ඕස්ටේ‍්‍රලියානු පිල අවස්ථා 15 කදී සිය ප‍්‍රතිවාදීන් ලකුණු 100 ට අඩුවෙන් දවාගැනීමට සමත් ව ඇත.
2001 වසරේ කොළඹ එස්. එස්. සී. පිටියේදී සිම්බාබ්වේ පිල ලකුණු 38 කට දවාගැනීමෙන් පසුව කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවට දවාගැනීම සඳහා තමන් සතු වාර්තාව දෙවරක්ම අලූත් කිරිමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ඒ 2003 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩාව ලකුණු 36 කට දවාලීමත්, එයින් වසරකට පසුව සිම්බාබ්වේ පිල හරාරේහිදීම ලකුණු 35 කටත් දවාලීමට සමත් වීමෙනි. මෙම ලෝක වාර්තාව වසර 12 ක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායම සතුව පවතින්නකි.
කෙසේ වෙතත් අවස්ථා 9 කදී ශී‍්‍ර ලංකා කණ්ඩායමද ලකුණු 100 ට අඩුවෙන් දැවී ගොස් තිබේ.
ලොව පළමු එක්දින ජාත්‍යන්තර තරගය 1971 ජනවාරි 5 වැනිදා  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගනයේදී පැවති පැවැති අතර එදා සිට මේ දක්වා (ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවති තෙවන එක්දින ජත්‍යන්තර තරගයත් ඇතුළත්ව) එක්දින ජත්‍යන්තර තරග 3321 ක් පවත්වා තිබේ. 

ශී‍්‍ර ලංකාව විසින් ලකුණු 100 ට අඩුවෙන් කණ්ඩායමක් දවාගන්නා ලද අවස්ථා

35 - සිම්බාබ්වේ  (ඕවර 18.0) . 25/04/2004 හරාරේහීදී
36 - කැනඩාව  (ඕවර 18.4) . 19/02/2003 පාර්ල්හීදී
38 - සිම්බාබ්වේ  (ඕවර 15.4) . 12/08/2001 එස්. එස්. සී. පිටියේදී
54 - ඉන්දියාව  (ඕවර 26.3) . 29/10/2000 සාජාහීදී
67 - සිම්බාබ්වේ  (ඕවර 31.0) . 22/11/2008 හරාරේහීදී
73 - නවසීලන්තය  (ඕවර 26.3) . 01/06/2007  ඕක්ලන්ඞ්හීදී
74 -  ඕස්ටේ‍්‍රලියාව  (ඕවර 26.4) . 18/01/2013 බි‍්‍රස්බේන්හීදී
75 - පාකිස්තානය  (ඕවර 22.5) . 24/01/2009 ලාහෝර්හීදී
76 - බංග්ලාදේශය  (ඕවර 30.1) . 08/05/2002 එස්. එස්. සී. පිටියේදී
77 - අයර්ලන්තය  (ඕවර 27.4) . 18/04/2007 ශාන්ත ජෝර්ජ්හීදී
78 - බර්මියුඩාව  (ඕවර 24.4) . 15/03/2007 පෝර්ට් ඔෆ් ස්පේන්හීදී
78 - ඉන්දියාව  (ඕවර 24.1) . 24/12/1986 කාන්පූර්හීදී
80 - බ. ඉ. කොදෙව්  (ඕවර 30.4) . 14/10/2006 මුම්බායිහීදී
80 - සිම්බාබ්වේ  (ඕවර 28.2) . 01/12/2009 ඩකාහීදී
86 - නෙදර්ලන්තය  (ඕවර 29.3) . 16/09/2002 ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී
88 - එංගලන්තය  (ඕවර 46.1) . 18/11/2003 දඹුල්ලේදී

ශී‍්‍ර ලංකාව ලකුණු 100 ට අඩුවෙන් දැවීගිය අවස්ථා

43 - ද. අප‍්‍රිකාව හමුවේ  (ඕවර 20.1) . 01/11/2012 පර්ල්හීදී
55 - බ. ඉ. කොදෙව්ව හමුවේ  (ඕවර 28.3) . 12/03/1986 සාජාහීදී
78 - පාකිස්තානය හමුවේ  (ඕවර 16.5) . 17/04/2002 සාජාහීදී
86 - බ. ඉ. කොදෙව්ව හමුවේ  (ඕවර 37.2) . 06/07/1975 මැන්චෙස්ටර්හීදී
91 -  ඕස්ටේ‍්‍රලියාව හමුවේ  (ඕවර 35.5) . 28/01/1985 ඇඩිලේඞ්හීදී
96 - ඉන්දියාව හමුවේ  (ඕවර 41.0) . 04/08/1984 සාජාහීදී
98 - ඉන්දියාව හමුවේ  (ඕවර 39.0) . 11/09/1993 සාජාහීදී
98 - ද. අප‍්‍රිකාව හමුවේ  (ඕවර 34.0) . 09/02/1993 ආර්. පේ‍්‍රමදාසහීදී
99 - එංගලන්තය හමුවේ  (ඕවර 33.3) . 29/01/1999 පර්ත්හීදී

 



අදහස් (0)

කණ්ඩායමක් 100 ට අඩුවෙන් දවාලීමේ ලෝක වාර්තාවත් ශී‍්‍ර ලංකාවට

රංග Saturday, 19 January 2013 04:53 PM

නියමයි කොල්ලනේ.. ඔහොම යං..!(නු)

:       0       0

තත්සරණී Saturday, 19 January 2013 05:18 PM

ලක්මෑණිය ලොවට ඔසවා තැබූවෙ ක්‍රිකට් කියන දේයි.. ඒ සමගම අප වටා මේ ලෝක වාර්තා රැසක් එකතු විය.!(නු)

:       0       0

තත්සරණී Saturday, 19 January 2013 05:18 PM

අපේ වීරයන්ට ජය..!(නු)

:       0       0

තත්සරණී Saturday, 19 January 2013 05:19 PM

ජය නියතයි ශ්‍රී ලංකා..!(නු)

:       0       0

ෂිරාශ් Saturday, 19 January 2013 05:59 PM

ඔහොම යමු නෙමෙයි, ඔහොම ගැළවෙමු. (නි)

:       0       0

ලක්මාල් Saturday, 19 January 2013 10:06 PM

ජය නියතයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

දම්මි Saturday, 19 January 2013 10:15 PM

එහෙනම් බඩු මිළ තවත් වැඩිවේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සිංහ Saturday, 19 January 2013 10:21 PM

අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයි (දී)

:       0       0

බුලත්සිංහල Saturday, 19 January 2013 10:21 PM

මේක ගැන හදවතින්ම සුභ පතනවා. ඒත් අවසන් විකට්ටුව හෝ දෙක දවාගනිද්දී ලංකාව තවම ඉන්නේ දුර්වල තත්ත්වයකයි. (නි)

:       0       0

නිශාන්ත Sunday, 20 January 2013 02:41 AM

අපේ අය අඩුවට දැවී යද්දිත් කියන්නේ මෙහෙමම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site