තිළිණ කණ්ඩම්බිගේ (නොදැවී 113) සටන්කාමී ඉනිම නිසා අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට කඳුරට/ඌව ඒකාබද්ධ පිල සුදුසුකම් ලැබීය. එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන කඳුරට/ඌව පිල කඩුලූ 4 කින් කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල පාරජය කළේය.

ලකුණු 311 ක ඉලක්කය හඹාගිය කඳුරට/ඌව ඒකාබද්ධ පිලට අවසන් පන්දුවේදී ලකුණු තුනක් රැස්කිරීමට සිදුවූ අතර තිළිණ කණ්ඩම්බි හතරේ පහරකින් ජයග‍්‍රහණය තහවුරු කිරීමට සමත් විය. කණ්ඩම්බි පන්දු 87 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කළේය. 

උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල  ඕවර 50 යේදී කඩුලූ 4 ට 310

(පබසර වඩුගේ 42, ඉයන් ඩැනියල් 81, සහන් විජේරත්න නොදැවී 90, සමීර සොයිසා 25, ශාලික කරුණානායක නොදැවී 55, දුලංජන් මෙන්ඩිස් 32/2)

කඳුරට/ඌව ඒකාබද්ධ පිල  ඕවර 50 කදී කඩුලූ 6 ට 312

(භානුක රාජපක්‍ෂ 63, කෞෂාල් සිල්වා 39, තිලාන් සමරවීර 39, තිළිණ කණ්ඩම්බි නොදැවී 113, දිල්හාන් කුරේ 16, චරිත් ජයම්පති නොදැවී 24)