කුණුගොඩක් නිසා පාසලක් වැසීමට සිදුවීම බරපතල තත්ත්වයක් බවත්, වසර ගණනාවක් තිස්සේ පැවැති අර්බුදය විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත්ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ කුණු ගොඩ ඉවත් කරනවා වෙනුවට පාසලක් වැසීමට කටයුතු කරීමෙන් සිසුන් මෙන්ම ගුරුවරුට දැඩි අසීරුතාවන්ට පත් වන බවයි.
පාසල වසා සිසුන් ඉවත් කිරිමෙන් පාසල් ළමයින් සහ ගුරුවරුන් පත්වන පීඩාවට තාවකාලික විසඳුමක් ලැබෙන බව බලධාරීන් සිතානම් අවට සිටින ගැමියන්ට දෙන විසඳුම කිමෙක්දැයි ස්ටාලින් මහතා ප්‍රශ්න කරයි.
දේශපාලන අතපෙවීම්වලින් මිදී සැබෑ තත්ත්වය වටහාගෙන ස්ථිර නිසි විසඳුමක් ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලයි.
කොළඹ නගර සභාව කොලොන්නාව මීතොටමුල්ලේ පොතුවිල කුඹුරේ කුණු ගොඩ ගසනුයේ දස වසරක් තිස්සේය. ගමේ පන්දහසක් පමණ ජනයාගේ ජීවිත ඉන් අනතුරට හෙළා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ උනේ කවුද අන්තිමට
පිරිසිදු මනසක් නැතුව ගුරුවරු උගන්වන්නේ කොහොමද ? දරුවන් ඉගෙන ගන්නේ කොහොමද ? මේ කුණු ගොඩේ මෙතෙක් කල් ඉගෙන ගත්තාට තෑගි දෙන්න වටිනවා. නියපොත්තෙන් කඩන් තිබුණු දෙයක් පොරවෙන් කඩන තත්වයට ගෙන ආවේ ඇයි. මේ අතිවිශාල කුණු ගොඩ එකපාර ගෙනැත් දාලා නෙමෙයිනේ.දැකීමත් අප්‍රසන්නයි (ස)
අපද්‍රව්‍ය වහා ප්‍රතිචක්‍රීකරණය කිරීමට පියවර ගතයුතුයි. (නි)
ලොකු ලොකු වැඩ කරන්න කලින් පොඩි පොඩි වැඩ වලින් පටන් ගත්තෙත් නරකද , ආසියාවේ ආශ්චර්‍යයේ සුන්දරත්වය අපිට දැක ගන්නට ලැබේවා. (ස)
මෙම ගඳ පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නිසා බලධාරීන් මින් මතුවට පියවරක් ගනීවි (ස)
මේ මිනිසුන්ට ඇත්තටම හිතන්න බැරිද? මේ පාසලක් ළග මේ තරම් කුණු ගොඩක් ගහන්න.. පාසලක් වහනවා කියන්නේ රටේ සංවර්ධනය අඩාලයි කියන එක... රටට ආදරේ ඇති පිරිසක් මේ පාසලෙන් වත් බිහිවේවා..!(නු)
ඇයි මේ සද්දේ? පාසල වගේද කුණු? කරලා තියෙන වැඩේ හරිනේ. (නි)
අපිට අධ්‍යාපනය එපා. කුණු කන්ද තමයි ඕනෑ. (නි)
දැන් අපේ ලංකාවේ දරුවන් වෙනත් රටවල දරුවන්ට වැඩිය අතිශයින් ගෞරවාන්විතයි. (නි)
මේ කුණු කන්ද නැතිවුණාට තවත් බොහෝ කදු නගරසභා කොට්ඨාශවල තිබෙනවා. (නි)
පාසැල වෙනතැනකට ගෙනිහිල්ලා ඔතන කුණු ෆැක්ටරියක් දැම්මා නම් හොදයි. කුණු පොහොර කරලා හොද ආදායමක් ලබන්න පුලුවන්. එය සාර්ථක වෙන්න නම් කුණු කසල සම්බන්ධ ඇමති කෙනෙකුත් පත්කරන්නට ඕනෑ. (නි)
ඒ පැත්තේ අය කොහොමත් ආසයි කුණු ගොඩවල් භාරගන්න. (නි)
කොළඹ පැතිවල අයට ඩෙංගු බෝවෙන්නේ මේ කුණු කන්ද නිසයි. මේක ඉවත් කරන්න බැරි මොකද මන්දා? (නි)
ඇතියන්තම් කුණු ගඳ ගහනවා කියල තේරුම් ගත්ත එක. (ස)
අද ලංකාවේ පාසලුත් ගදගහන කුණු ගොඩවල් බවට පත්වෙලා (ස)