මිනිස් ආහාරයට නුසුදුසුයැයි තීරණය කොට වළ දැමීමට නියම කළ අර්තාපල්වලින් පැටිස්, මාළුපාන්, එළවළු රොටී හා අල හොදි ආදිය හැදූ බව කියන හෝටල තුනකට අද (6) සිල් තැබූ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා තවත් කඩ 10කට එරෙහිව නඩු පවරන ලෙස නිලධාරීනට නියෝග කළේය.
කුණු අල සුද්ධ කරමින් සිටි තැන් ද, කුණු අල තම්බා තිබූ තැන් ද වැටලූ බව පුරපති කියයි.
අඩුමුදලට දුන් නිසා අර්තාපල් මිලට ගත් බව හෝටල් හිමියන් කියා ඇත.
දරුවන් සමග එම හොටල්වලින් කෑම කිමන් සිටි අය ඇමතූ පුරපතිවරයා එම ආහාර නොගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.
හොඳ අල කිලෝවක් රුපියල් 85කි. කුණු අලවලින් තෝරාගත් අල කිලෝව රුපියල් 25කි.
තමනට අවශ්‍ය ප්‍රමාණය දැන් වූ විට ත්‍රීරෝද රියකින් ගෙනැවිත් දෙන බව ද මේ වැටලීමේදී සොයා ගැණිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණන් මිනිසුන් රැස්වෙන පුදබිමේ මෙවන් මිනිසුන් කොයිබටද යන්නේ? (නි)
මෙතුමාව ආදර්ශයට අරන් අනෙක් නගරාධිපතිවරුත් මේ වැඩේ පටන්ගන්න. (නි)
කරන දෙයක් පරිස්සමින් කරන එක කෝකටත් හොදයි. (නි)
මේ කඩ රාජසන්තක කරන්න. (නි)
පුරපතිතුමා සාධාරණ වූවා නම් එතුමාට අපගේ ප්‍රණාමය! (නි)
මැතිදුණි, ඔබතුමාගේ මගපෙන්වීම සැමටම යහපතක්ම වේවා! (නි)
කඩ හිමියන්ටම කවන්නයි තියෙන්නේ. (නි)
හොදම වැඩේ (නි)
මිනිස්සු බඩ ගින්නටයි කන්න එන්නේ, පිරිසිදුව දෙන්න (දී)
මෙන්න නියම නගරාධිපතිවරු. කොන්ද පන තියෙන මිනිසෙකි ඔබ. වෙන අය නම් කරන්නේ අපි එනවා මේ වෙලාවට, සීල් තියනවා මේ ගාන දීපන් කියලයි... ඔබට ජය!
නැවත කිසි දා මෙම හෝටල් විවෘත්ත කරන්න අවසර දෙන්න එපා. (ස)
පුරපතිතුමනි, වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න. (නි)