කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහ විදුහල අතර කටුනේරියේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ලකුණු 50 ක ජයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහ විදුහල් පිලේ කුමුදු නිශාන් පළමු ඉනිමේදී ලකුණු 30 කට කඩුලූ 7 ක් සමගින් සමස්ත තරගයේදීම ලකුණු 100 කට කඩුලූ 10 ක් දවාලීමට සමත්වුවත් ඔහුට තම විදුහල පරාජයෙන් ගලාවාගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 95 (මිනොද් අශේන් 23, නිසල් ගීත් 16, රුසිත් ගයාන් නොදැවී 17, කුමුදු නිශාන් 30/7, ලහිරු ශානික 23/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 202 (නිසල් ගීත් 59, පසිඳු ලක්ෂාන් 43, රුසිත් ගයාන් 21, මිනොද් අශේන් 17, චතුර නිශාත් නොදැවී 32, ලහිරු ශානික 65/3, කුමුදු නිශාන් 70/3, කසුන් තාරක 35/2)
පී. ද එස්. කුලරත්න මහ විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 78 (රොශේන් නිශ්මන්ත 19/4, පසිඳු ලක්ෂාන් 22/4, රුසිත් ගයාන් 24/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 169 (චලිත චමොද් 33, සචිත් හිරාන් 30, සචින් අවිෂ්ක 28, කසුන් තාරක 21, රොශේන් කී‍්‍රෂ්මන්ත 81/4, චතුර නිශාත් 25/2, පසිඳු ලක්ෂාන් 44/2)
**
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්...! (ස)
ඔබ සැමට වාසනාවන්! (නි)
මගේ සහෝදර නිසල් ගීත් ඇතුළු සියළුම සහෝදරයන්ට උණුසුම් සුබ පැතුම්...(ස)
මගේ සුභ පැතුම්! තවත් ඉදිරියට යාමට හැකිවේවා! (නි)
අපේ සුභ පැතුම්.(නදී)
ලංකාවේම පළමු තැනට එන්නට වරම් ලැබේවා (අ)