කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව-කඩුවෙල දක්වා කිලෝමීටර් 11ක මාර්ගයේ ඉදිකිරීම් ලහි ලහියේ සිදුවෙයි.
ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ රුපියල් කෝටි 2500ක ආධාර මත ඉදිවෙන මෙම කොටසේ පිවිසුම් මාර්ග තුනකි. කොට්ටාව, අතුරුගිරිය හා කඩුවෙල එම මාර්ග තුනය. මෙහි මං තීරු 4කි.
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ චයිනා හාබර් චීන කොන්ත‍්‍රාත් සමාගම ඉදිකිරීම් කරයි.
මෙම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 3.3ක් දිග පාලමක් ද වෙයි. එය ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම පාලම ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
2010 වර්ෂයේ මුල් භාගයේ වැඩ ඇරඹූ මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගදී නිම කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍යවේදීන් සමග නිරීක්ෂණ චාරිකාවක නිරත වූ වරාය හා මහා මාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසීය.
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දෙවැනි හා තෙවන අදියර ලෙස කඩුවෙල සිට කඩවත දක්වාත්, කඩවත සිට කෙරවලපිටිය දක්වාත් අධිවේගී මාර්ග ඉදිකිමට නියමිතය. වසර 2016 අවසානයේදී එහි වැඩ නිම කිරීමට යෝජිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටිතල පහසුකම් දියුණු කරන එක රජයක යුතුකමක්. මෙය සාමාන්‍ය දෙයක්.(නදී)
ලංකාව දැන් ලස්සන රටක් (දී)
ජය වේවා! වාසනා වේවා! ලංකා මාතා... (නි)
අනේ මන්දා. මොනවා කළත් මිනිස්සුන්ගෙ බඩ ගැන නොහිතුවොත් නම්... (නි)
සිංහලයිනි, මෙච්චර අධිවේගී මාර්ග,වරායවල්,ගුවන් තොටුපලවල් හදමින් සංවර්ධනය කරන රට සංවර්ධනය අවසානයේ මුස්ලිමුන්ට දෙන තැනට වැඩ කරන්න එපා. ජාතිය බේරගන්න පෙළ ගැසෙමු. (නි)
මේක ගොඩක් හොද වැඩක්. මේකේ නියම ප්‍රතිලාභය භුක්ති විදින්නේ අපේ දරුවනුයි. (නි)
හැකි ඉක්මණින් රට තවත් දියුණූ වේවා! (නි)
රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...... මාතෘ භූමියයි.... (නි)
සිසිර නිවැරදියි. නමුත් මම කියන්නේ පසුගිය රජය අඩුම තරමින් මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ කළේ නැහැ කියන එකයි. (නි)
ලංකාව දැන් දියුණුයි (දී)
මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ ලංකාවේ කෝට්පතියා වුනේ ඇමති කෙනෙක්. එක ප්‍රභලයෙක් ලංඩන් වල ඇන්ඩ්‍රෘ කුමාරයගේ මාලිගාවක් ගත්තලු. මේකයි අද ප්‍රතිරූපය. ඒකයි ගනන් හිලව් ඉල්ලන්නේ. මේවා ගෙවන්නේ අපි. අපිට ඒක අයිතියක්.(නදී)
ජයවේවා!(නදී)
එක රැයෙන් ප්‍රසිද්ද උනේ (දී)
අරගොල්ලෝ 2014 ආණ්ඩු බලය අතට ගත්තම මේ පාරවල් වල වැඩ ටික දිගටම කරගෙන යනවද කියලා අහලා බලනවද? නැත්නම් සල්ලි ටික අපරාදේ.(නදී)
දිගම පාලම ඉදිවෙන්නේ මල්වාන-කොළඹ පාරත්, අවිස්සාවෙල්ල-කොළඹ පාරත්, අවිස්සාවෙල්ල-කොළඹ ලෝ ලෙවල් පාරත් උඩින් කැළණි ගග හරහා රග්ගහවත්ත - හේවාගම ගන් දෑලේ. හරිම ලස්සනට තියෙයි.(නදී)
අනේ හොඳයි... අනේ හොඳයි... ආස්චර්යක්ම වේවා අනේ හොඳයි..(ස)
ෆොටෝ එකේ ඇමතිතුමා විතරක් හෙල්මට් දාලා නැත්තේ මොකද? (ස)
නිමල් හරි, ඕක තමයි දේශපාලකයෝ මේ රටට දීලා තියෙන පින්තූරය. මේ නිසා කව්රුත් හොදක් කළත් විශ්වාස නැහැ. (නදී)
කෙනත් මහත්තයා කියන කතාව එක්තරා දුරකට හරි. නමුත් මේවා කරන්න නය වෙලානේ. එහෙමයි කියලා නතර කරලත් බැහැ. ඉස්සර ඉදන් මේ වගේ වැඩකරනකොට ගත්ත සල්ලි හොරකම් නොකලා නම් අපි මෙලහකටත් ගොඩ.(නදී)
විෂිශ්ඨයි. ලහිලහියේ නැතුව හරි ප්‍රමිතියට හෙමීට ඉදිකිරීම් කරගෙන යන්න. ගැටලුවක් නෑ.(නදී)
මට යනකල් ඉවසීමක් නැහැ (දී)
ටිකිරා කියන්නේ මහියංගණය පැත්තේ කෙනෙක්ද? (නි)
කෝ සේනාව (ස)
කාටද ආඩම්බර
අධිවේගී මාර්ග හොදයි. නමුත් ගාස්තු නම් ටිකක් අසාධාරණයි. (නි)
මේ පාලමට ගිය කම්බි වලට වඩා වැඩි ප්‍රමාණයක් හොරු අදින්න ඇති (ස)
විවෘත කිරීමේ සන්දර්ශනයට ඇස්තමේන්තුගත මුදලත් අපි දැනගන්න කැමතියි. (නි)
අකුල් හෙළන්න එපා. කකුලෙන් අදින්නත් එපා. ආශිර්වාද කරන්න. (නි)
බැරිද අපිට වෙළදාම දියුණු කිරීම තුළින් උපයන මුදලින් මේ සංවර්ධන වැඩ කරන්න? (නි)
ඇත්තටම රටේ දියුණුව ගැන ගොඩක් සතුටුයි. (නි)
සිල්වා, හයි වේ කියන්නේ කොහොමත් ගෙවලා යන පාරවල් තමයි. (නි)
ඔක්කොම හොදයි. අපිට ආඩම්බරයි. හැබැයි රටේ වෙන මිනීමැරුම් වැඩියි. මේ රටවල මිනිස්සු අහන දේවල්වලට ලැජ්ජාවේ බැහැ.(නදී)
දැන් නම් අපිට පෙට්‍රල් මිළ වැඩිවුණත් කමක් නැහැ. (නි)
රජයෙන් කරන මේ වැඩ නියමයි...(ස)
අපේ රටත් වැඩි කල් යන්න කලින් සංවර්දිත රටක් බවට පත්වෙයි නේද (දී)
ලංකාවේ මොන මොන ප්‍රශ්න තිබුණත් මේ සංවර්ධනය ගැන අපිට සතුටුයි. (නි)
රට ගැන හිතන අය රට යනවා... (නි)
මතු පරම්පරාවල් උගස් තබා සැප විදීම අපේ ජාතික ලක්ෂණයක්. අපි ඒක ගැන ආඩම්බරයි. (නි)
මට නම් මේ පාරේ යනකල් සන්තෝෂය උහුලගන්න බැහැ. (නි)
නියමයි. මේ වගේ දේවල් පක්ෂ පාට වලින් තොරව අගය කරන්න ඕන. මේවායේ ප්‍රතිඵල රටටමයි.. (ස)
මේ කොන්ත්‍රාත්තු වලින් ලාභයක් නැද්ද? ආසයි දැනගන්න. (නි)
නියමයිනේ. (නි)
ඉන්දියාවට, ඇමරිකාවට ලංකාව දියුණු වෙනවා පෙන්නන්න බැහැ. තරහා යනවා. (නි)
හරිම සුන්දරයි. මාර්ගය ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව ගාස්තුවක් අය කරනවාද? (නි)
පිරිසක් දහදිය මහන්සියෙන් කැපවී වැඩකරමින් රටේ සංවර්ධනයට උරදෙමින් මතු පරපුර වෙනුවෙන් උදාර කර්තව්‍යයක් කරයි. අනෙක් පිරිස එහි ඇද කුද හොයමින් වහසි බස් දොඩමින් දෑත් හකුලාගෙන කට මැත දොඩවමින් සිටියි. වැඩේ අවසාන කොට උසස් දායාදය රටට හිමි වනවිට, මේ කළ වැඩෙහි ගණන් හිලව් පෙන්වන ලෙස පාරම් බාන්නේ මේ දෙවන පිරිසයි. මේක ලෝක ධර්මතාවයකි. (නි)
ෂා, නියමයි. ගනන් හිලව් ටිකත් පේනවා නම් තවත් විශිෂ්ඨයි.(නදී)
ගණන් හිලවු ඕනෑ වෙන්නේ කුහකයින්ට. (නි)
වැඩේ නියමයි. ඡන්දේ ඉල්ලද්දී මේ වැඩ වගේම මුදල් ගනුදෙනු වෙච්ච විදිය පැහැදිලිව පෙන්නුවොත් තමයි හොද.(නදී)
අපේ රට ආසියාවේ ලස්සනම රට වෙයි. හරිම ආඩම්බරයි අපේ රට ගැන. යුද්දෙන් පසුව අද අපි නිදහසේ ලස්සන ලංකාවක ජීවත් වෙනවා.(නදී)
ඇත්තෙන්ම ඉතාම හොදයි. ටිකිරා කියන දේ ගැනත් පොඩ්ඩක් හිතුවොත් නේද හොද? (නි)
ලංකාව ගැන කියන්න මට වචන නැහැ.
අපේ ජනාධිපතිතුමා තමයි අපේ එකම විශිෂ්ට රජු. (නි)
අනේ රත්තරන් මල්ලියේ, හොද වැඩ කොටසක් කරන්න ඇවිත් ඉන්න චීනුන්ට තොට ලගින් කන් කුන් මිටියක් දෙකක් දුන්නට කමක් නැහැ. ගල් ඉබ්බෝ, මල් ඉබ්බෝ, කිරි ඉබ්බෝ අදින්නේ නැතුව.(නදී)
අපි සුභවාදීව රටේ සංවර්ධනය දෙස බලමු. (නි)
ඉහළ යන බඩු මිළ සහ ඉන්ධන මිළ අනුව නොකා නොබී පයින් තමයි මේ පාරේ යන්න වෙන්නේ. (නි)
ගොඩක් හොදයි. නුවරටත් ඉක්මණින් හැදුවොත් හොදයි. (නි)
අපිට ලංකාවේ දියුණුව දකිද්දී ආඩම්බරයි. (නි)
රට සංවර්ධන දැක්මට ඇත්තෙන්ම ස්තූතියි! (නි)
නියමයි, නියමයි අපේ රටත් හැදෙනවා.(නදී)
ඒ පාරේ යන්න අපිත් ලැහැස්ති (දී)
මේ වගේ දේවල් දකින්නත් ආසයි. (නි)
කොහොම හරි මේ මාර්ගය මගින් ගාලු අධිවේගී මාර්ගයත් මීගමු පාරත් සම්බන්ධ කරගත්තොත් මාර්ගතදබදය අඩුකර ගන්න පුලුවන්. (නි)
කවුරු හරි ඇවිත් දැන් මේකටත් ඇදක් කියයි. (නි)