දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට පෞද්ගලික සමාගම් හතකින් ගෙවිය යුතු රුපියල් දහඅට කෝටියක වැටි බදු වංචා කළැයි සැකපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එම සමාගම්වලින් ගෙවිය යුතු බදු වෙනුවට ව්‍යාජ දත්ත එකතු කිරීම හා සැබෑ දත්ත මකා දැමීමෙන් මේ වංචාව කැර ඇතැයි කියති. පරිගණක විශ්ලේශක කේ.ආර්. ලෙස්ලි රොවෙල් හා තක්සේරුකරු ගාර්ලිස් නාකන්දල රිමාන්ඞ් කැරුණු දෙදෙනායි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ඉස්සර "වැට්" බදු වංචාව කරපු අයට මොකද වුණේ? (නි)
ඔය අහුවුණේ දෙන්නයි. තව ඉන්නවා. (නි)
මුහුදේත් පොඩි මාළුවෝ ගොඩට ගහනවා , ගොඩත් හාල්මැස්සෝ අහුවෙනවා (ස)
හිරේ දාලා මදි (ස)
රජයට ලැබිය යුතු මුදල් වංචා කිරීම ඉතාමත් වැරදියි...වැරදි කරුවන්‍ට නිසි දඩුවම් දිය යුතුයි (ස)
මාට්ටුවෙලා තියෙන්නේ හාල්මැස්සෝ . මෝරු තවමත් නිදැල්ලේ. (ස)
විදෙස් ආධාර නැතිව අපිට තවමත් මොනවත් කරන්න බැහැනේ. (ස)
මීට කලින් කොටි ගණනක් හොරකම් කල තක්කඩින්ට මොකද කළේ. මෙවර 18 යි. දැන් රිමාන්ඩ් කළාට මෙයාලා මැරෙන්නේ නැහැනේ. (ස)
ලංකාවේ ඉන්නේ පොඩි බඩු නෙමෙයි..වැඩක් දුන්නොත් ලක්ෂ 25 න් උඩ තමයි (ස)
දේශිය ආධායම් බදු එකෙත් ඉන්නවා ලෝක කපටියෝ (ස)
ඔය එකක් විතරනේ...අනිත්වා කෝ (ස)
අධිකරණයට මගේ සුභ පෑතුම්! (නි)
රටේ සල්ලි ගිලින මේ වගේ අයට දැඩි දඩුවම් දිය යුතුයි (ස)
රුපියල් දහඅට කෝටියක වැට් බදු වංචා කළාට පස්සෙ ද දන්නෙ? (නි)
හැබැයි මිටත් වැඩිය ලොකු ගණන් වංචා කළ අය තවමත් ඉන්නවා සුපිරි වරප්‍රසාද භුක්ති විදිමින් (නි)
මේ වගේ වරදකට දෙන දඬුවම මොකද්ද දන්නෙ නැහැ? (නි)
මෙහෙම කරන මමත් දන්න කෙනෙක් ඉන්නවා (නි)
එතකොට අර කෝප් වාර්ථාවට පියවරක් ගණ්නේ කවදාද?? (ස)