පෝක් සමූද්‍ර සන්ධියේ නිල් ජල තලයෙන් වටවූ කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ තුන් දින වාර්ෂික මංගල්‍යයේ අවසන් දිනය අදයි.
තෝම්ස් සෞන්ද්‍රනායගම් යාපනය අග රදගුරුතුමන් අද උදේ පැවති අවසන් දේව මෙහෙයට අඩු ගණනේ දස දහසක් එක් වූහ. ඉන් වැඩි දෙනා ඉන්දියාවේ තමිල්නාඩුවෙනි.
දෙරටේ ධීවරයනට පිහිටවන බව කියන ශාන්ත අන්දෝනි මුනිඳුන් පිහිටි මේ දේවස්ථානය යාපනය හා ඉන්දියාව අතර පිහිටියේය.
අක්කර 285ක් පමණ වන මෙම දූපත ජන ශූන්‍ය දූපතකි.
පැමිණි දකුණු ඉන්දියා බැතිමතුන් ඇතුළු සියලු දෙනාට ආහාරපාන ඇතුළු සියලු පහසුකම් උතුරේ නාවික ආඥාපති රියර් අද්මිරාල් ශිරන්ත උඩවත්ත මහතාගේ අනුග්‍රහයෙන් සැපැයිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශෝක් ජේ කාන්ත්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහ, ඇමැති ඩග්ලස් දේවානන්ද මහත්වරු ද දේව මෙයෙහට පැමිණ සිටියහ.
දේව මෙහෙයෙන් පසු දෙරට බැතිමත්හු ආපසු යෑම ඇරඹූහ.
ඉන්දියාවෙන් පැමිණි බෝට්ටු සංඛ්‍යාව 80 ඉක්මවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රීටා මෝඩයි.(නදී)
බලන්න ලංකාවේ මිනිස්සු කොතරම් ගුණගරුකද කියලා. ලාංකිකයෙකුට තමිල්නාඩුවේ පැත්තෙ යන්න බැරි මොහොතක අපේ අය ඒගොල්ලන්ට සලකන විදිහ. මේවා අර සංවිධාන වලට පේන්නේ නැද්ද ?? (ස)
සුබ පැතුම් (දී )
කෝ සේනාව?(නදී)
අපිට කෑම, ආහාර, ඉදුම් හිටුම්, යාන වාහන දෙන්නේ ඉන්දියාවෙන්. අසැල්වැසි රටවල් එක්ක සහයෝගයෙන් ඉන්න ඕනා.(නදී)
ඔය සැලකිලි අපට නැහැනේ. ඉන්දියානුවන් අපට සලකන හැටි පේනවනේ.(නදී)
මේක ගුණවත් කම නෙවේ අසරණ කම(ස)
ගිහින් ජයලලිතට කියන්න ලාංකිකයන්ගේ සැලකිලි කොහොමද කියලා, පිස්සුවෙන් වගේ කියවන්නේ නැතිව (ස)
අපේ රටේ අය ඒ අතින් කොච්චර හොදද? (නි)
රීටා, හැමදේටම උඩු බුරන්න එපා. තැනට සුදුසු විදිහට කතා කරන්න. (නි)
අනේ හොදයි, අනේ හොදයි, (දී)
රීටා , ඇයි සේනාව කෝ කියලා අහන්නේ? මේ මංගල්ලෙට විරුද්ධ වෙන්නද ? ඇයි මෙහෙම මංගල්‍යක් තියන්න බැරිද ? ඔයා ඇයි එහෙම කිව්වේ කියලා පොඩ්ඩක් කියනවද? (නි)
මටත් යන්න තිබුනානම් (දී)
රීටා කණ්නාඩි දෙකක් ගත්තොත් හොඳයි වගේ (ස)