මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයින් පස් දෙනකු පිහිවලින් කපා කොටා අත් පා ගැට ගසා මුහුදට විසිකර චේජාන් බහුදින යාත‍්‍රාව කොල්ල කා හොරෙන් ඕස්ටේ‍්‍රලියාවට පලා ගිය බව කියන යාත‍්‍රා කප්පිත්තා ඇතුළු සැකකරුවන් 11 දෙනකු නොවැම්බර් පළමුවැනිදා දක්වා ද, දරුවන් තිදෙනා එදින තෙක් කිතුලම්පිටිය ළමා නිවාසයේ ද රඳවා තබන ලෙස තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මෙනවිය නියෝග කළාය.
එම සැකකරුවන්ගෙන් අට දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය.
යාත‍්‍රාවේ කප්පිත්තා වූ කිරින්දාගම වැලිගත්හේතුගේ අජිත් කුමාර හෙවත් චන්ඩි, කතළුව හේවගේ රංජිත් නිශාන්ත හෙවත් කුමාර, කතළුව හේවගේ සංජීව, බටඅත වනිගාබදුගේ සම්පත් කුමාර හෙවත් පොඞී, රන්න උත්පල අමරවීර, තංගල්ල පසික්කු හැන්නදිගේ දයානන්ද, හුංගම වනිගාබදුගේ සිසිර කුමාර හා යෝධකණ්ඩියේ ශාන්ත ප‍්‍රිය ගලප්පත්ති, තංගල්ල පසික්කු හැන්නදිගේ නුවන් ලක්මාල්, රන්න තෙල්ගේ දිනුෂ්ක ප‍්‍රියශාන්ත හා කිරින්දාගම වනිගබදුගේ ඩෙල්සි කල්‍යාණි රිමාන්ඞ් කරනු ලැබූවෝ වෙති.
ඔවුහු සියලූ දෙනා ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කරනු ලැබූවෝ වෙති.
රිමාන්ඞ් භාරයට පත්වූ කනැව්ව හේවගේ රංජිත් නිශාන්ත හා වනිගාබදුගේ ඩෙල්සි කල්‍යාණිගේ දරුවන්ගේ වයස අවුරුදු 3, 7 හා 12කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මේ වගේ අපරාධකරුවන්ව කපලා මුහුදට දාන්න තියෙන්නේ මෝරුන්ට කන්න. (නි)
ලොව කිසිම අපරාධකරුවෙකුට අපරාධ කර සැගවී සිටිය නොහැක. (නි)
ඇයි මුහුණු වහගෙන? ලැජ්ජයිද? අසරණ දරු පවුල් අනාථ කරපු මේ අය මිනිස් වෙසින් ඉන්න යක්ෂයින් කියලා මුහුනූ වැහුවට අපි දන්නවා. (නි)
මේ වගේ පවුකාරයන් ටිකක්. (නි)
අරාබිකරයේ දඬුවම් ක්‍රමය ලංකාවටත් ඉතාම ඔබිනබව මගේ අදහසි. දුෂණවෙලා තියෙන අපේ සිරිත් විරිත් නැවත පිරිපහදු කරන්නට වෙන විදියක් නැත.(නු)
අහිංසකයින් මරාගෙන උපන් දේශයට නින්දා කළ අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
අතපය බැදලා මුහුදට දමන්න දාන්න ඕනෑ. (නි)
වැඩිහිටියන්ගේ වැරදි නිසා දරුවන් අසරණයි. දරුවන් යහ මගට ගන්න පියවරක් හදන්න.මේ සැකකරුවන් රටෙන් පලා යාමට හේතුව ලෙස කුමක් හෝ මහා අපරාධ කරලා ඇති . (නි)
නීතියෙන් පැනයන්නට ඉඩ නොදෙන්න. (නි)
ෂහ්... ක්‍රිකට් ටීම් එකක් වගේ. ඔක්කොම අයට එකම ජාතියේ ලස්සන ඇඳුම් දීලා. (නි)
ගමේ අයට භාරදෙන්න. එයාලා මිනීමරනවා පොඩි දරුවන් පවා දකින්න ඇති. (නි)
එයාලගේ දරුවන් අතපය ගැටගසා මුහුදට විසිකළහොත් තේරෙයි. (නි)
මේ සිද්ධිය ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍ය කීපවිටක් ප්‍රචාරය කළා. විශේෂයෙන් මෙහෙ විපක්ෂයෙන් චෝදනාත්මකව පාර්ලිමේන්තුව තුළ මේ ගැන කතා කළ බැව් අප දුටුවා. මම හිතනවා මින් පසු ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකික සරණාගතයන් ලෙස ඇතුල් වීමට සැහෙන්න අමාරු වේවි. වැදගත්ම කාරණය පසුගිය නීති ප්‍රතිසංස්කරණ ගැන අපේ ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් නොදැන නීති විරෝධී ලෙස මෙහි පැමිණ කඳවුරු වල ගතකර නැවතත් ලංකාවට යාමට සිදුවිමයි. (නි)