IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඕස්ටේ‍්‍රලියාවෙන් පැන්නූ 11ක් රිමාන්ඞ්

මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයින් පස් දෙනකු පිහිවලින් කපා කොටා අත් පා ගැට ගසා මුහුදට විසිකර චේජාන් බහුදින යාත‍්‍රාව කොල්ල කා හොරෙන්  ඕස්ටේ‍්‍රලියාවට පලා ගිය බව කියන යාත‍්‍රා කප්පිත්තා ඇතුළු සැකකරුවන් 11 දෙනකු නොවැම්බර් පළමුවැනිදා දක්වා ද, දරුවන් තිදෙනා එදින තෙක් කිතුලම්පිටිය ළමා නිවාසයේ ද රඳවා තබන ලෙස තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මෙනවිය නියෝග කළාය. එම සැකකරුවන්ගෙන් අට දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය. යාත‍්‍රාවේ කප්පිත්තා වූ කිරින්දාගම වැලිගත්හේතුගේ අජිත් කුමාර හෙවත් චන්ඩි, කතළුව හේවගේ රංජිත් නිශාන්ත හෙවත් කුමාර, කතළුව හේවගේ සංජීව, බටඅත වනිගාබදුගේ සම්පත් කුමාර හෙවත් පොඞී, රන්න උත්පල අමරවීර, තංගල්ල පසික්කු හැන්නදිගේ දයානන්ද, හුංගම වනිගාබදුගේ සිසිර කුමාර හා යෝධකණ්ඩියේ ශාන්ත ප‍්‍රිය ගලප්පත්ති, තංගල්ල පසික්කු හැන්නදිගේ නුවන් ලක්මාල්, රන්න තෙල්ගේ දිනුෂ්ක ප‍්‍රියශාන්ත හා කිරින්දාගම වනිගබදුගේ ඩෙල්සි කල්‍යාණි රිමාන්ඞ් කරනු ලැබූවෝ වෙති. ඔවුහු සියලූ දෙනා  ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කරනු ලැබූවෝ වෙති. රිමාන්ඞ් භාරයට පත්වූ කනැව්ව හේවගේ රංජිත් නිශාන්ත හා වනිගාබදුගේ ඩෙල්සි කල්‍යාණිගේ දරුවන්ගේ වයස අවුරුදු 3, 7 හා 12කි.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවෙන් පැන්නූ 11ක් රිමාන්ඞ්

සිල්වා Tuesday, 30 October 2012 12:26 PM

අයියෝ සල්ලි

:       0       0

හර්ෂණ Monday, 29 October 2012 07:22 PM

මේ වගේ අපරාධකරුවන්ව කපලා මුහුදට දාන්න තියෙන්නේ මෝරුන්ට කන්න. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 29 October 2012 07:40 PM

ලොව කිසිම අපරාධකරුවෙකුට අපරාධ කර සැගවී සිටිය නොහැක. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 29 October 2012 07:37 PM

ඇයි මුහුණු වහගෙන? ලැජ්ජයිද? අසරණ දරු පවුල් අනාථ කරපු මේ අය මිනිස් වෙසින් ඉන්න යක්ෂයින් කියලා මුහුනූ වැහුවට අපි ‍දන්නවා. (නි)

:       0       0

පිටිගල Monday, 29 October 2012 07:38 PM

මේ වගේ පවුකාරයන් ටිකක්. (නි)

:       0       0

පුෂ්ප - ජරමනිය Tuesday, 30 October 2012 02:32 PM

අරාබිකරයේ දඬුවම් ක්‍රමය ලංකාවටත් ඉතාම ඔබිනබව මගේ අදහසි. දුෂණවෙලා තියෙන අපේ සිරිත් විරිත් නැවත පිරිපහදු කරන්නට වෙන විදියක් නැත.(නු)

:       0       0

හේමන්ත Monday, 29 October 2012 08:18 PM

අහිංසකයින් මරාගෙන උපන් දේශයට නින්දා කළ අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

කමල් Monday, 29 October 2012 09:20 PM

අතපය බැදලා මුහුදට දමන්න දාන්න ඕනෑ. (නි)

:       0       0

නාපාවල කටාර් Monday, 29 October 2012 09:50 PM

වැඩිහිටියන්ගේ වැරදි නිසා දරුවන් අසරණයි. දරුවන් යහ මගට ගන්න පියවරක් හදන්න.මේ සැකකරුවන් රටෙන් පලා යාමට හේතුව ලෙස කුමක් හෝ මහා අපරාධ කරලා ඇති . (නි)

:       0       0

සදුනි Monday, 29 October 2012 10:13 PM

නීතියෙන් පැනයන්නට ඉඩ නොදෙන්න. (නි)

:       0       0

සෑම් Monday, 29 October 2012 10:47 PM

ෂහ්... ක්‍රිකට් ටීම් එකක් වගේ. ඔක්කොම අයට එකම ජාතියේ ලස්සන ඇඳුම් දීලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 29 October 2012 11:06 PM

ගමේ අයට භාරදෙන්න. එයාලා මිනීමරනවා පොඩි දරුවන් පවා දකින්න ඇති. (නි)

:       0       0

බුද්ධි Tuesday, 30 October 2012 02:54 AM

එයාලගේ දරුවන් අතපය ගැටගසා මුහුදට විසිකළහොත් තේරෙයි. (නි)

:       0       0

නික් Tuesday, 30 October 2012 06:49 AM

මේ සිද්ධිය ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍ය කීපවිටක් ප්‍රචාරය කළා. විශේෂයෙන් මෙහෙ විපක්ෂයෙන් චෝදනාත්මකව පාර්ලිමේන්තුව තුළ මේ ගැන කතා කළ බැව් අප දුටුවා. මම හිතනවා මින් පසු ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකික සරණාගතයන් ලෙස ඇතුල් වීමට සැහෙන්න අමාරු වේවි. වැදගත්ම කාරණය පසුගිය නීති ප්‍රතිසංස්කරණ ගැන අපේ ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් නොදැන නීති විරෝධී ලෙස මෙහි පැමිණ කඳවුරු වල ගතකර නැවතත් ලංකාවට යාමට සිදුවිමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site