වසර 42 ක ඕස්ටේ‍්‍රලියානු එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට ඕස්ටේ‍්‍රලියානු පිල දවාලීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (18 වැනිදා) සමත් විය. ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර බි‍්‍රස්බේන්හි වූලන්ගැබා කී‍්‍රඩාංගණයේදී අද පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 කට දැවී ගියේය.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 70 කි. 1977 දී එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති තරගයකදීත්, 1986 දී නවසීලන්තයට එරෙහිව ඇඩිලේඞ් ඕවල් පිටියේදීත් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 කට දැවී ගොස් තිබිණ. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර ශී‍්‍ර ලංකා පිල හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ පසුගිය වසරේ සිඞ්නි නුවරදී පැවැති තරගයකදී ලකුණු 158 කට දැවී යාමයි.
ලකුණු 40 කට ඕස්ටේ‍්‍රලියානු පිලේ 9 වැනි කඩුල්ලත් බිඳවැටීම නිසා ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 ට අඩුවෙන් දවාගැනීමේ හොඳ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට හිමිවූ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක්කළ මිචෙල් ස්ටාක් (නොදැවී 22) සහ සේවියර් ඩොහටි (15) ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 ක් දක්වා ඔසවා තැබූහ.
නුවන් කුලසේකර එක දිගට ඕවර 10 ක් යවමින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවාගත් අතර ලසිත් මාලිංග (14/3), ඇන්ජලෝ මැතිව්ස් (10/1) සහ ශමින්ද එරංග (12/1) ඉතිරි කඩුලූ බෙදාහදා ගත්හ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි
විජේරත්න Friday, 18 January 2013 12:18 PM
ඔහොම යන් (ස)
අශේන් Friday, 18 January 2013 08:58 PM
අපේ කට්ටියට මොකද උනේ (දී)
චාමර Friday, 18 January 2013 12:37 PM
සැමදා නියන් එකඳා වැහි වළාවේ (ස)
තත්සරණි Saturday, 19 January 2013 05:22 PM
කොහොමද අපේ වීර කොල්ලන්ගේ වැඩ? (නි)
තත්සරණි Saturday, 19 January 2013 05:23 PM
මහේල අයියා ඇතුළු අයියලා සියල්ලටම අපේ සුභ පැතුම්! (නි)
දීප්ත Friday, 18 January 2013 09:16 PM
කුසල් ජනිත් කියන්නේ අපේ ඉස්කොලේ හිටපු කොල්ලෙක් (කොට්ටාව ධර්මපාල විද්‍යාලය ) කුසල් මල්ලි ඔබට ජය වේවා (දී)
තත්සරණි Saturday, 19 January 2013 05:24 PM
මහේලගේ නායකත්වය අපිට හුගක් වටිනවා. (නි)
සමන් Friday, 18 January 2013 09:19 PM
තව එකක් දිනුවා නම් ගොඩම තමයි කොල්ලනේ. (නි)
කමල් Friday, 18 January 2013 04:09 PM
ශ්‍රී ලංකා කණ්ඩායමට අපේ උණුසුම් සුබ පැතුම්. ඔබ හැමදාමත් මේ වගේ රටට කීර්තියක් ගෙන්න ඕනේ (දී)
සුදත් Friday, 18 January 2013 04:21 PM
හැමදාම වීරයෝ වෙලා ඉන්න බෑ (දී)
ෆාරුක් Friday, 18 January 2013 01:36 PM
නියමයි ශ්‍රී ලංකා (දී)
මනෝජ් Friday, 18 January 2013 01:48 PM
මේක පළමු පෙල කණ්ඩායමක් නෙමෙයි වගේ (ස)
තනුජා Friday, 18 January 2013 01:48 PM
ඔන්න සිංහ කොල්ලෝ (දී)
චානක Friday, 18 January 2013 04:55 PM
කුලසේකර තමයි අපේ තරගය ගොඩදැම්මේ. (නි)
සුරංග Friday, 18 January 2013 02:05 PM
කුලසේකර ඔයා කඩුළු 5 ක් ගන්න දවස එනකම් මම හීන මැව්වා. ඔයා ඒක අද කරා. ජය වේවා (ස)
තිලක් Saturday, 19 January 2013 12:27 AM
සැමදා ප්‍රශංසා ලබන කෙනෙක්ද නැත සැමදා දිනන කෙනෙක්ද නැත. (නි)
යොහාන් Friday, 18 January 2013 05:18 PM
සංජය, ඔයාට අපේ කොල්ලන්ගේ දක්ෂතාවය අගයකරන්න බැරි නම් කට වහගෙන ඉන්න. (නි)
උපුල් Friday, 18 January 2013 02:10 PM
හැමදාම දිනන්නත් බෑ , හැමදාම පරදින්නේත් නෑ . එක අපේ ටීම් එකට විතරක් නොවෙයි හැම රටකටම එහෙම තමා . ඒ නිසා දින්නම නියමයි කියනවා වගේම පැරදුනාම නොබැන ඉන්නත් පුරුදු වෙමු . සිංහයින්ට ජය . (ස)
අනුර Friday, 18 January 2013 02:11 PM
ලංකාවේ කොල්ලන්ට ජය වේවා (දී)
චූලා Friday, 18 January 2013 02:24 PM
හැමදාම නත්තල් නෑ කොල්ලෝ (ස)
ඉසුරු Friday, 18 January 2013 05:52 PM
අපේ වීරයන්ට සුබ පැතුම්. (දී)
ඉසුරු Friday, 18 January 2013 05:54 PM
අපේ වීරයන්ගේ වැඩ (දී)
සම්පත් Friday, 18 January 2013 05:59 PM
සිංහයා හැමදාමත් සිංහයාමයි. (නි)
නඩරාජා Saturday, 19 January 2013 02:59 PM
තව ටිකකින් ලංකාවටත් ඒකම වෙන්න තිබුණා. 76 ගහලා තියෙන්නේ ඕවර 20 කදී විකට් 6ක් ගිහිල්ල. 99න් බේරිලා තියෙන්නේ. (නි)
සුසන්ත - ඉතාලිය Friday, 18 January 2013 02:59 PM
සිංහ කොල්ලන්ට ජයවේවා..!!! (ස)
ලංකා Friday, 18 January 2013 11:52 AM
අපේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ ඔහොම තමයි (ස)
සඳරුවන් Friday, 18 January 2013 03:18 PM
ජය වේවා . ආයෙත් මැච් බලන්න පටන් ගන්න ඕන (ස)
සුසිල් මිලාන් Friday, 18 January 2013 03:19 PM
සංජය, වර්ගය එය උනත් කට ඉස්සර කොට උම්බෑ නොකියන්න. (ස)
සංජීව Friday, 18 January 2013 12:08 PM
අපේ අය ලකුණු 73 ට සේරම ක්‍රීඩකයෝ අවුට් වෙලා (ස)
නිරාන් Friday, 18 January 2013 12:08 PM
පැරදුන ඔක්කොටම හරියන්න මේ තියෙන්නේ වැඩ. නියමයි කොල්ලනේ (ස)