වසර 42 ක ඕස්ටේ‍්‍රලියානු එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට ඕස්ටේ‍්‍රලියානු පිල දවාලීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (18 වැනිදා) සමත් විය. ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර බි‍්‍රස්බේන්හි වූලන්ගැබා කී‍්‍රඩාංගණයේදී අද පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 කට දැවී ගියේය.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 70 කි. 1977 දී එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති තරගයකදීත්, 1986 දී නවසීලන්තයට එරෙහිව ඇඩිලේඞ් ඕවල් පිටියේදීත් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 කට දැවී ගොස් තිබිණ. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර ශී‍්‍ර ලංකා පිල හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ පසුගිය වසරේ සිඞ්නි නුවරදී පැවැති තරගයකදී ලකුණු 158 කට දැවී යාමයි.
ලකුණු 40 කට ඕස්ටේ‍්‍රලියානු පිලේ 9 වැනි කඩුල්ලත් බිඳවැටීම නිසා ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 ට අඩුවෙන් දවාගැනීමේ හොඳ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට හිමිවූ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක්කළ මිචෙල් ස්ටාක් (නොදැවී 22) සහ සේවියර් ඩොහටි (15) ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 ක් දක්වා ඔසවා තැබූහ.
නුවන් කුලසේකර එක දිගට ඕවර 10 ක් යවමින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවාගත් අතර ලසිත් මාලිංග (14/3), ඇන්ජලෝ මැතිව්ස් (10/1) සහ ශමින්ද එරංග (12/1) ඉතිරි කඩුලූ බෙදාහදා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන් (ස)
අපේ කට්ටියට මොකද උනේ (දී)
සැමදා නියන් එකඳා වැහි වළාවේ (ස)
කොහොමද අපේ වීර කොල්ලන්ගේ වැඩ? (නි)
මහේල අයියා ඇතුළු අයියලා සියල්ලටම අපේ සුභ පැතුම්! (නි)
කුසල් ජනිත් කියන්නේ අපේ ඉස්කොලේ හිටපු කොල්ලෙක් (කොට්ටාව ධර්මපාල විද්‍යාලය ) කුසල් මල්ලි ඔබට ජය වේවා (දී)
මහේලගේ නායකත්වය අපිට හුගක් වටිනවා. (නි)
තව එකක් දිනුවා නම් ගොඩම තමයි කොල්ලනේ. (නි)
ශ්රී ලංකා කණ්ඩායමට අපේ උණුසුම් සුබ පැතුම්. ඔබ හැමදාමත් මේ වගේ රටට කීර්තියක් ගෙන්න ඕනේ (දී)
හැමදාම වීරයෝ වෙලා ඉන්න බෑ (දී)
නියමයි ශ්‍රී ලංකා (දී)
මේක පළමු පෙල කණ්ඩායමක් නෙමෙයි වගේ (ස)
ඔන්න සිංහ කොල්ලෝ (දී)
කුලසේකර තමයි අපේ තරගය ගොඩදැම්මේ. (නි)
කුලසේකර ඔයා කඩුළු 5 ක් ගන්න දවස එනකම් මම හීන මැව්වා. ඔයා ඒක අද කරා. ජය වේවා (ස)
සැමදා ප්‍රශංසා ලබන කෙනෙක්ද නැත සැමදා දිනන කෙනෙක්ද නැත. (නි)
සංජය, ඔයාට අපේ කොල්ලන්ගේ දක්ෂතාවය අගයකරන්න බැරි නම් කට වහගෙන ඉන්න. (නි)
හැමදාම දිනන්නත් බෑ , හැමදාම පරදින්නේත් නෑ . එක අපේ ටීම් එකට විතරක් නොවෙයි හැම රටකටම එහෙම තමා . ඒ නිසා දින්නම නියමයි කියනවා වගේම පැරදුනාම නොබැන ඉන්නත් පුරුදු වෙමු . සිංහයින්ට ජය . (ස)
ලංකාවේ කොල්ලන්ට ජය වේවා (දී)
හැමදාම නත්තල් නෑ කොල්ලෝ (ස)
අපේ වීරයන්ට සුබ පැතුම්. (දී)
අපේ වීරයන්ගේ වැඩ (දී)
සිංහයා හැමදාමත් සිංහයාමයි. (නි)
තව ටිකකින් ලංකාවටත් ඒකම වෙන්න තිබුණා. 76 ගහලා තියෙන්නේ ඕවර 20 කදී විකට් 6ක් ගිහිල්ල. 99න් බේරිලා තියෙන්නේ. (නි)
සිංහ කොල්ලන්ට ජයවේවා..!!! (ස)
අපේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ ඔහොම තමයි (ස)
ජය වේවා . ආයෙත් මැච් බලන්න පටන් ගන්න ඕන (ස)
සංජය, වර්ගය එය උනත් කට ඉස්සර කොට උම්බෑ නොකියන්න. (ස)
අපේ අය ලකුණු 73 ට සේරම ක්‍රීඩකයෝ අවුට් වෙලා (ස)
පැරදුන ඔක්කොටම හරියන්න මේ තියෙන්නේ වැඩ. නියමයි කොල්ලනේ (ස)