ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියානු පිල 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය ද ලැබීය.
තරගයේ සිවුවැනි දිනය වන අද (06) තේ විවේකයෙන් පසු ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 141 ක ජයග‍්‍රාහි ඉලක්කය සම්පූර්ණ කළේය.
තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටි ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම අද (06) පෙරවරුවේ ලකුණු 278 කට සීමා විය.
ශ‍්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 87.4 කදී 294 සහ දෙවැනි ඉනිම ඕවර 82.1 කදී 278
(දිමුත් කරුණාරත්න 85, මහේල ජයවර්ධන 60, ඇන්ජලෝ මැතිව්ස් 16, දිනේෂ් චන්දිමාල් 62, ධම්මික ප‍්‍රසාද් 15, මිචෙල් ජොන්සන් 34/3, ජැක්සන් බර්ඞ් 76/3)
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 107 කදී කඩුලූ 9 ට 432 සහ දෙවැනි ඉනිම ඕවර 42.5 කඩුලු 5 ට 141
(එඞ් කවන් 36, පිලිප් හියුස් 34, මයිකල් ක්ලාක් 29, මයික් හසී නොදැවී 27, රංගන හේරත් 46/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ, ලංකාවට සුභපතනවා මම (දී)
මොනවා කරන්නද (දී)
සන්තෝසයි
මේ සැරේ පැරදීමට හේතු මොවාද දැන්නේ නෑ නේද? ගිය සැරේ වැරදි පහරවල් තෝරාගැනීම, අවධානය බිදීම කියල කිව්වනේ. (ස)
අයියෝ සල්ලි
නායකත්වය අසාර්ථක බවයි මගේ හැගීම වෙන්නේ. (දී)
මොනව උනත් මලේ අපේ කොල්ලො අපට රත්තරන්. (ස)
මේ ක්‍රිකට් පිත්තක් ජීවිතේට අතටවත් අරගෙන නැති අය ඇවිල්ලා මොකද අපේ කණ්ඩායමෙ වැරදි හොයන්නෙ? (නි)
සමහරවිට එයාලට හොදට සෙල්ලම් කරන්න පුලුවන් ආසියාව තුළ පමණයි කියලා ඔප්පු කරන්න හැදුවාද දන්නෙ නැහැනේ. (නි)
අපි ලාංකිකයින් විදියට ජය පැරදුම දෙකම භාරගන්න ඕනෑ.හැමෝම ඉහල යනවා වගේම තමයි පහළටත් බහිනවා. ඒක සාමාන්‍යයයි. (නි)
ලංකාවට ජයවේවා (දී)
තව ළකුණු 150ක් තිබුණා නම් අපි ගොඩ. (නි)
එහෙම කියන්න එක වැරදියි. ඕස්ට්‍රේලියාවේ පිට්ටනි හදලා තියෙන්නේ වේග පන්දු යවන්න. බෝලේ බවුන්ස් වෙනවා වැඩියි. අපේ අය ගොඩක් උස නැති නිසා මුහුණ දෙන්න අමාරුයි. ඒකයි සංගා එහෙමත් තුවාල වුණේ. අපේ රටේ වේගවත් තණතීරු නැති එකේ අඩු පාඩුව. (නි)
අපිටත් හැමදාම දිනන්න බැහැ (දී)
පරදින්නෙ තරගය විතරයි. ඒත් එයාලා දිනුම්. පරදින්නෙ අපි. අපේ අයට මොළේ නැහැ, තරග බලන්න යනවා තවත්. (නි)
ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ නායකත්වය අසාර්ථක බවයි මගේ හැගීම වෙන්නේ. (නි)
දැන්වත් නවකයින්ට තැනක් දෙන්න හිතුවොත් නරකද? (නි)
අපිට හරිම ආඩම්බරයි අපේ කට්ටිය ගැන. (නි)
ඕස්ට්‍රේලියාවට සුභ පැතුම්! ඉතිරි එක් දින තරග ටිකටත් දෙයියන්ගේම පිහිටයි. (නි)
ආයෙත් පරාදයි නේද?ක්‍රිකට් එපා කරනවා... (නි)
අමිහිරි පරාජයකුත් සමග නේද දැන් නායකත්වයට සමු දෙන්න වෙන්නේ. (නි)
අපෝ! අපේ අයට ටෙස්ට් නම් කොහොමත් බැහැ වගෙයි. (නි)