IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඕස්ටේ‍්‍රලියාව තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 5 කින් ජයගනී

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ  ඕස්ටේ‍්‍රලියානු පිල 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය ද ලැබීය.  

තරගයේ සිවුවැනි දිනය වන අද (06) තේ විවේකයෙන් පසු  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 141 ක ජයග‍්‍රාහි ඉලක්කය සම්පූර්ණ කළේය.
තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටි ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම අද (06) පෙරවරුවේ ලකුණු 278 කට සීමා විය.

ශ‍්‍රී ලංකාව පළමු ඉනිම  ඕවර 87.4 කදී 294 සහ දෙවැනි ඉනිම  ඕවර 82.1 කදී 278

(දිමුත් කරුණාරත්න 85, මහේල ජයවර්ධන 60, ඇන්ජලෝ මැතිව්ස් 16, දිනේෂ් චන්දිමාල් 62, ධම්මික ප‍්‍රසාද් 15, මිචෙල් ජොන්සන් 34/3, ජැක්සන් බර්ඞ් 76/3)

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 107 කදී කඩුලූ 9 ට 432 සහ දෙවැනි ඉනිම  ඕවර 42.5 කඩුලු 5 ට 141

(එඞ් කවන් 36, පිලිප් හියුස් 34, මයිකල් ක්ලාක් 29, මයික් හසී නොදැවී 27, රංගන හේරත් 46/3)
 

 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 5 කින් ජයගනී

ලංකා Sunday, 06 January 2013 08:23 PM

කමක් නැහැ, ලංකාවට සුභපතනවා මම (දී)

:       0       0

තලවතුගොඩ සුභසිංහ Monday, 07 January 2013 11:29 AM

මේ ක්‍රිකට් පිත්තක් ජීවිතේට අතටවත් අරගෙන නැති අය ඇවිල්ලා මොකද අපේ කණ්ඩායමෙ වැරදි හොයන්නෙ? (නි)

:       0       0

අසංක Sunday, 06 January 2013 09:38 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

කාංචන Sunday, 06 January 2013 11:14 AM

තව ළකුණු 150ක් තිබුණා නම් අපි ගොඩ. (නි)

:       0       0

දීපා Sunday, 06 January 2013 11:21 AM

අපෝ! අපේ අයට ටෙස්ට් නම් කොහොමත් බැහැ වගෙයි. (නි)

:       0       0

කමල් Sunday, 06 January 2013 11:22 AM

අමිහිරි පරාජයකුත් සමග නේද දැන් නායකත්වයට සමු දෙන්න වෙන්නේ. (නි)

:       0       0

නිලංග Monday, 07 January 2013 12:22 PM

මොනව උනත් මලේ අපේ කොල්ලො අපට රත්තරන්. (ස)

:       0       0

දමිත් Sunday, 06 January 2013 11:56 AM

ආයෙත් පරාදයි නේද?ක්‍රිකට් එපා කරනවා... (නි)

:       0       0

නඩරාජා Sunday, 06 January 2013 12:04 PM

ඕස්ට්‍රේලියාවට සුභ පැතුම්! ඉතිරි එක් දින තරග ටිකටත් දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

හසිත Monday, 07 January 2013 12:23 PM

නායකත්වය අසාර්ථක බවයි ‍මගේ හැගීම වෙන්නේ. (දී)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 12:05 PM

අපිට හරිම ආඩම්බරයි අපේ කට්ටිය ගැන. (නි)

:       0       0

රෝහණ Sunday, 06 January 2013 12:29 PM

දැන්වත් නවකයින්ට තැනක් දෙන්න හිතුවොත් නරකද? (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 06 January 2013 01:06 PM

ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ නායකත්වය අසාර්ථක බවයි ‍මගේ හැගීම වෙන්නේ. (නි)

:       0       0

අසන්ක Monday, 07 January 2013 07:26 AM

අපි ලාංකිකයින් විදියට ජය පැරදුම දෙකම භාරගන්න ඕනෑ.හැමෝම ඉහල යනවා වගේම තමයි පහළටත් බහිනවා. ඒක සාමාන්‍යයයි. (නි)

:       0       0

නිමල් සිරි තිස්ස Sunday, 06 January 2013 01:40 PM

පරදින්නෙ තරගය විතරයි. ඒත් එයාලා දිනුම්. පරදින්නෙ අපි. අපේ අයට මොළේ නැහැ, තරග බලන්න යනවා තවත්. (නි)

:       0       0

තාරක Wednesday, 09 January 2013 05:28 PM

මොනවා කරන්නද (දී)

:       0       0

තාරක Monday, 07 January 2013 04:28 PM

සන්තෝසයි

:       0       0

වරුණ Monday, 07 January 2013 09:33 AM

සමහරවිට එයාලට හොදට සෙල්ලම් කරන්න පුලුවන් ආසියාව තුළ පමණයි කියලා ඔප්පු කරන්න හැදුවාද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

සමන්ත Monday, 07 January 2013 01:21 PM

අයියෝ සල්ලි

:       0       0

සචිත්‍රා Sunday, 06 January 2013 03:56 PM

අපිටත් හැමදාම දිනන්න බැහැ (දී)

:       0       0

ශ්‍රී Sunday, 06 January 2013 06:57 PM

එහෙම කියන්න එක වැරදියි. ඕස්ට්‍රේලියාවේ පිට්ටනි හදලා තියෙන්නේ වේග පන්දු යවන්න. බෝලේ බවුන්ස් වෙනවා වැඩියි. අපේ අය ගොඩක් උස නැති නිසා මුහුණ දෙන්න අමාරුයි. ඒකයි සංගා එහෙමත් තුවාල වුණේ. අපේ රටේ වේගවත් තණතීරු නැති එකේ අඩු පාඩුව. (නි)

:       0       0

අපොන්සු Monday, 07 January 2013 02:31 PM

මේ සැරේ පැරදීමට හේතු මොවාද දැන්නේ නෑ නේද? ගිය සැරේ වැරදි පහරවල් තෝරාගැනීම, අවධානය බිදීම කියල කිව්වනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 509 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site