ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී අද (23) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 32 ක ජයක් ලැබීමත් සමග තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
ලකුණු 248 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 කදී කඩුලූ 5 ට 247
(පිලිප් හියුස් නොදැවී 138, මැතිව් වේඞ් 23, ජෝජ් බේලි 17, ඬේවිඞ් හසී 34)
ශ්‍රී ලංකාව ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 215
(මහේල ජයවර්ධන 38, තිලකරත්න ඩිල්ෂාන් 19, ඇන්ජලෝ මැතිව්ස් 67, කුසල් ජනිත් 14, ජීවන් මෙන්ඩිස් 26, නුවන් කුලසේකර නොදැවී 13, සේවියර් ඩොහර්ටි 21/3, මොයිසිස් හෙන්ද්‍රික්ස් 32/3, ක්ලින්ට් මැකේ 50/2, මිචෙල් ජොන්සන් 45/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය හැමදාම ඔහොමනේ...? ඒත් වැස්සට අතහැරපු තරඟය තිබුණනම් මේ සේරම ප්‍රශ්න ඉවරයි (ස)
අපරාදේ අපිට දිනන්න තිබ්බ (දී)
දිනනකොට වගේම පරදිනකොටත් අපි අපේ වීරයින් එක්ක ඉන්න ඕනෑ. (නි)
දිනන්න තිබුණු තරගය අපේ අයගේ බොරු කලබල වීම නිසයි පැරදුණේ. (නි)
ක්‍රීඩාවක් පරාජය වීමේදී ඔවුන් උනන්දු කිරීම සඳහා අදහස් දක්වමු (ස)
පරදිනවා මදිවට මේ අයගේ දීමනාත් වැඩිකරන්න යනවා. (නි)
මදැයි කලාතුරකින් කාසියේ වාසිය දිනලා කරපු දේ! (නි)
අපෝ මම කිව්වා..මැච් එක ඉවරයි කියලා. දැන් බලමු 20-20 ත් පරදින හැටි. පව් අනේ....පැරදෙන ඒවා බලන්න යන ටිකට්වල සල්ලි අපරාදේ...(ස)
ගෙවීම් කරනකොට දිනන තරගවලට විතරක් ගෙවන්න ඕනෑ. එතකොට ඕක හරියාවි. (නි)
එදා තරඟය වැස්සට නොගියනම් තුනෙන් දෙකකින් පරදින්නත් තිබුණා (ස)
දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා....පැරදුනාම ??????(ස)
කරන්න දෙයක් නෑ. අඩුම ගානේ ජාමේවත් බේරගත්ත එකට සතුටුයි. ලබන සැරේ අපි දෙමුකෝ බැටේ ....(ස)
හොද වෙලාවට අර තරගය වැස්සෙන් ගියේ. (නි)
මගේ හිතට හරිම අමාරුයි මෙහෙම මැච් පරදිනකොට . කොඩක්ම ඉවසන්න අමාරු ඉන්දියානුවන් විහිලු කරනවට (ස)
අනේ මෙහෙමත් ටීම් එකක් . ඔයාලා ඔහොස පැරදෙනකොට ඒවා බලන අපේ හිත් නිකම්ම පෑරෙනවා (ස)
කිවුවා නේද මම කලින්ම? (නි)
අපි හැම සැරේකම අන්තිම තරඟෙට ආවම පරදිනවා. ඒක දැන් විලාසිතාවක් වෙලා. අපි ටොස් එක දිනලත් අපරාදේ මුලින් බැට් කරන්න තිබුණේ, මොකද තණ තීරුව ලකුණු රැස් කරන්න පස්සේ අමාරු වෙන නිසා. (නි)
හැම තරගයම ෆයිනල් වෙද්දී ඇයි මෙහෙම වෙන්නේ? (නි)
හොදි නැතුවම අනාගත්තා නේද? (නි)
දිනනකොට වගේම පරදිනකොටත් වාර්තා පිට වාර්තා තියලනේ පරදින්නේ. (නි)
අපේ ටීම් එක පරදින තරමක් පරදින්නේ ඕස්ට්‍රේලියාවටයි, ඉන්දියාවටයිනේ. (නි)
අනේ මන්දා ඇයි කියලා අපිට තවමත් තරගාවලියක් ජයගන්න ලැබුණේ නැත්තේ කියලා. (නි)
අයියෝ අදත් කෑවා! (නි)