IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඕස්ටේ‍්‍රලියාව තරගාවලිය 2-2 කින් සමව නියම කරයි

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී අද (23) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 32 ක ජයක් ලැබීමත් සමග තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
ලකුණු 248 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ සමත් වූහ.

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 කදී කඩුලූ 5 ට 247

(පිලිප් හියුස් නොදැවී 138, මැතිව් වේඞ් 23, ජෝජ් බේලි 17, ඬේවිඞ් හසී 34)

ශ්‍රී ලංකාව  ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 215

(මහේල ජයවර්ධන 38, තිලකරත්න ඩිල්ෂාන් 19, ඇන්ජලෝ මැතිව්ස් 67, කුසල් ජනිත් 14, ජීවන් මෙන්ඩිස් 26, නුවන් කුලසේකර නොදැවී 13, සේවියර් ඩොහර්ටි 21/3, මොයිසිස් හෙන්ද්‍රික්ස් 32/3, ක්ලින්ට් මැකේ 50/2, මිචෙල් ජොන්සන් 45/2)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව තරගාවලිය 2-2 කින් සමව නියම කරයි

නිමල් Wednesday, 23 January 2013 10:56 PM

ගෙවීම් කරනකොට දිනන තරගවලට විතරක් ගෙවන්න ඕනෑ. එතකොට ඕක හරියාවි. (නි)

:       0       0

දීපා Thursday, 24 January 2013 02:22 AM

‍අපෝ මම කිව්වා..මැච් එක ඉවරයි කියලා. දැන් බලමු 20-20 ත් පරදින හැටි. පව් අනේ....පැරදෙන ඒවා බලන්න යන ටිකට්වල සල්ලි අපරාදේ...(ස)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 05:53 PM

හොද වෙලාවට අර තරගය වැස්සෙන් ගියේ. (නි)

:       0       0

ඩෑම් Wednesday, 23 January 2013 05:54 PM

අයියෝ අදත් කෑවා! (නි)

:       0       0

ඩෑම් Wednesday, 23 January 2013 05:56 PM

අනේ මන්දා ඇයි කියලා අපිට තවමත් තරගාවලියක් ජයගන්න ලැබුණේ නැත්තේ කියලා. (නි)

:       0       0

ඩෑම් Wednesday, 23 January 2013 05:58 PM

අපේ ටීම් එක පරදින තරමක් පරදින්නේ ඕස්ට්‍රේලියාවටයි, ඉන්දියාවටයිනේ. (නි)

:       0       0

රඛිත් Thursday, 24 January 2013 04:21 AM

මදැයි කලාතුරකින් කාසියේ වාසිය දිනලා කරපු දේ! (නි)

:       0       0

ඩෑම් Wednesday, 23 January 2013 06:01 PM

දිනනකොට වගේම පරදිනකොටත් වාර්තා පිට වාර්තා තියලනේ පරදින්නේ. (නි)

:       0       0

නිසාම් Wednesday, 23 January 2013 06:01 PM

හොදි නැතුවම අනාගත්තා නේද? (නි)

:       0       0

සිල්වා Wednesday, 23 January 2013 06:13 PM

හැම තරගයම ෆයිනල් වෙද්දී ඇයි මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

රෝචෙල් Wednesday, 23 January 2013 06:19 PM

අපි හැම සැරේකම අන්තිම තරඟෙට ආවම පරදිනවා. ඒක දැන් විලාසිතාවක් වෙලා. අපි ටොස් එක දිනලත් අපරාදේ මුලින් බැට් කරන්න තිබුණේ, මොකද තණ තීරුව ලකුණු රැස් කරන්න පස්සේ අමාරු වෙන නිසා. (නි)

:       0       0

ලාරා Wednesday, 23 January 2013 06:21 PM

කිවුවා නේද මම කලින්ම? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 07:05 PM

අනේ මෙහෙමත් ටීම් එකක් . ඔයාලා ඔහොස පැරදෙනකොට ඒවා බලන අපේ හිත් නිකම්ම පෑරෙනවා (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 07:08 PM

මගේ හිතට හරිම අමාරුයි මෙහෙම මැච් පරදිනකොට . කොඩක්ම ඉවසන්න අමාරු ‍ඉන්දියානුවන් විහිලු කරනවට (ස)

:       0       0

අසිත Wednesday, 23 January 2013 07:29 PM

අපේ අය හැමදාම ඔහොමනේ...? ඒත් වැස්සට අතහැරපු තරඟය තිබුණනම් මේ සේරම ප්‍රශ්න ඉවරයි (ස)

:       0       0

ලලිත් Wednesday, 23 January 2013 07:46 PM

කරන්න දෙයක් නෑ. අඩුම ගානේ ජාමේවත් බේරගත්ත එක‍ට සතුටුයි. ලබන සැරේ අපි දෙමුකෝ බැටේ ....(ස)

:       0       0

සිමා Thursday, 24 January 2013 04:37 PM

දිනන්න තිබුණු තරගය අපේ අයගේ බොරු කලබල වීම නිසයි පැරදුණේ. (නි)

:       0       0

සන්ජීව Wednesday, 23 January 2013 08:16 PM

දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා....පැරදුනාම ??????(ස)

:       0       0

බන්දුල Wednesday, 23 January 2013 08:59 PM

එදා තරඟය වැස්සට නොගියනම් තුනෙන් දෙකකින් පරදින්නත් තිබුණා (ස)

:       0       0

සුමනා Thursday, 24 January 2013 11:39 AM

පරදිනවා මදිවට මේ අයගේ දීමනාත් වැඩිකරන්න යනවා. (නි)

:       0       0

හසන් Thursday, 24 January 2013 12:36 PM

ක්‍රීඩාවක් පරාජය වීමේදී ඔවුන් උනන්දු කිරීම සඳහා අදහස් දක්වමු (ස)

:       0       0

තත්සරණි Friday, 25 January 2013 11:01 PM

දිනනකොට වගේම පරදිනකොටත් අපි අපේ වීරයින් එක්ක ඉන්න ඕනෑ. (නි)

:       0       0

තත්සරණි Friday, 25 January 2013 11:00 PM

අපරාදේ අපිට දිනන්න තිබ්බ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site