ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බි‍්‍රස්බේන්හි වුලන්ගැබා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය.
ලකුණු 75 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 කට සීමා කිරීමට සමත් වූහ.
නුවන් කුලසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය. එක්දින තරග 129 කදී කඩුලූ 143 ක් දවාගෙන සිටින කුලසේකරගේ දක්‍ෂතම පන්දු යැවීම බවට ද මෙය පත්විය.
මෙම ලකුණු 74 වසර 42 ක ඕස්ටේ‍්‍රලියානු එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වේ. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 70 කි. 1977 දී එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති තරගයකදීත්, 1986 දී නවසීලන්තයට එරෙහිව ඇඩිලේඞ් ඕවල් පිටියේදීත් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 කට දැවී ගොස් තිබිණ.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර ශී‍්‍ර ලංකා පිල හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ පසුගිය වසරේ සිඞ්නි නුවරදී පැවැති තරගයකදී ලකුණු 158 කට දැවී යාමයි.
ලකුණු 40 කට 9 වැනි කඩුල්ලත් බිඳවැටීම නිසා ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 ට අඩුවෙන් දවාගැනීමේ හොඳ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට හිමිවූ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක්කළ මිචෙල් ස්ටාක් (නොදැවී 22) සහ සේවියර් ඩොහටි (15) ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 ක් දක්වා ඔසවා තැබූහ.
නුවන් කුලසේකර එක දිගට ඕවර 10 ක් යවමින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවාගත් අතර ලසිත් මාලිංග (14/3), ඇන්ජලෝ මැතිව්ස් (10/1) සහ ශමින්ද එරංග (12/1) ඉතිරි කඩුලූ බෙදාහදා ගත්හ.
දෙවැනි තරගයට ක‍්‍රීඩා කළ අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට මෙම තරගයේදී තිසර පෙරේරා කැදවා තිබුණි.
සිවුවැනි එක්දින තරගය හෙට (20) සිඞ්නිහිදී පැවැත්වේ.
ලකුණු පුවරුව
ඕස්ටේ‍්‍රලියාව
ඬේවිඞ් වෝනර් - ඇ. එරංග ප. මැතිව්ස් 4
පිලිප් හියුස් - ඇ. මහේල ප. කුලසේකර 3
මයිකල් ක්ලාක් - ප. කුලසේකර 9
ඬේවිඞ් හසී - ඇ. කුසල් ප. කුලසේකර 4
ජෝජ් බේලි - ක. මූ. කළා ප. කුලසේකර 0
මැතිව් වේඞ් - ඇ. ඩිල්ෂාන් ප. මාලිංග 8
මොයිසස් හෙන්ද්‍රික්ස් - ප. කුලසේකර 2
මිචෙල් ජොන්සන් - ප. මාලිංග 2
මිචෙල් ස්ටාක් - නොදැවී 22
ක්ලින්ට් මැකේ - ඇ. කුසල් ප. මාලිංග 0
සේවියර් ඩොහර්ටි - ඇ. ජීවන් ප. එරංග 15
අතිරේක 5
එකතුව ඕවර 26.4 කදී සියලූ දෙනා දැවී 74
කඩුලූ වැටීම:
1-4(වෝනර්), 2-13(හියුස්), 3-21(හසී), 4-21(බේලි), 5-28(ක්ලාක්), 6-30(හෙන්ද්‍රික්ස්), 7-35(ජොන්සන්), 8-38(වේඞ්), 9-40(මැකේ), 10-74(ඩොහර්ටි)
ඇන්ජලෝ මැතිව්ස්: 4.0.10.1, නුවන් කුලසේකර: 10.2.22.5, ලසිත් මාලිංග: 7.2.14.3, තිසර පෙරේරා : 3.0.14.0, ශමින්ද එරංග: 2.4.0.12.1
ශ්‍රී ලංකාව
මහේල ජයවර්ධන - ඇ. වෝනර් ප. මැකේ 1
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. ක්ලාක් ප. ජොන්සන් 22
ළහිරු තිරිමාන්න - ඇ. වෝනර් ප. ජොන්සන් 7
කුසල් ජනිත් - නොදැවී 22
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. ස්ටාක් ප. ජොන්සන් 0
උපුල් තරංග - ඇ. ක්ලාක් ප. ස්ටාක් 12
ජීවන් මෙන්ඩිස් - ඇ. මැකේ ප. ස්ටාක් 2
තිසර පෙරේරා - නොදැවී 4
අතිරේක 5
එකතුව ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 75
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ශාමින්ද එරංග
කඩුලූ වැටීම:
1-4(මහේල), 2-33(ඩිල්ෂාන්), 3-37(තිරිමාන්න), 4-37(මැතිව්ස්), 5-63(තරංග), 6-71(ජීවන්)
පන්දු යැවීම:
ක්ලින්ට් මැකේ: 8.0.31.1, මිචෙල් ස්ටාක්: 7.0.25.2, මිචෙල් ජොන්සන්: 3.0.11.3, මොයිසස් හෙන්ද්‍රික්ස්: 2.0.7.0
තරගයේ වීරයා: නුවන් කුලසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඕස්ට්‍රේලියාවේ ඒ. කණ්ඩායම කිව්වට මට නම්පේන්නේ ඉසඩ් ටීම් එක කියලා..!(නු)
කුසල් ඔබ පංදුවට පහරදීමේදී මට පේන්නේ සංගක්කාරවගේ.. ඔබ නියම වීරයෙක්.. ඔබගේ පන්දු රැකීමත් ඉහළයි..!(නු)
අපේ වීරයන්ට මොනවත්ම කියන්න එපා.. අපේ රටේ අය දිනුවත් බනිනවානේ.. මොනවා උනත් අපි අපේ වීරයන්ට ආදරෙයි..!(නු)
අපේ සිංහ පැටව් නියමයි... කැංගරුවන් සිංහයාට බයයි. මහේල ඔබගේ නායකත්වය මිල කළ නොහැකියි.. ජය නියතයි ශ්‍රී ලංකා..!(නු)
76 ගහල තියෙන්නේ ඕවර 20 කදී විකට් 6ක් ගිහිල්ල. 99න බේරිලා තියෙන්නේ.(ස)
අපෝ මට වමනේ යන්න වගේ. 75ක් ගහන්න විකෙට් 6ක් ?? (නි)
නවක පිතිකරුවන් අපේ රටට හයියක් (දී)
අපේ වැරදි හදාගෙන ඉදිරියටත් ජය ගන්න ඕනේ (දී)
කුසල් නම් හොද දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
75ට ත් කඩුළු 6යි ඕවර 20ක්..!(නු)
75ට ත් කඩුළු 6යි ඕවර 20ක්..!(නු)
සුභ පැතුම් ලංකා කණ්ඩායමට..!(නු)
ප්‍රභා, අපරාදේ ඔයාට ටීම් එකට සෙල්ලම් කරන්න හරි, පුහුණු කරන්න හරි යන්න තිබුණා. (නි)
හොඳයි (ස)
දිනුවත් බැනුම්...පැරදුනත් බැනුම්.... අනිත් එකත් ගහමු....එල..එල...(ස)
ලංකාව පුදුමාකාර විදියට ක්‍රීඩා කළා. (නි)
මෙදා පාර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පඩි මදි ඇති.. කරුණාකර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පඩි වැඩිකරන්න..!(නු)
තණනිල්ලහි දෝෂයක්නම් දෙපැත්තටම අමාරුයි දිනන එක ලේසි නැහැ.!(නු)
පුදුමයි...ඒත් ඇත්තයි. අපිටනම් දැන් ක්‍රිකට් එපා වෙලා (ස)
කුලේ , ඔයානම් සුපිරි කොල්ලෙක් .ඔයාගේ හිනාව ලස්සනයි . අපි හැමදාමත් ඔයාලට ආදරෙයි. අපි මේ තරඟ වලින් දිනනවා (ස)
කොහොමද අපේ සිංහ පැටවූ(දී)
75 ගහන්න විකට් 6 ? (ස)
ඒක දන්නේ දැන්ද ලුමිණි (ස)
බොහොම සතුටුයි. සුබ පැතුම් (ස)
මදැයි නිඩාඩුවකුත් දාලා තරගය බලන්න ගියා... දවස් බාගෙන් තරගය ඉවරයි..!(නු)
ශ්රී ලංකා පිල 2 - 1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට !!!!!!!!! (ස)
සුභ පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමට.. කෝ අද අර අහන අයමේ ගහන්නේ ටෙස්ට් තරගාවලියක්ද එක් දින තරගාවලියක්ද කියලා.. මිනිසුනේ මේක තමයි ක්‍රිකට් කියන්නේ..!(නු)
අපේ කඩුලු 6ක් (ස)
හැමදාම දිනන්නත් බැහැ. හැමදාම පරදින්නේත් නැහැ. හැම රටකටම එහෙම තමයි. ඒ නිසා දිනුවහ නියමයි කියනවා වගේම පැරදුනාම නොබැන ඉන්නත් පුරුදු වෙමු . සිංහයින්ට ජය. (නි)
ඔස්ට්‍රේලියව ඔක්කොම අවුට් වෙලා 74කට. (ස)
අද නම් ලංකාව 100 අඩුවෙන් කඩනවා ඕස්ට්‍රේලියාවෝ (ස)