IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 කින් පරදවමින් ශී‍්‍ර ලංකාව තරගාවලියේ පෙරමුණ ගනී

ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බි‍්‍රස්බේන්හි වුලන්ගැබා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය.
ලකුණු 75 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
 ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ප‍්‍රබල  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 කට සීමා කිරීමට සමත් වූහ.
නුවන් කුලසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය. එක්දින තරග 129 කදී කඩුලූ 143 ක් දවාගෙන සිටින කුලසේකරගේ දක්‍ෂතම පන්දු යැවීම බවට ද මෙය පත්විය.
මෙම ලකුණු 74 වසර 42 ක  ඕස්ටේ‍්‍රලියානු එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වේ.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 70 කි. 1977 දී එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති තරගයකදීත්, 1986 දී නවසීලන්තයට එරෙහිව ඇඩිලේඞ්  ඕවල් පිටියේදීත්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 කට දැවී ගොස් තිබිණ.
 ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර ශී‍්‍ර ලංකා පිල හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ පසුගිය වසරේ සිඞ්නි නුවරදී පැවැති තරගයකදී ලකුණු 158 කට දැවී යාමයි.
ලකුණු 40 කට 9 වැනි කඩුල්ලත් බිඳවැටීම නිසා  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 ට අඩුවෙන් දවාගැනීමේ හොඳ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට හිමිවූ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක්කළ මිචෙල් ස්ටාක් (නොදැවී 22) සහ සේවියර් ඩොහටි (15)  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 ක් දක්වා ඔසවා තැබූහ.
නුවන් කුලසේකර එක දිගට  ඕවර 10 ක් යවමින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවාගත් අතර ලසිත් මාලිංග (14/3), ඇන්ජලෝ මැතිව්ස් (10/1) සහ ශමින්ද එරංග (12/1) ඉතිරි කඩුලූ බෙදාහදා ගත්හ.
දෙවැනි තරගයට ක‍්‍රීඩා කළ අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට මෙම තරගයේදී තිසර පෙරේරා කැදවා තිබුණි.  
සිවුවැනි එක්දින තරගය හෙට (20) සිඞ්නිහිදී පැවැත්වේ.

ලකුණු පුවරුව
ඕස්ටේ‍්‍රලියාව
ඬේවිඞ් වෝනර් - ඇ. එරංග ප. මැතිව්ස්     4
පිලිප් හියුස් - ඇ. මහේල ප. කුලසේකර     3
මයිකල් ක්ලාක් - ප. කුලසේකර     9
ඬේවිඞ් හසී - ඇ. කුසල් ප. කුලසේකර     4
ජෝජ් බේලි - ක. මූ. කළා ප. කුලසේකර     0
මැතිව් වේඞ් - ඇ. ඩිල්ෂාන් ප. මාලිංග     8
මොයිසස් හෙන්ද්‍රික්ස් - ප. කුලසේකර     2
මිචෙල් ජොන්සන් - ප. මාලිංග     2
මිචෙල් ස්ටාක් - නොදැවී     22
ක්ලින්ට් මැකේ - ඇ. කුසල් ප. මාලිංග     0
සේවියර් ඩොහර්ටි - ඇ. ජීවන් ප. එරංග     15
අතිරේක     5
එකතුව  ඕවර 26.4 කදී සියලූ දෙනා දැවී     74
කඩුලූ වැටීම:
1-4(වෝනර්), 2-13(හියුස්), 3-21(හසී), 4-21(බේලි), 5-28(ක්ලාක්), 6-30(හෙන්ද්‍රික්ස්), 7-35(ජොන්සන්), 8-38(වේඞ්), 9-40(මැකේ), 10-74(ඩොහර්ටි)
ඇන්ජලෝ මැතිව්ස්: 4.0.10.1, නුවන් කුලසේකර: 10.2.22.5, ලසිත් මාලිංග: 7.2.14.3, තිසර පෙරේරා : 3.0.14.0, ශමින්ද එරංග: 2.4.0.12.1

ශ්‍රී ලංකාව
මහේල ජයවර්ධන - ඇ. වෝනර් ප. මැකේ     1
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. ක්ලාක් ප. ජොන්සන්    22
ළහිරු තිරිමාන්න - ඇ. වෝනර් ප. ජොන්සන්    7
කුසල් ජනිත් - නොදැවී     22
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. ස්ටාක් ප. ජොන්සන්     0
උපුල් තරංග - ඇ. ක්ලාක් ප. ස්ටාක්     12
ජීවන් මෙන්ඩිස් - ඇ. මැකේ ප. ස්ටාක්     2
තිසර පෙරේරා - නොදැවී     4
අතිරේක     5
එකතුව  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී     75
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ශාමින්ද එරංග
කඩුලූ වැටීම:
1-4(මහේල), 2-33(ඩිල්ෂාන්), 3-37(තිරිමාන්න), 4-37(මැතිව්ස්), 5-63(තරංග), 6-71(ජීවන්)
පන්දු යැවීම:
ක්ලින්ට් මැකේ: 8.0.31.1, මිචෙල් ස්ටාක්: 7.0.25.2, මිචෙල් ජොන්සන්: 3.0.11.3, මොයිසස් හෙන්ද්‍රික්ස්: 2.0.7.0
තරගයේ වීරයා: නුවන් කුලසේකර 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 කින් පරදවමින් ශී‍්‍ර ලංකාව තරගාවලියේ පෙරමුණ ගනී

තත්සරණී Saturday, 19 January 2013 05:11 PM

අපේ සිංහ පැටව් නියමයි... කැංගරුවන් සිංහයාට බයයි. මහේල ඔබගේ නායකත්වය මිල කළ නොහැකියි.. ජය නියතයි ශ්‍රී ලංකා..!(නු)

:       0       0

තත්සරණී Saturday, 19 January 2013 05:13 PM

අපේ වීරයන්ට මොනවත්ම කියන්න එපා.. අපේ රටේ අය දිනුවත් බනිනවානේ.. මොනවා උනත් අපි අපේ වීරයන්ට ආදරෙයි..!(නු)

:       0       0

තත්සරණී Saturday, 19 January 2013 05:14 PM

කුසල් ඔබ පංදුවට පහරදීමේදී මට පේන්නේ සංගක්කාරවගේ.. ඔබ නියම වීරයෙක්.. ඔබගේ පන්දු රැකීමත් ඉහළයි..!(නු)

:       0       0

අරවින්ද Friday, 18 January 2013 03:41 PM

මෙදා පාර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පඩි මදි ඇති.. කරුණාකර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පඩි වැඩිකරන්න..!(නු)

:       0       0

සම්පත් Friday, 18 January 2013 03:44 PM

මේක ඕස්ට්‍රේලියාවේ ඒ. කණ්ඩායම කිව්වට මට නම්පේන්නේ ඉසඩ් ටීම් එක කියලා..!(නු)

:       0       0

තරිදු Friday, 18 January 2013 03:57 PM

දිනුවත් බැනුම්...පැරදුනත් බැනුම්.... අනිත් එකත් ගහමු....එල..එල...(ස)

:       0       0

අමිල Friday, 18 January 2013 04:01 PM

හොඳයි (ස)

:       0       0

කමල්123 Friday, 18 January 2013 04:23 PM

ප්‍රභා, අපරාදේ ඔයාට ටීම් එකට සෙල්ලම් කරන්න හරි, පුහුණු කරන්න හරි යන්න තිබුණා. (නි)

:       0       0

ඉන්දිකා Friday, 18 January 2013 04:25 PM

සුභ පැතුම් ලංකා කණ්ඩායමට..!(නු)

:       0       0

රංජිත් Friday, 18 January 2013 04:25 PM

75ට ත් කඩුළු 6යි ඕවර 20ක්..!(නු)

:       0       0

රජීව් Friday, 18 January 2013 04:26 PM

75ට ත් කඩුළු 6යි ඕවර 20ක්..!(නු)

:       0       0

දීපා Friday, 18 January 2013 04:36 PM

පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

චානක Friday, 18 January 2013 04:54 PM

කුසල් නම් හොද දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

උපුල් Friday, 18 January 2013 02:10 PM

හැමදාම දිනන්නත් බැහැ. හැමදාම පරදින්නේත් නැහැ. හැම රටකටම එහෙම තමයි. ඒ නිසා දිනුවහ නියමයි කියනවා වගේම පැරදුනාම නොබැන ඉන්නත් පුරුදු වෙමු . සිංහයින්ට ජය. (නි)

:       0       0

ෆාරු Friday, 18 January 2013 02:14 PM

අපේ කඩුලු 6ක් (ස)

:       0       0

දමිත් Friday, 18 January 2013 05:47 PM

අපේ වැරදි හදාගෙන ඉදිරියටත් ජය ගන්න ඕනේ (දී)

:       0       0

ඉසුරු Friday, 18 January 2013 05:49 PM

නවක පිතිකරුවන් අපේ රටට හයියක් (දී)

:       0       0

රොෂාන් Friday, 18 January 2013 02:32 PM

සුභ පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමට.. කෝ අද අර අහන අයමේ ගහන්නේ ටෙස්ට් තරගාවලියක්ද එක් දින තරගාවලියක්ද කියලා.. මිනිසුනේ මේක තමයි ක්‍රිකට් කියන්නේ..!(නු)

:       0       0

දේශාභි Friday, 18 January 2013 02:36 PM

ශ්‍රී ලංකා පිල 2 - 1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට !!!!!!!!! (ස)

:       0       0

නලිංග Friday, 18 January 2013 10:29 AM

ලංකාව පුදුමාකාර විදියට ක්‍රීඩා කළා. (නි)

:       0       0

සමන් Friday, 18 January 2013 10:37 AM

අද නම් ලංකාව 100 අඩුවෙන් කඩනවා ඕස්ට්‍රේලියාවෝ (ස)

:       0       0

ජෝස් Friday, 18 January 2013 02:38 PM

මදැයි නිඩාඩුවකුත් දාලා තරගය බලන්න ගියා... දවස් බාගෙන් තරගය ඉවරයි..!(නු)

:       0       0

රොහාන් Friday, 18 January 2013 02:46 PM

බොහොම සතුටුයි. සුබ පැතුම් (ස)

:       0       0

ලුම්බිණි Friday, 18 January 2013 11:06 AM

ඔස්ට්‍රේලියව ඔක්කොම අවුට් වෙලා 74කට. (ස)

:       0       0

රංචිත් Friday, 18 January 2013 02:49 PM

ඒක දන්නේ දැන්ද ලුමිණි (ස)

:       0       0

ප්‍රභා Friday, 18 January 2013 02:48 PM

75 ගහන්න විකට් 6 ? (ස)

:       0       0

තත්සරණි Friday, 18 January 2013 02:52 PM

කොහොමද අපේ සිංහ පැටවූ(දී)

:       0       0

නඩරාජ් Saturday, 19 January 2013 02:58 PM

76 ගහල තියෙන්නේ ඕවර 20 කදී විකට් 6ක් ගිහිල්ල. 99න බේරිලා තියෙන්නේ.(ස)

:       0       0

තත්සරණි Friday, 18 January 2013 02:54 PM

කුලේ , ඔයානම් සුපිරි කොල්ලෙක් .ඔයාගේ හිනාව ලස්සනයි . අපි හැමදාමත් ඔයාලට ආදරෙයි‍. අපි මේ තරඟ වලින් දිනනවා (ස)

:       0       0

අනුර Friday, 18 January 2013 03:02 PM

පුදුමයි...ඒත් ඇත්තයි. අපිටනම් දැන් ක්‍රිකට් එපා වෙලා (ස)

:       0       0

කුලේ Friday, 18 January 2013 07:51 PM

අපෝ මට වමනේ යන්න වගේ. 75ක් ගහන්න විකෙට් 6ක් ?? (නි)

:       0       0

මහේෂා Friday, 18 January 2013 03:23 PM

තණනිල්ලහි දෝෂයක්නම් දෙපැත්තටම අමාරුයි දිනන එක ලේසි නැහැ.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site