ශ‍්‍රී ලංකාවට එරෙහිව අනිද්දා (18) බි‍්‍රස්බේන්හිදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගය සඳහා වන සංචිතයට වේග පන්දු යවන කී‍්‍රඩක බෙන් කටින් කැඳවා තිබේ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රබලතම වේග පන්දුයවන්නන් දෙදෙනා වන මිචෙල් ජොන්සන් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාම සුළු ආබාධ වලින් පසුව සුවය ලබමින් පසුවන හෙයින් ඕස්ටේ‍්‍රලියානු පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිීරීම සඳහා බෙන් කටින් සංචිතයට කැඳවා තිබේ.
කෙසේ වෙතත් මිචෙල් ජොන්සන් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාටම තුන්වැනි එක්දින තරගය සඳහා සහභාගි වීමේ හැකියාව ඇතැයි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් නිලධාරීහු පවසති.
25 හැවිරිදි දකුණතින් වේග පන්දුයවන බෙන් කටින් ඇඩිලේඞ්හිදී පැවැති දෙවැනි එක්දින තරගයේදී එක්දින වරම් ලැබූ අතර එහිදී එක කඩුල්ලක් දවාගත්තේය. ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව පවසන්නේ ජොන්සන් සහ ස්ටාක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකින් පසුව හෙට තරගයට ක‍්‍රීඩා කරන්නේ නම් බිග් බෑෂ් තරගාවලියේ අවසන් තරගය සඳහා කී‍්‍රඩා කිරීමට බෙන් කටින් නිදහස් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවත් කවුරු ගෙනාවත් අපේ සිංහයෝ වන් ඩේ වලට දක්ෂයි. (නි)
කවුරු ආවත් අපේ ක්‍රීඩකයෝ නම් හොද සටනක් දේවි. (නි)
අපි කොහොමත් කාටවත් බය නැහැ. අපි වීර සිංහ පැටවු. (නි)
හිතාගෙන ඇති අපි බය වෙයි කියලා. එයාලා කැන්ගරුවෝ. අපි සිංහයෝ. (නි)
වැඩත් එහෙමද දන්නේ නෑ (ස)
නියමයිනේ. (නි)
මොන කටින් ආවත් සිංහ කටින් බේරෙන්න අමාරුයි, (ස)
අන්න එහෙමයි ඖස්ට්‍රලියව තමන්ගේ ක්‍රීඩකයෝ ආරක්ෂා කරන්නේ. ක්‍රීඩකයන්ටත් හිතු මනාපෙට සල්ලිවලට රට දෙවනියට දාල පිට සෙල්ලම් කරන්න බැහැ. ඇයි ලංකාවේ උදවියට මේවා ආදර්ශයට ගන්න බැරි ?(නු)
අපේ අය හොදින් සෙල්ලම් කරයි (ස)