ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් පිල කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට අටවැනි වරටත් සුදුසුකම් ලැබීමට අද (10) සමත් විය.  ඕස්ටේ‍්‍රලියාව පසුගිය ලෝක කුසලාන තරගාවලි 9 න් පහකම ශූරතාව දිනා තිබේ.

ඕස්ටේ‍්‍රලියාව 1978, 1982, 1989, 1997 සහ 2005 යන තරගාවලිවල ශූරියන් වූ අතර 1973 සහ 2000 තරගාවලිවල අනු ශූරතාව හිමිකර ගත්තේය.