හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්නට ගිය මියන්මාර ජාතිකයන් 130 දෙනකුගෙන් අනූ අට දෙනකු විටින් විට මූහුද මැදදී මැරුණු පසු මුහුදට දැමූ බව දිවි බේරාගත් මියන්මාර ජාතිකයෙක් ගාලු වරයායේදී පැවැසීය.
ඔවුන් මුලින්ම මලයාසියාව බලා යාත්‍රා කළ නමුත්, මලයාසියාව ඔවුන් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.
සංගම්කන්ද මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාවෙන් බේරාගත් මියන්මාර ජාතිකයන් තිස් දෙදෙනෙක් ගාලු වරයාට මින් මද වේලාවකට කළින් රැගෙන එනු ලැබූහ.
ලෑලි ගැසූ බෝට්ටුවක් වැනි යාත්‍රාවකින් ඔවුන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.
බොහෝ දෙනා මරණයට පත් වී ඇත්තේ කෑම නැතිවීමෙන් බව භාෂා පරිවර්තක හිමිනමකගේ සහායෙන් දැනගත හැකි වූ බව නාවික හමුදාව කියයි.
ගාල්ලට ගෙන ආ තිස් දෙදෙනාගෙන් බරපතල තත්ත්වයේ පසු වූ හය දෙනෙක් වහා රෝහල් ගත කරනු ලැබූහ.
සෙසු සියලු දෙනා ද රෝහලට රැගෙන යන බව නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් කුනු ගොඩටම තමයි එකතු වෙන්නේ.
ජිවත් වෙන්න මෙහෙමත් සටනක් (දී)
මේ ගෞතම ලෝක බෞද්ධ අධිරාජ්‍යයේ ආරම්භයයි !. (ස)
ලලිත්, අපේ මුතුන් මිත්තෝ සුද්දන්ට කැරලි ගහලා එළවාගත්තා. දැන් අපේ අය බෝට්ටු වල එල්ලිලා එහෙට බඩගානවා. එහෙත් කන්ට බෝනට දීලා පුරවැසිකමත් දීලා තියාගන්නවා. එක්කෝ අපිට ලැජ්ජා නැහැ. එක්කෝ එයාලට ලැජ්ජා නැහැ.(නදී)
මොනවද බොලව් මේ ප්‍රතිචාර ? මිනිස්සු ටිකක් මුහුදේ අතරමන් වෙලා කරදරේ වැටිලා ආවම කියන කතාද ? ඇමරිකන් කාරයෝ ටිකක් බේරාගත්තනම් කියයි අපි තමා හොයල දුන්නේ කියල.(නදී)
ඒක වෙනස් කරන්න ඔයාටයි මටයි බැහැ නීලා. එහෙම ඡන්දෙ දිනුව අය තමයි අද අපේ රටේ පිස්සු නටන්නේ. දේශපාලඥයෝ පස්සේ යන්න අකමැති අපි වගේ අය තමයි වෙන කරන්න දෙයක් නැති කමට රට යන එක තෝරගන්නේ. සමහරු නීත්‍යානුකූලව යනවා. තවත් අය නීතිවිරෝධීව යනවා. ජීවත් වෙන්න කරන උත්සාහයක් තමයි ඔය දෙකෙන්ම වෙන්නේ. (නදී)
මේක ගෞතම බුද්ධ රාජ්‍යද?(නදී)
ලලිත්, රටක මිනිසුන් ඡන්දෙ දාන්නේ රස්සාවටයි, බෝතලයටයි රැවටිලා නමි ඔවුන් පත් කරන්නේ දූෂිත පාලකයෝ. එහෙම වුනාම ඒ රට යන්නේ ආගාදෙට. ඊට පස්සේ බෝට්ටුවල එල්ලිලා සුද්දන්ට බැන බැන ඒ රටවල්වලටම බඩගානාවා. ඒක උත්තරයක් නෙමෙයි. (නදී)
කුනු කියන්නේ මලයාසියාවට ගිය කුනු ටික අපිට දුන්නා. අපි කමු.(නදී)
කුනු කොහොමත් කුනු ගොඩටම තමයි එකතු වෙන්නේ.(නදී)
මොකක්ද නිලංග කුනු නියන්නේ.(නදී)
සිදුවුන කරදරේට දුකයි. කොහොමත් පලවෙනි වාරය වරදිනවා. දෙවැනි වාරය තමයි හරියන්නේ.(නදී)
ලෝකයටම මෛත්‍රිය පෙන්වා දෙනන අවස්ථාවක් . (ස)
පව් අහිංසක මිනිස්සු. දුප්පත් කමට නේද මෙහෙම යන්න හදන්නේ . (ස)
දැක්කා නේද මලයාසියාව කරපු දේ? මේවා අපිට හොඳ පාඩම්. අපි ඉතින් ආසියාවේ ආශ්චර්යනේ..එන ඕන කෙනෙක් බාර ගන්නවා පිරිත් නූල් එහෙම බැඳලා? අන්තිමට කනවෝ..කනවෝ..කියල කෑ ගහනව.(නදී)
බුද්ධි අංශ මේ පිළිබදව වැඩිදුර සෙවිල්ලෙන් සිටින්න ඕනෑ. (නි)
පවු අහිංසක ජීවිත. (නි)
අනේ නීලා ඔයාගේ කුනු කතා වලින්ම තේරෙනවා මොන වගේ කුහක කෙනෙක්ද කියලා. හැමෝම හදන්නේ ලස්සනට ජීවත් වෙන්න. තමන්ගේ ජීවිත පරදුවට තියලා මෙයාලා කරන්නෙත් ඒකමයි.(නදී)