ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව ගෙන යාමේ භාග්‍යය උදාකරගත් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සුජිත් වීරසිංහ මහතා එම ගිනි සිළුවද රැගෙන කටුනායකින් දිවයිනට පැමිණියේය.
ඔලිමිපික් ඉතිහාසයේ මෙතෙක් ගිනිසිළුවක් රැගෙන යාමේ භාග්‍ය හිමිකරගත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේද මොහුයි.
බ්‍රිතන්‍ය පෙට්‍රෝලියම් කෝපරේෂන්හි විධායක නිලධාරියෙකු වන වීරසිංහ මහතා ඔලිමිපික් ගම්මානයේ බලශක්ති අවශ්‍යාතාවයන් සපුරාලීම සඳහා කළ සේවයට බ්‍රිතාන්‍ය රැජින විසින් පත් කළ ඔලිම්පික් කමිටුවෙන් ගිණිසිළු ගෙන යාමේ අවස්ථාවට ලබා දී ඇත.
ඔහු ඇතුළු අටදහසක් දෙනා ගිණිසිළුව රැගෙන ගිය ඇතර, ගිනි සිළුවේ ඇති සිදුරු අටදහසෙන් එය අර්ථවත් කරයි.
මීගලග ඔලිමිපික් උළෙල නියෝජනය කිරීමට සැගවුණ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ඔවුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට තමා ලංකාවට පැමිණි බව වීරසිංහ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම විරල සිතුවිල්ලක්. ඔබට ජය ශ්‍රී! (නි)
උණුසුම් සුබ පැතුම්. (ස)
දක්ෂයින්ව ඉදිරියට ගන්න. (නි)
ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් රටටම ආඩම්බරයක්. (නි)
ඔබගේ මෙම උදාර අදහස අවංකවත් , සාර්ථකවත් කර ගැනීමට ධෛර්යයත්, වාසනාවත් ලැබේවා! (නි)
ඒකත් අපිට ලොකු දෙයක් තමයි. සන්තෝෂයි. (නි)
පහුගිය දවස් වල අහන්න ලැබුණූ හද සසළවන පුවත් වල හැටියට මේ පුවත සතුටක් ගෙනෙනවා. (නි)
මට නම් මතක විදියට 1992 අවුරුද්දෙ තිබුණු ඔලිම්පික් උළෙලෙදි ජයමිනී ඉලේපෙරුම ක්‍රීඩිකාවට මෙම අවස්ථාව උදාවුණා වගේ මතකයි. (නි)
ඔබේ උත්සවය සාර්ථක වේවා! ඔබේ නාමය බැබළේවා! (නි)
අපේ කට්ටිය ඕක ඕනෑනම් දිය යටිනුත් අරගෙන යයි. (නි)
ඔබ නියම ශ්‍රි ලාංකිකයෙක්. ඔබට සුභ පැතුම්! (නි)
බැරිවෙයිද තව එක සිදුරක් වැඩි කරලා අපේ අහවල් ඇමතිතුමාත් ඇතුළත් කරගන්න, මහත්තයෝ. (නි)
ඔබට සුභ පැතුම්! (නි)
ඔබට ස්තුති පූර්වකව සුභ පතමි... ඔබ වැනි රටට ආදරය ඇති ලක් පුතුන් තව තවත් බිහිවේවා..!(නු)
ගොඩක් හොද අදහසක්. ගම්වල සිටින දුප්පත් දරුවන් සොයා පිහිට වන්න. (නි)
ලංකාවේ අපේ තවත් කොල්ලෙක් ඔය ගිනි සිළුව අරගෙන ගියා. (http://ceylonradio.co.uk/?p=595) (ස)
කෝ ගින්දර (අ)
ආපහු ගෙනියන්න පුළුන් වෙයිද? (අ)
ඔබ නියම ශ්‍රි ලාංකිකයෙක් (අ)
අපේ නැයි පිට නයි, අවුස්සන අය බලනම් (අ)
බලාගෙන මහත්තයෝ අපේ අයියලා ඔය සිළුවත් හොරකම් කරයි..?(නු)
මේකත් හොරකකම් කරයිද දන්නෙ නැහැ.. පරිස්සම් කරගන්න මහත්තයෝ.. අන්තිමට ජීවිතාන්තය දක්වා ණයකාරයෝ කරයි..!(නු)
තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපන් රටට සේවයක් කරන්න සැරසෙන ඔබ තුමාට සෑම දෙනාටම හොද ආදර්ශයක්..!(නු)
සුභ පැතුම්...
අනේ අපේ රටේ කොයි තරම් දක්ෂයෝ ඉන්නවාද උදව් කරන්න කෙනෙක් නැතිව.. ඒ අයව හොයලා උනන්නදු කරවලා ඉදිරියට ගන්න. රජයෙන් උදව් දෙන්නෙ පොහොසත් අයට.. දුප්පතුන් හැමදාම දුප්පතුන්මයි.. ගම්වල පාසල්වල කොයි තරම් දක්ෂ දරුවො ඉන්නවාද? කරුණාකර එයාලට උදව්වක් දෙන්න.. ඔයාට පිං..!(නු)
ඔබ වැනි ශ්‍රේෂ්ට පුද්ගලයින් රටටම ආඩම්බරයක්. (නු)