ආසියාවේ රටක ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපති නිලධරයෙකි. ඔහු තම රියදුරා සේවයෙන් ඉවත් කළේය.
පසුගිය දිනක ඔහු ඉන්ධන ගැනීමට සැප රිය පදවාගෙන එරට තෙල් හලකට ගියේය. ඩීසල් පොම්පය ළඟ නතර කළේය.ඩීසල් ගසා ගත්තේය. ටික දුරක් ගියේය. ඇන්ජිම නතර විය.
පෙට්‍රල් ගැසිය යුතු ටැංකියට ඩීසල් ගැසීමෙන් ‘සීස්‘ වූ ඇන්ජිම හදා ගැනීමට බර ගණනක් මුදල් ගෙවිය යුත්තේ බදු ගෙවන්නාගේ සාක්කුවෙනි. මේ ලොක්කා ඔහුගේ අලුත් මිතුරකුගේ රෙකමදාරු අනුව එරටින් රියදුරකු සේවයට එක් කර ගත්තේය. ඔලමොට්ටලකම්වලට නම් දැරූ මේ නිලධරයා දැන් කොළඹට අවිල්ලාලු. හැබැයි ඉන්නේ ඔහුට නම නියම වූ තැන නොවේලු. වෙනත් වැදගත් අමාත්‍යංශයකලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ප්‍රවෘත්තියක් නෙමෙයි. පුද්ගලික මඩ ගැසීමත්. පෙට්රල්, ඩීසල් මාරු වෙන එක අත්වැරැද්දක්. වෙන වංචා කළ බවක් කියලත් නැහැ. නිලධාරියා කව්ද කියලා නම දාන්නෙත් නැහැ. මේක තනිකරම අමු මඩ ගුලියක්.(නදී)
තවත් මුස්ලිම් වැඩක් වගේ.... (නි)
තව නැද්ද (දී)
අනේ ඉතින් අපි මොකද කරන්නේ? ඉන්දනහලකටවත් යවමු.(නදී)
කොහෙත් එකයි (දී)
අපි තෙල් සංස්ථාවේ සභාපති කරමු. (නි)
ඒ වගේ කෙනෙක් මෙහෙම වැදගත් රස්සාවක් කරනවද? (නි)
ඡන්දෙන් පාර්ලිමේන්තු යවපූ කටිටියගෙ නිවැරදි පත්කිරීම්. ඔහොම යං... (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. ලංකාවෙනේ. (නි)
බදු ගෙවන්නා කියන්නේ අපිද (දී)
ඇයි නම දාන්නේ නැත්තේ? අඩු තරමේ දැන් ඉන්න අමාත්‍යංශෙය හෝ මිනිහගේ තනතුර පලකරන්න.(නදී)
තානාපති කාර්යාලයේ වාහනවල ඩීපීඑල් කියලා ගහලා තියෙනවනේ. ඒ කියන්නේ ඒ වාහන ඩිසල් පෙට්‍රල් ලාම්පුතෙල් 3 න් ම දුවන්න පුළුවන් නිසානේ. ඉතින් ඒ මනුස්සයාගේ වරදක් නැහැනේ? (නි)
පෙට්‍රෝල් මිළ වැඩි නිසා අරපරිස්සම් වැඩක් කරලා තියෙන්නේ. (නි)
රියදුරු වැඩේ එයා කරන්න ගිය නිසානේ ඕක දැක්කේ. (නි)
මේ... අපි ඕවාට නැහැ හොදේ. අපිව ගාවගන්න එපා. ඒක එයත් එක්ක බේර ගන්න. (නි)
තිසල්ට මොකද කේන්ති ගිහින්?
බදු ගෙවන්නාගේ නම පළ කරන්නකෝ. (නි)