අයිය නගෝ දෙදෙනකු විසින් තම වත්තෙන් සොරාගත් රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්නැයි පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය.
මොහුගේ හොරණ මිල්ලෑව බෝලවත්තේ ඉඩමට අයුතු ලෙස ඇතුල්වී කොස්ගෙඩි දෙකක් හා පොල් ගෙඩි කිහිපයක් සොරාගත් බව කියන අයිය නගෝ දෙදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප දෙක බැගින් නියම කළ හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා ඔවුන් මුදාහරින්නැයි ඊයේ (18) නියෝග කළේය.
ඇප නියම වූයේ කිඳෙල්පිටිය මිල්ලෑවේ දේවගේ තිලකරත්න සහ මානෙල් ගුණසේකර නැමති අයිය නගෝ දෙදෙනාටය.
පිලියන්දල සුනිල් විජේසේකර මහතා මොරගහහේන පොලීසියට කළ පැමිණිල්ලක් මත මොවුහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
තමා ඉඩමට යනවිට මෙම සැකකරුවන් දෙදෙනා තමා දැක දිවගිය බවත් ඔවුන් අත රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙකක් තිබෙනු දුටු බවත් පැමිණිලිකරු පොලිසියට කීබව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවැසීය. සැකකරුවන් ත‍්‍රීරෝද රියකින් පැමිණ ඇති බවද ඔවුන් තම ඉඩමේ පොල් ද සොරකම් කර ඇතැයිද පැමිණිලිකරු පොලිසියට කියා ඇත.
කොස් ගෙඩි දෙක පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී එම කොස්ගෙඩි දෙක තමන්ට එපායැයි පැමිණිලි පාර්ශවය උසාවියට දැන්වීය.
එම කොස්ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම සොරා ගත් බව කියන පොල් ගෙඩි කීපයද සොයාගනු ලැබුවහොත් ඒවාද පුණ්‍යායතනයකට භාරදෙන ලෙස ඉල්ලීම් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහත්වරු පෙනී සිටියහ.
විභාගය මැයි තුන් වැනිදාට කල් තැබීය.
විජේසේකර මහතා වැඩ තහනම් වූ නිලධරයෙකියි අපේ වෙබ් අඩවියේ පළ වූයේ පොලීස් ආරංචි වලින් ලැබුණු තොරතුරු අනුවය. එය වැරදි බව දැන් අපට දන්වා ඇත. ඔහු දැනට සේවයේ යෙදෙන නිලධරයෙකි. එම ප්‍රමාද දෝෂය ගැන ඒ මහතාට අපේ කනගාටුව පළකරන්නෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂහ්! මාර පිනක්නේ කරලා තියෙන්නේ!! (නි)
අදින්නාදානා වේරමනී සික්කාපං සමාදියාමි..!(නු)
ඇත්තටම මෙයා පොලිස් අධිකාරී කෙනෙක්ද? නැත්නම් පිස්සෙක්ද? (නි)
මේ වගේ නඩුවක් කාලෙකට ඉස්සරවෙලා බලංගොඩ උසාවියෙ ඇහුවා.. ඒකෙදි කොස් ගෙඩියෙ දඩය ගෙවන්න බැරිව කතා නායකයා මාස හයකට හිරේ දාන්න තීරණය කළා.. නඩුකාරඋන්නාන්සෙ පැමිණිලි කරුට කිව්වා කොස් කඩපු කෙනා හිරේයවන්න තීන්දු කෙරුවා පැමිණිලිකරු හය මාසයක් ඉවරවෙනකම් කොස් ගෙඩිය කඩපු කෙනාගෙ දරු පවුලට අවශ්‍ය වියදම් දරන්න කියලා අනේ මේකටත් එහෙම තීන්දුවක් දුන්නා.!(නු)
මෙයාට අපි කියමු "වැල මාමා" කියලා. (නි)
පොඩි හෝ ලොකු භේධයක් නෑ . වරද වරදමයි (ස)
මේ වගේ දේකට දිපු දඩුවම නම් බොහොම සැර වැඩියි, නැති බැරි කම සලකා සුලු දඩුවමක් දිම සාධාරනයි. මිට වඩා මිණීමරපු අයට දිපු දඩුවම් ඉතා සුලුයි නේද? ඉස්සර කාලෙ තිබුණ - කොස් ගෙඩියට මිනී මරපු කථාවක්. ඉස්සරහටත් එහෙම වෙයිද පොලිස් ඇත්තන්ගෙ දේවල් සොරකම් කලොත්. බලය පාවිචිචි කළ යුත්තේ සාධාරන අයුරින් බවයි මම හිතන්නේ. (ස)
පුන්‍යායතනයකට දෙන එක නම් ගොඩක් වටිනවා (ස)
කොස් ගෙඩි දෙකම පොලිස්මහත්තයාට කවන්න ඔන.!(නු)
හිනා යනවා මේ වැඩ වලට (දී)
උසාවියෙදි කොස්ගෙඩි දෙක මාරු කරලා වගෙයි. මෙයා කියන කියන විදියට උසාවිය කරන්න ඕනෑද? (නි)
වරකා හොද කෑමක් (දී)
වැඩ නැතිවට වැඩ (දී)
පින ලැබෙයි, පින වගේද ප්‍රසිද්ධිය (දී)
මෙයාලට කරන්න පුලුවන් කොස් පොල් හොරුන් අල්ලනවා වගේ වැඩ තමයි. (නි)
එස්.පී මහතාගේ රුකියාව නැතිවෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා තමයි.. කොහොමත් මෙයාලට අනුන්ගේ දුක දැනෙන්නෙ නැහැ.. මේකත් හොරකමක්ද ඇත්තටම..!(නු)
ජීවන්ති කියනදේ තේරුම් ගමු (අ)
ඉල්ලන් කෑම හා ඇදගෙන නෑම (ස)
පොලිසිය දැන් කොස් ගෙඩි දෙකකටත් නඩු කියනවා. අනේ අනිච්චං (නි)
එපා වෙන්නේ නැද්ද, දුන්නේ කොස් , ලැබුනේ වරකා (දී)
ඉතින් මේ මිනිස්සු කොහොමද නැති බැරි මිනිසෙකුට දෙයක් දෙන්නේ? නොමැරෙන්න ජීවත් වෙන්න හිතන උදවිය. යම් විදියකින් මැරුණොත් දිවිය ලෝකෙටම කෙලින්ම යනවා. (නි)
මේ කොස්ගෙඩි දෙකම පැමිණිලිකරුට කැවිය යුතුයි..!(නු)
දැං නම් හිතෙනවා අයියා නංගිගෙ වෙලාව හොදයි කියලා.. සේවයේ ඉන්න පොලිස් නිලධාරියකේ උනානම් මේ දෙන්නත් අතුරුදන් වෙනවා.. කතා දෙකක් නැහැ.. කොහොමත් හොරකමට ලොකු පොඩි භේදයක් නම් නැහැ.!(නු)
ඒ.එස්.පී. තනතුරට පත්වුණේ මෙහෙම සුලු වැරදි වලට අසරණයින් උසාවි ගෙනිහින්ද දන්නෙ නැහැ. (නි)
මෙහෙම අය හැමවෙලේම තලන්න බලන්නේ දුප්පත් මිනිස්සුන්වමයි. (නි)
ධම්මිකගේ ගෙවල් කොහේද තියෙන්නේ? (නි)
කොස් ගෙඩි දෙක ඉදී කුණු වී ගියා සේ ජීවිතයද අනිත්‍ය බව වැටහී කොස් ගෙඩි පුණ්‍ය ආයතනයකට දුන්නා නම්, අනේ! නිවන් දකී. (නි)
හොරකම් වලට මූලික හේතුව සොයාගත යුතුයි (ස)
හරියට මිනියක් මරලා වගේනෙ මහේස්ත්‍රාත්තුමා ශරීර ඇප රුපියල් 50000ක් නියම කරලා තියෙන්නේ.. (නු)
මට මතකයි අපේ ආච්චි සීයා ඒ කාලෙ සිදුවුන දේවල් කියා දුන්නා.. දැං දැං රට ආපස්සට 1950 ගනන්වලට ඇදී යනවා කියලා මට හිතෙනවා.. මේ කොස්ගෙඩියෙ අයිතිකරුට කරන්න තව කොච්චර දේවල් තියෙනවාද?දැං ඉතිං අර අයියගෙයි නංගිගෙයි අනාගතේ පොලිස් පොතේ නේ? 01 පන්සල්වල මහා නායක හාමුදුරුවරු ඉන්නවා 02 සමථ මණ්ඩල තියෙනවා.. 03 ග්‍රාමසේවක මහතා ඉන්නවා 04 සාම විනිසුරුවරු ඉන්නවා.. ඇයි එකපාරටම අධිකරණයටම ගියේ.. කොස් ගෙඩියක් කියන්නේ ආහාරයක් නේද? තව කල්පනා කරලා විසදුවානම් තමයි හොද?(නු)
මට තියෙන ප්‍රශ්නය මේකයි. වැඩ තහනමට ලක් වූ කෙනාට කොයින්ද පොලිස් වාහනයක්? (නි)
චානක" ඒකනේ මෙයාගෙ වැඩ තහනම් කරලා තියෙන්නෙත්..!(නු)
මේ වගේ අය තව කොච්චර ඇත්ද ?? (ස)
පොලිසියේ කෙනෙකුට මින්පස්සෙ තිබහට වතුරවත් දෙන්න එපා. (නි)
නිතිය හෑල්ලුවට ලක් කරනවා (දී)
දැන් කවුද වීරයා වෙන්න ගිහින් සවුත්තු වුනේ (දී)
මෙයාගෙ වැඩ තහනම් වුණ විදිය හොයලා බලන්න ඕන.!(නු)
වැඩ නැතිවට වැඩ (දී)
මිනිස් කම කොයිද ? (ස)
ඉලේපෙරුම, මේතරම් අපරාධකරුවන් ඉන්නවා අල්ලන්න උත්සාහකරන්නෙ නැතිව මේ කොස් ගෙඩි දෙකට උසාවි යන රටක් අපිවද මේ රවටන්නෙ.. එස්.පී.ගෙ ගෙදර වලං හෝදන්න අපිට වෙලාවක් නැහැ..!(නු)
කොස් ගෙඩි දෙකට උසාවි යන අමනුස්සයන් (ස)
මෙහෙම දේවල් වලටත් උසාවි යනවද? (නි)
මගේ ඉඩමක බලෙන් උණගස් 21 කපලා 2012. 07. 21 පොලිසියට පැමිණිලි කරලා සමථ මණ්ඩලේට දාලා නිරවුල් නොවු නිසා 2013 මැයි 08 නඩුව තියෙන්නෙ. එම ඉඩමට එම විත්තිකරුවන්ම 2011. 10. 19 බලෙන් ඇතුලුවෙලා පාරක් කපලා පොලීසියට පැමිණිලි කළා කියලා පැමිණිලිකරුට පහරදීලා සමථ මන්ඩලේට දාලා නිරවුල් නොකළත් තාම නඩු දාලා නැහැ. අපූරු නීතියක් නේද ලංකාවෙ තියෙන්නෙ? (නි)
පිනටවත් ගන්න එපා මේ කුණු කොස් (ස)
අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආසාවක්. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)
ඒ මිනිහත් එකක පරණ තරහක් ඇති (දී)
කොස් ගහ කපුවනම් කොහොම වෙයිද (දී)
සියල්ල අනිත්‍ය ලෝකයේ මේ වගේ දේවල් අපට අහන්න ලැබෙන්නේ..!(නු)
නඩු භාණ්ඩ පිනට දෙනවද (දී)
ඇත්ත ඇත්ත මේවා රට්ටු හිනස්සන වැඩ තමයි (දී)
කොස් මේ තරම් ගනං කොහෙද?(නු)
නඩුකාරඋන්නාන්සෙට මේවා පැහැදිළි වෙලා තමයි නිදහස් කරලා තියෙන්නෙ..!(නු)
රටටම විහිලු සපයනවා (දී)
මෙයාලා දැනගන්න ඕන තමන්ගෙ නිල බල තියෙනකම් විතරයි ඔය දේවල් ඊට පස්සේ ලෙල්ල ඇරපු කෙසෙල් ලෙල්ල වගේ.. වැඩක් නැතිව යනවා. (නු)
නඩුකාරතුමනි වහාව මෙයාගෙ වත්කම් ගැන පරීක්ෂණයක් ගන්න.. ශ්‍රි ජෝන් කොතලාවල මහත්තයා (කොස් මාමා) කොස් වවන්න කිව්වෙ දුප්පත්කම තුරන් කරන්න..!(නු)
කොස් ගෙඩි දෙකකටත් මෙහෙම කළ කෙනෙක් ඇත්තටම මනුස්සයෙක්මද? (නි)
කොස් මාමා කියන්නේ ජෝන් කොතලාවලට නෙමෙයි. අතර් වීදියස් ට. (ත)
කොස් විතරක් නෙමෙයි පොලුත් එකතුකරලා මේ මිනිස්සු.. අනුන්ගේ දේවල් හොරකම් කර කඩා වඩා ගැනිම නම වරදක්.. නැති බැරිකමට ඉල්ලගන්න එක නම් වරදක් නැහැ..!(නු)
ඉස්සෙල්ලා කොස් විතරයි. දැන් පොල් ගෙඩිත් තිබුණලු..මේකනම් හොරකමක්ම තමයි (ස)
ලංකාව මෙලෙස පිරිහීමට කාරනා පෙනනවා මෙහි අදහස් දැක්කම.හේතුව / තනතුර කුමක් වුවත් පැමිණිලීකරැට ගරහමින් වැරෑද්ද සාධාරණය කරන්න බැහැ. මෙයින් වෙන්නෙ මිනිසුන් සුළු සොරකෙමන් පටන් ගෙන ජිවිත පවා ෙසාරා ගැන්මයි. වැරැද්ද සාධාරණීකරනෙයන් හා ලිහිල්ව සලකා අශ්වයා ඉස්ථාලය පැන්න පසු වැට බැන්දීමෙන් හෝ නීතියටත් ෙද්ශපාලනයටත් බැන වැදීමෙන් පලක් නැත. (නු)
පොලිසියෙ ඉන්න විට කොහොමද කියලා හිතාගන්න පුළුවං..!(නු)
කියන්න වචන නෑ මෙයාට (ස)
මේ කොස්ගහ ලංකාවෙ එකක් නෙමෙයිද දන්නෙ නැහැ මේ තරම් ගනං.. (නු)
පුදුමයි.කොස් ගෙඩි දෙකකට ගිය කල (ස)
කොස් ගෙඩි දෙකක් රු.1000ක්. එක ගෙඩියක් රු.500ක්. අපේ ගස් වල කොස් මේ තක්සේරුකරුට විකුණන්න බැරි වෙයිද? (නි)
මෙයාගේ රාජකාරිය හොද නිසානෙ වැඩ තහනමට ලක්වෙලා තියෙන්නේ..!(නු)
අනේ පව් අර අහිංසක මිනිස්සු (ස)
කොස් ගෙඩියක් බිමට වැටුණා වගේ, ආචාර්යතුමා කොහෙද හිටියේ මෙච්චර කල්! (නි)
මම එම කොස් ගෙඩි දෙක රුපියල් 2000ට ගන්නම්. රුපියල් 2010 ඈවරයි........... (නි)
පවු අනේ කොස් ගෙඩි දෙක. (නි)
යකෝ, මේ කොස් හැදිලා තියෙන්නෙ රත්තරන් වලින්ද. අපේ වත්තෙ කොස් ඕනෑතරම් බිම වැටිලා යනවා. මීට පස්සෙ මුරකාරයෙක් දාලා පරිස්සම් කරගන්න ඕනෑ. (නි)
අපි මේ දෙපාර්ශවයට පන්සිල් රකින හැටි කියලා දෙමු, සමහරවිට මේ අයට පංචසිලේ තේරුම නොදන්නවා ඇති. (ස)
කොස්නම් මොනවද (දී)
ලොකු වීර වැඩක් කරලා (දී)
මේ කොස් ද නැත්නම් රත්තරම් ගෙඩි දෙකක්ද? (ත)
වරකා උනා නේ (දී)
අපේ රටේ කොස් ගෙඩි දෙකක් රුපියල් දාහක් වෙනවා. නියමයිනේ... (නි)
දැං ලංකාව යන විදටය ඔක්කොටම හොරකම් කරන්න තමයි වෙන්නෙ.. කොච්චර නැති බැරි අය ඉන්නවාද? අනේ පව් මේවා උසාවි යන්න ඕන වැඩද?(නු)
චීකේ... මාර නඩුවක්නේ. (නි)
ටයි සුට් දාල ආවට දුප්පත් මිනිස්සුන්ට හයිය පෙන්නන ඔහෙල වගේ අයට ඉතින් මේ ආත්මෙ විතරයි, අමතක කරන්න එපා තමන් කල කී දේ වලට පල විපාක එනවා මලාට පස්සේ.(නු)
කටක් ඇරලා කියන්න පුලුවන්ද මේ වැඩ (දී)
ඉඩම අයිති අය පදිංචි නැත්නම් කුණුවෙලා අහක යන කොස් ගෙඩියක් කැඩුවට ඒක හොරකමක් කියන්න බැහැ.. කොස්ගෙඩිය කඩන්න එයාව හොයාගෙන යන්නද? ගම්වල සාමාන්‍ය දෙයක් ඕක. ගම්වල මිනිසුන් කුහක නැහැ කොස්ගෙඩියට පොලිසි යන්න තරම්.. අපේ ඉඩමේ පොල් කඩන්නේ පිට අය.. කියලත් අහුලගෙන යනවා.. නොකියත් අහුලගෙන යනවා.. අපි ඉතිං මේ වෙනකම් මොනවත්ම කියලා නැහැ..!(නු)
මේ වගේ නඩුවක් සමත මණ්ඩලයට නොදා උසාවියට ගේන්න තරම් පොලිසිය ක්‍රියා කළේ කොහොමද දන්නේ නැහැ. (නි)
මේ රටේ මිණී මරලා නිදැල්ලේ ඉන්නවා .එහෙම එකේ කොස් ගෙඩි දෙකට උසාවි යන්න ලැජ්ජ නැද්ද ? (ස)
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ පොලිසි වල? (නි)
රට්ටු හිනස්සන වැඩ (දී)
විකාර වැඩ (දී)
බඩගින්නට වෙන්න ඇති කොස් ගෙඩි 2 ගත්තේ (දී)
මේ කොස් ගෙඩි දෙකට මේ තරම් වටිනාකමක් ඇයි (ස)
මෙයාටනම් පිස්සුද කොහෙද . ඕක ගණන්ගතයුතු දෙයක්ද ? ඔය කොස් ගෙඩිය ගිනස් පොතට දාන්න ඕන (ස)
කොස් ගෙඩි දෙකකට මේ තරම් දෙයක් කරන්න පුලුවන්ද? (දී)
කොස් ගෙඩි දෙක බාරගත්ත පුණ්‍යයාතනය මොකක්ද දන්නේ නෑ නේද?(නු)
මෙයාලට පිස්සුද ? (ස)
මෙ කොස්වල ගනන් දැක්කාම කොස් කන්න හිතෙන්නෙත් නැහැනේ..!(නු)
ලෝකය හිනස්සන වැඩ (දී)
මට ඔහොම දෙයක් උනානම් මම ඉඩමත් පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනවා (ස)
ඒ.එස්.පී මහත්තයාට මුහුණ දෙන්න ලැජ්ජා හින්දද මේ මූන තහඩුවකට හරවගෙන ඉන්නෙ..!(නු)
කොස් ගෙඩියක් රුපියල් 500ක්? (නි)
මේකට කවුද වගකියන්නේ (ස)
පුන්‍යායතන වලට දෙන්නෙ සධාරන දේවල් නේද? ඒ මිනිසුන්ට අවවාද කරලා හරි සල්ලි කීයක් හරි අරගෙන එතනින්ම ඉවර කළා නම් නම්බුවත් බේරගන්නවානේ. අනික උසාවි වල නඩු මදිවටද? (නි)
මේ වගේ ඒ.එස්.පී ලා දහයක් හිටියොත් මොනවා වෙයිද?(නු)
බොහොම හොඳයි. අනුන්ගේ දේවල් සොරකම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් (ස)
රටේ ප්‍රශ්න නැතුවට (දී)
කවුද අනේ මේ හිටපු පොලිස්.!(නු)
මොනවා උනත් ගොඩින් බේරගන්න තිබුණා. අපි යනකොට කිසි දෙයක් අරන් යන්නේ නෑ. (ස)
ලොකු හෝ පොඩි හොරකම කොහොමත් හොදනැහැ. ඒත් මොකද මේ වැඩ තහනම් කරලා තියෙන්නේ කියලත් කියන්න. මෙයාගේ හොද වැඩකටද? නරක වැඩකටද? මට මතක් වෙනවා "ඔවා දෙනු පරහට තමා සන්තකයේ පිහිටා සිට " (ස)
හිතාගන්න පුළුවන් රාජකාරී කල ආකාරය (ස)
ප්‍රශ්න නැතිවට ප්‍රශ්න (දී)
අර යකඩ හොරාටත් දඩුවම් දෙයි නේද? (නි)
ලංකාවේ පොලිසිය රටේ අනෙක් අපරාධ වලටත් ඔය සැණින් ක්‍රියාත්මක වෙනවා නම් රට ගොඩක් හොද තැනක් වේවි. (නි)
සමාවෙන්න මේ වැඩ තහනමකට ලක්වෙච්ච පොලිස් නිලධාරියා ආවේ පොලිස් ජීප් එකෙන් නොවේ ආවේ ත්‍රීරෝද රථයකින්. මට තියෙන් ප්‍රශ්නය ඕක නෙවේ. අපේ ගම්වල ළමයි අනුන්ගේ ඉඩම්වල ඇති පේර ගහට අඹ ගහට ගල් ගහල ඒවා කඩාගන්නවා. ඕවට කවුරුත් උසාවි යන්නේ නෑ. වැරැදිල හරි ඒවා මෙයාට අයිතිවුනා නම් පේර ගෙඩියට රු.500යි අඹ ගෙඩියට රු.750යි කියල නඩු දමයි.හැරත් මේක දිහා බැලුවාම තවත් හිනා යනවා. ඒ දෙන්නා මහා විශාල අපරාධයක් කළා වගේ රු. 50,000 ක ශරීර ඇප නියමවෙලා. අනේ අප්පච්චියේ !!!! (ස)
අනේ හැබෑටම මේ රට කවදා හැදෙයිද? (නි)
මෙයානම් දීලා කාලා පුරුදු කෙනෙක් නෙමෙයි.. සිංහලයෙක් කියන්නත් ලැජ්ජයි..! (නු)
මේ කොස් ගෙඩි දෙක ගැන අපේ බන්දුල මහත්තයාට නම් කියන්න එපා. (නි)
ඔය කොස් ගෙඩි දෙක එයාටම කවන්නයි තියෙන්නේ. (නි)
දැං ලංකාවෙ දූෂකයෝ මිනීමැරුම් වෙන්නෙ නැති නිසා වේනන ඇති පොලිස්ය කොස් අරන් උසාවි යන්නේ.. ඒගොල්ලන්ටත් වැඩක් එපායැ..!(නු)
කොස්ගෙඩි දෙකට දාහයි. කොහොල්ලෑ වලට පන්සීයයි. පොල්තෙල් වලට හාරසීයයි. (නි)
මම ගත්තු ඉඩමේ කොස් දෙල් පොල් කන්නේ ඒ ගමේ අවට මිනිසුන්.. බඩගින්නට හැම දේම කරන්න කියලා මම ඉඩ දීලායි තියෙන්නෙ.. මේ මනුස්සයා ෆොටෝඑකක් තියලා අදහන්න වටිනවා.!(නු)
මූන දැක්කාම කියන්න පුළුවං මොන තරම් කාරුණිකද කියලා..!(නු)
s.p.මහත්තයාගෙ කොස්ගෙඩි 2ට මෙපමණ ප්‍රචාරයක් ලෑබෙයිකියලා කොස් ගෙඩි දෙක පෑහි කාලෙද්වත් එතුමා හිතන්න නතුව ඈති නේද?මීට පස්සේ එන කොස් තමනුත් කාලා වෑඩි කොස් කුසගින්නෙ ඉන්න අයට දෙන්න. එතකොට ඔය කොස් ගෙඩි දෙක වගෙ ඔබතුමාටත් ප්‍රචාරයක් ලෑබේවි.(නු)
මහා ලොකු වැඩක් කරලා වගේ පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්න කියලා කියන්නේ. අහිංසක මිනිස්සු ඔය වගේ කොස් ගෙඩියක් සොරකම් කරන්නේ බඩගින්නට. ඔබ කවදක්වත් යන්නේ නැහැ නේද අනුන්ගේ කොස් ගෙඩියක් කඩන්න. ඔබට තිබුනේ ඒ මිනිසුන්ට අවවාද කරලා ඒ කොස් ගෙඩි දෙක දෙන්න. (නි)
ලැජ්ජයි මේ වගේ කෙනෙක් මේ වගේ දේකට උසාවි ගියා කිව්වම (ස)
අනේ මෙහෙමත් පොලිස් නිලධාරීන්.!(නු)
ඉහත බහුතරයක් අදහස් බලපුහම අපේ අය කරුණක් ගැඹුරින් දකින්න සමත් නැති බව පේනවා. සනත්,ඉලේපෙරුම, වික්ටර්,ශාන් වගේ පුරවැසියෝ අප රටට අවශ්‍යයි. සොරකම රට වෙලාගෙන තියෙන්නේ . මෙය තුරන් කළ යුතුයි. දේපල අයිතිය තහවුරු කළ යුතුයි.(ස)
මේ මනුස්සයාට ලැජ්ජාවක් එහෙම නෑ වගේ ..!(නු)
මේ වගේ එස්පීලා රටටත් බරක්. (නි)
කිසිම අපරාධයක්, වංචාවක්, දුෂණයක් නැති රත්නදීපයක් වන අපේ රටේ දැන් අහන්න තියෙ අහස පොළොව නුහුල්ලන අපරාධ (ස)
ගස් මුල වැටී කුණුවෙන කොස් ගෙඩි දෙකක් රුපියල් 1000ක් වෙන්නේ ලංකාවෙද? (නි)
මේක දැං අරන් දාන්න නැත්නම් තවත් නරක්වෙයි..!(නු)
නැතිබැරිකමට හොරකම් කරන්න ඇති. (නි)
කොස් දෙල් වෙනවා මේවා දැක්කම (දී)
කඩපු මිනිස්සුම්ටම දුන්නනම් එකත් පිනක් (දී)
වැඩේ වැරදියි තමයි. නමුත් ඒ මිනිස්සු මේක කළේ නැතිබැරිකමටද කියලා හොයන්න තිබුණා. (නි)
මේ වගේ අය ඉන්නවා ඕනි තරම් ලංකාවේ , මේ මනුස්සයට උසාවි එන්න ත්‍රීවිලර් එකටම රු.1000 විතර වැය වෙන්න ඇති (ස)
මේ කොස් ගෙඩි දෙක කුණු ලෝභයාටම දෙන්න... (නු)
මේ මනුස්සයාට මනුෂ්‍ය හැගීමක්වත් නැද්ද දන්නෙ නැහැ..!(නු)
අම්මෝ! කොස් වලත් ගණන්... (නි)
මේ කොස් ගෙඩි දෙකේ මිල තක්සේරු කරේ කවුද ? (ස)
කොස් ගෙඩි දෙක දැක්කාම අඩෙනවා.. මේ ලංකාවද ඇයි පොලිසියෙ අය කොස් ගෙඩි දෙකට පොලිසි ගියේ.. ඒ දෙක 1000යි නම් එන්න අපේ ගමට ලක්ෂ දෙක තුනක කොස් දෙන්නම්.. නීතියට වඩා මනුස්ස කම ගරු කරන්න ඉගෙන ගන්න. (නු)
කොස් ගෙඩියක් රු.500ක්. දූරියන් ගස් කපල කොස් ගස් හිටවන්න හැමෝම (ස)
චී චී.... වැඩේ කැතයි පොලිස් අධිකාරිතුමා. (නි)
මේක මොන පුන්‍ය ආයතනයටද භාරදුන්නෙ..!(නු)
මේ [අ]මනුස්සය කුණුවෙච්ච කොස් පුන්‍යායතනයකට දීල තවත් අකුසලයක්නෙ සිද්දකරගෙන තියෙන්නෙ.(ස)
ටීවී එකේවත් කොස් ගහ ගැන යන වෙළද දැන්වීමක්වත් මෙයා බලලා නැතුව ඇති. (නි)
පුන්යායතනයට දීම හොදයි (දී)
චම්පිකා, මට නම් හිතෙන්නෙ 1950 ගනන් දැනට වැඩිය හුඟක් හොඳයි කියලයි.(නු)
පොලීසිය හරියට රාජකාරි කරනවා..? නැති බැරි කම සලකා සුලු දඩුවමක් දිම සාධාරනයි. රුවන් හරි. "මේ රටේ මිනී මරලා නිදැල්ලේ ඉන්නවා .එහෙම එකේ කොස් ගෙඩි දෙකට උසාවි යන්න ලැජ්ජ නැද්ද "..? (නි)
කොස් ගෙඩි දෙක ගොඩක් ලොකු ඇති. ඒකයි ඔච්චර ගණන්. (නි)
පුන්‍ය ආයතනයකට දෙනවා කියන්නේ ලැජ්ජාවටයි. පුන්‍යකර්ම වලට මෙපමණ ලැදි පුද්ගලයෙක්ගේ එහෙම වැඩ තහනම් වෙන්නේ කොහොමද? මොන තරාතිරමක පුද්ගලයෙක් වුණත් කළ වැඩේ කැතයි. එයා එයාගෙ පරණ නිලයෙන් හිස උදුම්මාගෙන තාම ඉන්නේ. බුදු දහම මෙනෙහි කරන්න. එතන තිබේ පරම සත්‍ය. (නි)
රාජකාරියක් නැති අපේ රාළහාමිට කොස් ගෙඩියේම පිහිටයි..!(නු)
මේවා ආරච්චි මහත්තයා ළගට යන්න ඕන පැමිණිලි.. උසාවියෙ කාලෙ නාස්ති වෙනවා කොස් ගෙඩි දෙකක් නිසා..!(නු)
ප්‍රශ්නය කොස්ගෙඩි දෙක සහ පොල්ගෙඩි කිහිපය සොරකම් කිරීමම නොවේ. ත්‍රීවිලරයකින් පැමිණ සොරකම් කරන අයුරින් මේ ඉඩම් හිමියාට සොරකම හිසරදයක්ව තිබෙන්නට ඇතැයි සිතේ. කොහොමටත් අන් අයගේ අල්පෙනෙත්තක් හෝ ගැනීම සොරකමක් නිසාත් වැඩේ වැරදිය. මගේ ටිකක් විශාල ඉඩමකට වැළදී ඇති මේ හොර ලෙඩේ ගැන මම හොදින් දනිමි. අනෙක් අතට මේ වැඩ තහනම් වූ පොලිස් නිලධාරියා සොරකම් කර වැඩ තහනම් වූ කෙනෙක් විය නොහැකිය. මන්ද යත් පොලීසියේ අය සොරකම් නොකරන නිසාය. (නි)
බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ..!(නු)
මේ වගේ සුළු දෙයක් මේ තරම් ලොකුවට ගන්න හොද නැහැ (දී)
බඩගින්දර තේරෙන්නෙ නැති පොලිසියෙ කෙනෙක්. මැරුණු දවසට ඕවා අරන් යනවද? (නි)
පොලිසියෙන් ඉවත්වෙලත් මෙයා චන්ඩි පාට් දානවා.. බඩගින්නට කොස්ගෙඩියක් කඩපු එක වරදක්නම් අවවාද කරලා යවන්න තිබුණා.. නඩුව ලොකු කරන්න පොලුත් කැඩුවා කියනවා..!(නු)
මේ ප්‍රවෘත්තිය දුටු විට දුප්පත් මිනිසුන්ගේ තත්ත්වය ගැන අපිට දුකයි. (නි)
සොරකම මොනවා උනත් සොරකමක් නම් තමයි.. නමුත් අපේ රටේ මසුස්සකම හදුනන සංස්කෘතියක්... මේ කොස් ගෙඩි දෙක ගෙනියන්න ඇත්තේ තමන්ගේ දරු පැටවුන්ට කන්න දෙන්න මිසක් රජ වෙන්න නෙමෙයිනේ.. පහදලා දීලා සමාව දෙන්න තිබුණා..! (නු)
මේ වගේ සුලු අපරාධ සමථ මණ්ඩලයට දාන්න පුලුවන් නේද? (නි)
මහ ලොකු වටිනා දෙයක් නම් කමක් නැහැ.පුන්‍යායතනයකට දෙන්න මේවා කුණුවෙලා...(නු)
ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ... (නි)
මිනිහෙක් රාජකීය උද්‍යානයෙන් කොස් ගෙඩියක් හොරකම් කරලා අහුවෙලා මරණ දඩුවම නියම කළා. ඔහු එකපාරටම අඩන්න පටන් ගත්තා. රජු ඇහුවා ඇයි අඩන්නෙ කියා. දේවයන් වහන්ස, මැරෙන්න නම් බය නැහැ මම. මේකෙන් ඔබ වහන්සේට වෙන නින්දාව ගැන දුකටයි අඩන්නේ කීවා. ඒ මොකක්ද මට වෙන නින්දාව ? රජු ඇහුවා. දේවයන් වහන්ස, මීට පස්සෙ මිනිස්සු කියයි අර යන්නෙ කොස්ගෙඩියට මිනී මරපු රජ්ජුරුවො කියලා. රජතුමාට ලැජ්ජා හිතිලා මිනිහාව නිදහස් කළා. පොලීසියට ලැජ්ජා නැද්ද මේ වගේ ඒවා උසාවි ගේන්න? (නි)
සමහරුන්ට කොස් දිරවන්නේ නෑ ..! (ස)
පැමිණිලිකරුගේ වෑඩ තහනම් කළේ මොකටද? මොහු මනුස්සකම හදුනන්නෙක්ද? (නි)
උපන් රටින් හුගක් ඈත ඉන්න මට මේවා දකිද්දී හිතට දුකයි. ලංකාවටත් දැන් හොරකම පුරුදු වෙලා. (නි)
රටකට ගිය කල. කොස් ගෙඩියටත් උසාවි යන හැටි. ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද මන්දා මේ කෙනාට. කොස් ගෙඩියක් කඩාගන්න ඇත්තේ බඩගින්නට කන්න වෙන්න ඇතිනේ. (නි)
කොස් ගෙඩියක් තරමට ඔලු ගෙඩියක් තිබුණට කොස් ඇටයක් තරම්වත් මොළයක් නැහැ. (නි)
කොස් ගෙඩි කඩලා තමයි කොස් ගහත් කපලන්න බලන්න.. හොද වැඩේ හොරකටම.. අපේ වත්තෙ කොස් කැඩුවත් මේ දඩුවමම තමයි..!(නු)
එතකොට පුණ්‍යආයතනයට දෙන්නෙ වැලද? වරකාද? (නි)
මේ පොලිසියේ කෙනාගේ වැඩ තහනම් වූ හැටි සහ වත්ත ගන්න සල්ලි ලැබුණේ කෙසේදැයි සොයා බැලුවොත් නේද හොද? (නි)
ආශ්චර්ය්‍ය ලංකාවේ කොස් ගෙඩියක් රු.500/= (ස)
පවු. අසරණකමට දරුවන්ගේ බඩගින්න නිවන්න වෙන්න ඇති ගන්න ඇත්තේ. (නි)
එස්.පී. මහත්තයෝ, තණ්හාව මහා පුදුම දෙයක්. බලන්නකෝ මේ නරක් වෙන කොස් ගෙඩි දෙකට තණ්හාවෙන් කීයක් නම් නඩුවට වියදම් කරන්න වෙනවද කියලා. කොස් ගහක් ගන්න සල්ලි වියදම් වෙයි නඩුවට. කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට දුන්නා කියලා අසරණ මිනිසුන්ට කරපු පීඩාවෙන් ගැළවෙන්න බැහැ. (නි)
පොඩි හොරකම නැවැත්තුවෙ නැත්නම් ඒවා නතර රකන්න බැරි තරම් දුර දිය යනවා.. අපිත් ඔහොම පවුනෙ කියලා අපේ ඉඩමේ පොල් ටික කොස් ටික කඩාගෙන කෑවට කමක් නෑ කියලා පොලිසි උසාවි නොගිය වරදින් දැං ඒ අහිංසකයි කියලා අපි හිතපු මිනිස්සු අපේ ඉඩමෙ බලෙන් පදිංචි වෙන්නත් හදනවා.. හේතුව තමයි ආරවුලක් නැතිව සමසේ භුක්ති විදිම. එහෙව් මිනිස්සු ඉන්න රටේ දැං සාමාන්‍ය පුරවැසියෙක් වෙන එස්.පී කළ වැඩේ ඉතාම සාදාරණයි.!(නු)
මෙවැනි තණ්හාකම් කරනවා නම් නැවත මිනිසත් ආත්මයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. (නි)
මේ පැමිණිලිකරුගෙ ඔළුව පොඩ්ඩක් අතගාලා බැලුවොත් මොකද?(නු)
කුමාරගේ අදහස මම අගය කරනවා. (නි)
කොස් ගෙඩි දෙක හොදට තිබුණා නම් ඒකත් ගෙදර ගෙනියනවා. අනිවාර්යයි. (නි)
වැඩ තහනම් අය කොහොමද රජයේ වාහන පාවිච්චි කරන්නේ? (නි)
මොනවද මේ විහිලු (දී)
මෙහා! මෙයා කලිසමකුත් ඇදලා නේද? (නි)
මේ ගැන ලැඡ්ඡා වෙන්න ඕනා වත්ත අයිති තැනත්තා (ස)
කොස් ගෙඩි දෙක එස්.පී.ටම කැවුවා නම් හරි. (නි)
මේ කොස්ගෙඩි දෙක මෙයාටම ගෙනියන්න දුන්නානම් තමා හොඳ...(ස)
අපේ වත්තේ කොස් වලට කරන්න දෙයක් නැ. (ත)
කොස් නොදැකපු අය නම් ගනීවි 1000 ට. නැත්නම් 10 ක් වත් වටින්නෙ නැහැ. නිතිඥයා නම් 5000ක් වත් ගන්න ඇති. අයියෝ සල්ලි දුප්පතුන්ගේ... (නි)
පොලීසිය හරියට රාජකාරි කරනවා වගේ (ස)
මේක දේශපාලඥයෙක් කළා නම් පොලිසි යන එකක් නැහැ නේද? (නි)
ලැජ්ජා නැද්ද පොලිස් අධිකාරී
කොස් ගෙඩි දෙක ගෙනියන්න දෙන්නයි තිබුණේ. (ත)
බොහොම ලැජ්ජයි මේවට උසාවි යන එක ගැන (ස)
ඔහු දැන් එස්.පී කෙනෙකු නොව වැඩතහනමට ලක්වු සාමාන්‍ය පුරවැසියෙක් පමණි. (නි)
ත්‍රීවීලර් එකේ ඇවිල්ල තියෙන්නේ හොරකටම තමයි.. ත්‍රීවීලර් එක අරගෙන දුවලා තියෙන්නෙ..!(නු)
කොස් ගෙඩියකට උසාවි ගිය රටක් මේක එහෙනම්. වැඩ තහනම් කළේ ඒ පැත්තේ මිනිසුන්ගේ පුරුවේ පිනකට වෙන්න ඇති. (නි)
අනේ මෙහෙමත් ඒ.එස්.පීලා.. මෙයාලා හිතාගෙන ඉන්නෙ එයාලට ඉහළින් කපුටෙක්වත් පියාඹන්න බැහැ කියලා.. (නු)
දුප්පත්කම නිසා කියමින් අන් අයට අයත් දේපල සුළු වශෙයන්වත් හොරකම් කිරීම අනුමත කරන්න බෑ. මෙවැනි දේට ඉඩ දුන්නාම ඊළගට පික් පොකට් ගැසීමත්, දේපල මංකොල්ල කෑමත් සාධාරණීකරණය කරන්න ඉඩ තියනවා.නැති බැරි කමක් තියනවානම අයිතිකරුගෙන් ඉල්ලා ගත යුතුයි. පොලිස් නිලධාරියා නීති ගරුක රටවැසියෙකු ලෙසඅධිකරණෙය් පිහිට පතා තිබීම අගය කළ යුතුයි. (ස)
පොලිසිය කළොත් කරන්නේ මෙහෙම වැඩක්මනේ. (නි)
මේක කොස් ඕනවට දාපු නඩුවක් නෙමෙයි එහෙනම් (ස)
අම්මපා මෙහෙමත් අපේ ලංකාවේ අය... කොස් ගෙඩි බල්ලට ගියාවේ. කොච්චර දේවල් තියෙනවද පොලිසියට අල්ලන්න? හිතන්න ඇති මරු වීරවරු කියලා. (නි)
අහිංසකයෙක් කොස් ගෙඩිය කඩා ගන්න ඇත්තේ (දී)
හරි හෝ වැරදි පළමුවැනිවතාවට සමාව දෙන්න තිබුණා. අහිංසක මිනිස්සු අවවාදකර යවන්නයි තිබුණෙ..දැං නීතිය ක්‍රියා නොකර ස්වාභාවධර්මයේ නීතිය මනුස්සකම කියන නීතිය ක්‍රියාකරන්න තිබුණා මහලොකු එස්.පී.!(නු)
කුස ගින්නට කරනවානම්, ත්‍රි රෝද රටයකින් එන්නේ කොහොමද? මේක සැලසුම් සහගත වෙන්නත් පුළුවන්. කොස් ගෙඩි දෙක විතරක් නෙවේ, පොලුත්. නමුත් උසාවි ගිහින් නඩු දාන්න තරම් දරුණු වෙන්න ඕනේ නැහැ . මනුස්ස කමට , හොයල බලල අවවාද කොට, ඔය කොස්ගෙඩි දෙකයි, පොල් ටිකයි ඒ දෙන්නටම දීල එවල තිබුනානම් බොහොම අගෙයි. මෙතන වෙන කෝන්තරයක් තිබෙනේ හැඩයි. අනේ කාලේ වනේ වාසේ.
දකුණේ මිනිස්සු හරි මෝඩ වැඩ කරන්නේ . නුවර ආවොත් ලොරි ගණන් කොස් ගෙනියතැහැකි (ස)
මෙයාගෙ වැඩ තහනම් වෙන්නත් ඇත්තෙ මේ වගේ අවංකව රාජකාරිය කරපු නිසා වෙන්න ඇතිනේද ..!(නු)
හොරකම වැරදියි. ඒක හරි. ඊට විරුද්ධව පැමිණිලි කිරීමත් හරි. පොලිසිය සහ අධිකරණය නීතිය ක්‍රියාත්මක කිරීමත් හරි. නමුත් ප්‍රශ්ණය නම් ඇතැම් විට මීට වඩා බරපතල අපරාධ වලට කොස්ගෙඩියකට තරම් වත් නීතිය ක්‍රියාත්මක නොවීමයි.(ස)
පිලියන්දල සුලින් විජේසේකර මම හිතන්නේ හොරණ වත්තේ මුරකරුද කොහෙද? එයා පැමිණිලි කරලා තියෙන්නේ පොලිසියට..! (නු)
මේ ප්‍රශ්නේ නිසා කොස් කන්නත් එපා වෙනවා අප්පා..(ස)
මෙයා මනුෂ්‍යයෙක්ද ?? (ස)
එස්.පී. නෙමෙයි කොස් පී. (නි)
මෙතන අදහස් දාන කට්ටිය හැමෝම දකින්නෙ කොස් ගෙඩි දෙකට පොලිසි ගිය එකනෙ. නමුත් වත්ත අයිතිකාරයා වත්ත ළග නැත්තම් කිසිම දෙයක් බේරගන්න බැහැ. ඒකයි දැන් රටේ හැටි. රබර් වත්තක් තිබුණොත් දරට ගස් හොරෙන් කපනවා. කුරුදු තිබුණොත් හොරෙන් කපනවා. කිසිම දෙයක් බේරගන්න අමාරුයි අහළ පහළ මිනිස්සුන්ගෙන්. ඕකයි අද තත්ත්වය. ඒ නිසා ඕකට වැරදියි කියන්න බැහැ. (නි)
මේ දුප්පතාට හැමදාම කොස් ගෙඩිය බැගින් දෙන්නයි තිබුණෙ.. හොරකම් නොකර ඇවිල්ලා කතා රකලා කඩා ගෙන යන්න කිව්වනම් කොතරම් වටිනවාද? දුප්පත්කමටයි හොරකම් කරලා තියෙන්නේ..!(නු)
මෙතරම් මෙය පිළුණු කරන්න එපා. (ස)
පොලිසියේ 90% ඔය වගේ රජවරු ඉන්නේ.වැඩ තහනම් වුනත් වෘත්තිය ආභාෂය තමයි පෙන්නුම් කරන්නේ.මේකේ මේ පොලිසියේ කෙනාට ගොඩක් කමෙන්ට් දාල තියෙනවා වගේ,වැඩේ සාධාරණිකරණය කරන්න. (නු)
ඇයි මෙයාගේ වැඩ තහනම් වෙලා තියෙන්නේ. මේ වගේම වැඩක් කරලා ඇති. (ස)
මහා ප්‍රචාරයක් ලබාගන ලොකු වැඩක් කලා වගේ පුන්‍යආයතනයකට දෙන්න කියන්නේ, පුන්‍යආයතනවල හරකුත් ඇතිකරනවද ඔය පරණ කොස් දෙන්න ?. අර අහිංසක මිනිස්සු දරුපැටවු එක්ක එදා කොස් තම්බගන කාල බඩ පුරවගත්තානන් කොපමන පිනක්ද?. නොමැරෙන්න උපන් මිනිස්සු. (ස)
මෙයාගේ වැඩ තහනමට ලක් වුණේ ඇයි කියලා හොයලා බලන්න වටිනවා. (නි)
කොස් දැන් එච්චර ගණන්ද? (නි)
මෙන්න අපේ සුජිත් මහත්තයා ආයෙත් ඇවිල්ලෝ... (නි)
කොස් ගෙඩි දෙකට පොලිසි යනවා. ඒත් මිනීමරන අය එළියේ. (නි)
මිස්ටර් එස්.පී., මෙහෙම වැඩ කරන්න එපා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු. සමහරවිට එයා මැරෙන්නේ නැතුව සදාකල් ජීවත්වෙන්න හිතාගෙන ඇති. රු. 50000 ක ඇපයක් ගෙවන්න අතේ සල්ලි තියෙනවා නම් අනුන්ගෙ වත්තෙන් කොස් ගෙඩියක් කඩයිද? මෙහෙම නඩු අහද්දි අහිංසක මිනිස්සු හිරේ ගිහින් අපරාධකාරයේ එළියට එන එක පුදුමවෙන්න දෙයක් නෙවෙයි. (නි)
නියම කොස් ගෙඩි දෙක... (නි)
අනේ අනේ දැං ලාබද? නඩු ගාස්තු ගමන් ගාස්තු පව් අහිංසක මිනිස්සු. පුන්‍යආයතනයකට කොස් ගෙඩි දෙක පැමිණිල්ල අතේම යවන්න. මෝඩ වැඩ..!(නු)
කොස් ගෙඩි දෙක නෙමෙයි ප්‍රශ්නේ. වත්තේ කිසි දෙයක් තියාගන්න බැරුව ඇති (ස)
අපේ ගම්වල කොස් කඩන්නේ අහලා බලලා නෙමෙයි.. ගහක කොස් කඩපුවහම වටේටම බෙදනවා.. කවුරු උනත් කඩපු කෙනා බඩගින්නට කඩන්න ඇති. අවවාද කරලා යවන්න තිබුණෙ. මේ මනුස්සයා කරපු වැඩේ අන්තිමයි..!(නු)
ඇත්ත කොස් ගෙඩි එපා උනේ , දවසෙන් දෙකෙන් වරකා වෙනවානේ (දී)
පොලිස් අධිකාරි! කොස් ගෙඩියකට නටන නැටිල්ල! (නි)
මේවා හොරකම්ද මහත්තයෝ? ගොඩක් දේවල් නම් හිතට එනවා ලියන්න. ඒත් ලියන්න ලැජ්ජයි. (නි)
කොස් ගෙඩි මදිව ට ටිකක් විශාල ඉඩම ?? (නු)
හොද වෙලාවට මේක ලංකාවෙ උනේ..!සෞදියෙ උනානම් දෙන්නගෙම බෙල්ල කපලා තමයි නීතිය..!(නු)
කොස් ගෙඩියට දෙල් ගෙඩියට පොල් ගෙඩියට මිනී මරාගන්න රටේ මේවත් මොනවද කියලා හිතෙනවා. බඩුමිල වැඩිවෙනකොට කොස්, දෙල්, පොල් රත්තරන් ගානට යනවා නේද කියලා හිතෙනවා මේ වගේ කතා ඇහෙද්දී. බඩු මිල නම් වැඩි වුනාට කමක් නැහැ මිනිස්සුන්ට කාලා බීලා ජීවත් වෙන්න ආදායමක් තියෙනවා නම්. ඒත් මිනිසුන්ට අද කාලේ යන්තම් ලෙව කාලා වත් ජීවත් වෙන්න තරම් ආදායමක් නැහැ. මමත් රජයේ රැකියාවක් කරන මාස් පඩි කාරයෙක්. මමත් යන්තම් එදා වේල පිරිමහ ගන්නවා විතරයි. ඒත් හැමෝටම මේ රටේ රස්සාවල් නැහැ. අනික් මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද? කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු හුඟක් ඉන්නවා. ඒ අයට දෙවියන්ගේ බුදුන්ගේ පිහිට විතරයි. අනේ ඇත්තට වගකිව යුතු අය මේ පිළිබඳව අවධානය දක්වනවා නම් ඒක ලොකු පිනක් ඇත්තටම.(ස)
කොස් ගොඩියෙන් කරන්නේ බඩ ගින්න නැති කරගන්න එකයි.... කියලා දෙන්නේ නැති බව දන්න නිසා නොකියා කඩන්න ඇති මේ වැඩේ පිළිකුලෙන් බැලිය යුතුයි.සතකුටවත් කන්න දිලා නැතිව ඇති(නු)
අයියෝ සංසාරේ මේවා දකින්න අපි පව් කරානේ.... (ස)
අපේ රට දැන් අප්‍රිකාවේ තුච්ඡ ගෝත්‍ර ගණයට වැටී ඇති එකට මෙය හොද සාක්ෂියක්. (නි)
කොස් ගෙඩි 2 කඩන් යන්න දුන්න නම් මනුස්සයෙක් වගේ දුප්පත් ලමයි දෙන්නගේ බඩ පිරිලා පොලිස් මහත්තයටත් පින් සිද්ද වේවි. තමන්ගේ දේවල් අනුන්ට දීල අනුන්ගේ බඩ පුරෝන අය තම මතු දවසක බුදු වෙන්නේ. (නු)
අයියෝ,,,, අයියෝ,,,, තමන්ගේ හයිය පෙන්නන්න ඔහොම වැඩ කරන්න එපා (දී)