IMG-LOGO

එස්.අයි/ සැරයන් රිමාන්ඩ්

බාල වයසකාර දැරියක කෙළෙසී යැයි සැකපිට අත්අඩංගත් කැනඩා ජාතිකයකු නිදහස් කැරැගැනීමට අසත්‍ය තොරතුරු සැපැයි යැයි කියන වවුනියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ හිටපු ස්ථාධිපති  උපාපොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර සුමනවීර සහ පොලිස් සැරයන් වරයකු වන ප්‍රේමරත්න මෙම 16 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා ඊයේ (2) නියෝග කෙළේය.

පසුගිය වසරේ අගෝස්තු මස14 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සැකකාර කැනඩා ජාතිකයා බලවයස්කාර දැරිය සමග හෝටලයක සිටියදී  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර  ඇත. පසුව  සැකකාර උපපොලිස් පරික්ෂක සහ සැරයන් ඔහුගෙන් රුපියල් ලක්ෂ පහක් ගෙන ඔහුට විරුද්ධව සාක්කි නැති බව පවසා ඔවුන් මුදා ගැනීමට ක්‍රියා කර ඇති බවත් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අධිකරණය සහ පොලිසිය නොමග යවා ඇති බවත්  අධිකරණයේ දී කියැවිණි.

මේ සම්බන්ධයෙන් වි‍ශේෂ පරීකෂණයක් පැවැත්වූ වවුනියාව නියෝජ්‍ය පොලිස්පති ඒ.එච්. ජයවීර මහතා ඔවුන්ගේ වැඩ තහනමකට ලක් කර ඇත.



අදහස් (0)

එස්.අයි/ සැරයන් රිමාන්ඩ්

ගැමුණු Thursday, 03 January 2013 08:58 AM

මේවට වගකියන්නේ කවුද ? (ස)

:       0       0

සනත් Thursday, 03 January 2013 08:57 AM

බාලවයස්කාර දැරිය බිලි දුන්න කෙනාවත් හොයන්න ඕනෑ. සමහර විට ඒකත් මේ දෙපලගේම වැඩක් වෙන්න පුලුවන්. (නි)

:       0       0

සමන් Thursday, 03 January 2013 09:05 AM

පොලිසියට පමණක් පඩි වැඩි කිරීමෙන් පසක් වන්නේ කුමක්ද? (නි)

:       0       0

ජයන්ත Thursday, 03 January 2013 10:25 AM

ලංකාවේ හැම පොලිසියකම මෙ වාගේ දෙවල් සිද්ධ වෙනවා , විනයක් තිබියම යුතු තැන තමයි විනයක් ඇත්තෙම නැත්තේ (ස)

:       0       0

බන්දුල Thursday, 03 January 2013 11:28 AM

මේ අයටත් හැ‍ම සිර කරුවෙකුටම ලබා දෙන සම්මත සාත්තුවම ලබාදෙන්න (ස)

:       0       0

පියල් Thursday, 03 January 2013 11:41 AM

මම කියන්නද දෙන්න ඕන දඩුවම (ස)

:       0       0

රොෂාන් Thursday, 03 January 2013 05:25 PM

මෙයා කැනඩා පාස්පෝට් ආවට ලංකාවේ දෙමළ ජාතිකයෙක්. කොහොම වුණත් ද්‍රවිඩ ජාතික නඩුකාරතුමාට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

රොෂාන් Wednesday, 02 January 2013 07:21 PM

නියමයි. සියලු වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

නවුෂාඩ් Wednesday, 02 January 2013 07:34 PM

2013 පොලිසියට අපලයි වගෙයි නේද? (නි)

:       0       0

නොයෙල් Thursday, 03 January 2013 12:21 PM

විනයක් නොමැතිව බදවා ගැනීමේ ප්‍රතිඵලයක් නේද? (ස)

:       0       0

සිල්වා Wednesday, 02 January 2013 07:47 PM

රටේ දැඩිනීති ක්‍රියාත්මක නොකර කොහොමද යහපත් සමාජයක් ඇති කරන්නේ? (නි)

:       0       0

සඳුනි Wednesday, 02 January 2013 08:41 PM

මෙයාලට සහොඳරියන් හෝ දියණියන් නැතිලුද ??(ස)

:       0       0

කරුණාතිලක Wednesday, 02 January 2013 08:42 PM

වරදක් වහන්න හදන එකම බරපතල වරදක් (ස)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 02 January 2013 08:58 PM

කස පහර 50 ක් , තුන් මසක සිර දඩුවමක් හා වැඩ තහනමකට ලක් කරානම් හොඳයි (ස)

:       0       0

කෙවින් Wednesday, 02 January 2013 09:24 PM

ජය වේවා මහත්තයෝ! අපේ උත්තමාචාරය මෙන්න. (ස)

:       0       0

කපිල Wednesday, 02 January 2013 09:25 PM

ශා............හොඳයි (ස)

:       0       0

රිස්මි Wednesday, 02 January 2013 09:30 PM

බලනකොට වැදගත් මහත්තුරු කියලා අපි හිතාගෙන ඉදලා තියෙන්නේ හොරුන්වනේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 January 2013 10:11 PM

වැඩ තහනමක් නෙමෙයි, මම නම් කියන්නේ ඊට වැඩිය ලොකු දඩුවමක් දෙන්න ඕනෑ කියලයි. (නි)

:       0       0

ඩොන් Wednesday, 02 January 2013 10:15 PM

කෝ අපේ බොදු බල සේනා? (නි)

:       0       0

අජිත් Wednesday, 02 January 2013 10:37 PM

මේ වගේ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්න (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 02 January 2013 11:43 PM

මේ අයට කියන්න ඕනෑ එස් අයි කියලා නෙමෙයි, ඩී එස් අයි කියලා. (නි)

:       0       0

ධම්ම Thursday, 03 January 2013 12:02 AM

මේ වගෙ සිද්ධි පොලිසිවල කෙතරම් සිද්දවනවා ඇද්ද? (ස)

:       0       0

හිල්මි Thursday, 03 January 2013 12:04 AM

දැරිය දමිළ බැවින් මොවුන්ට අවුරුදු 10 ගණනේවත් සිරදඩුවම් පැමිණවිය යුතුයි. (නි)

:       0       0

නිලංග Thursday, 03 January 2013 12:37 AM

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා සමගාමීව මෙවන් සිදධිවලට වැට බැඳීමට ක්‍රමවේදයක් සකස්කිරීම ඉතාම අවශ්‍යයි. නැත්නම් ලංකාව සල්ලාලයන්ගේ පාරාදීසියක් බවට පත්වෙයි.(ස)

:       0       0

ජයසිංහ Thursday, 03 January 2013 12:53 AM

මගෙ අම්මෝ! මෙහෙමත් වැඩ... (නි)

:       0       0

ලලිත් Thursday, 03 January 2013 02:16 PM

රිමාන්ඩ් කරලා මදි මේ වගේ පාපතරයන්ව . රජ කාලේ දඩුවම් දිය යුතුයි (ස)

:       0       0

බණ්ඩාර Thursday, 03 January 2013 02:40 AM

ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර වැඩිවීමට එක ප්‍රධාන හේතුවක් නම් පොලිසියේ අවෘත්තීය පරීක්ෂණ රටාව සහ අල්ලසට සහ පගාවට යටවන මෙවන් සමහර පොලිස් නිලධාරින්ය. ස්ත්‍රී දුෂණයකින් පසු ගොඩින් බේරා ගැනීමට හැකිබවට සමාජයේ පවතින විශ්වාශය, මෙවන් අපරාධ කරන්නන් හට පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් වැනිය. මෙම අපරාධයට සම්බන්ධ කැනේඩියානු ජාතිකයා නැවත අල්ලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.(ස)

:       0       0

පිටිගල Thursday, 03 January 2013 04:30 AM

මේ හොරු ටික ඉවර කරානම් ඉබේම ආශ්චර්‍යය‍ට යාමට හැකි වේවි (ස)

:       0       0

පුෂ්ප Thursday, 03 January 2013 04:39 AM

මෙවැනි දේවල් නිවැරදි කළ හැක්කේ පාලකයින් නිවැරදිව, අවංකව, කෙලින් හිටියොත් පමණයි. රටක නීතිය සහ සාමය පැතිරෙන්නෙ උඩු තලයේ සිට යටටයි. රටක ලොකු ලොක්කො එක් වරක් නරකක් කළොත් පොඩි පොඩ්ඩො දහ වරක් ඒ වැරැද්ද කරනවා සිය ගුණයක් නරක විදිහට.කතාවක් තියෙනවානෙ දේවාලෙ කපුව හිට ගෙන කරන වැඩේ කපුවගෙ ගෝලයො දුව දුව කරනව කියල , ඒ නිසා කවුරු කවුරුත් ආදර්ශමත් වෙන්න (ස)

:       0       0

නසන්ත Thursday, 03 January 2013 05:16 AM

වැටත් නියරත් ගොයම කානම් - කාට පවසම් භයං කාරං (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site