සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ ආයතනයක් වන කොළඹ එයිට්ක්න්ස් ස්පෙන්ස් ආයතනයේ විද්‍යුත් දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරාගෙන පෞද්ගලික වාසි ගත්තැයි සැකපිට එම ආයතනයේ හිටපු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය කියයි.
එම සමාගමේ දත්ත පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා ලබා ගැනීම, එමගින් සමාගමට ලැබෙන ආදායම අහිමි කිරීම හා දත්ත වෙනස් කිරීම කර ඇති බවට පැමිණිලි ඇතැයි පොලීසිය පවසයි.
අනවසරයෙන් ඇතුළු වූ සැකකරු සංචාරකයන් තම අවශ්‍යතා දන්වා එවන ඊමේල් පණිවුඩ ලබා ගෙන, ආයතනයෙන් ලබා දෙන පහසුකම් සියල්ල පිටතදී ලබා දෙමින් මුදල් උපයා ගෙන ඇත්දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරු 1992 සිට 2007 දක්වා එම ආයතනයේම කළමණාකරුවකු ලෙස සේවය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා (දී)
තමන් දන්න දැනුම හොද දෙයකට යොමුකරනවා නම් අද අපේ රටට තොච්චර ආඩම්බරයක්ද?(නදී)
කාපු පතේ පහරන අය තමා ඉන්නේ . (ස)
සොයා බලන්න...සොයා බලන්න...(දී)
දන්න කියන අයනේ.... (ස)
කාපු පතේ පහරනවා කියන්නේ ඕකනේ... මුල අමතක කරලා . (ස)
ඔය සමාගමේ ඉහළම පුටුවේ ඉදලා ලොක්කෝ සේරම එකයි. මෙයාලගේ ප්‍රශ්න ජනතාවට වැඩක් නහැ.(නදී)
අපි දන්න තව අය ඉන්නවා ඕකේ.(නදී)