
(අංජුල මහික වීරරත්න)
එදා රජ දවස පාලකයන් අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරියා සේ අපත් අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද කවුරු මොන දේ කිව්වත් ගොවි ජනතාව අමාරුවෙන් සිටින බව කී විපක්ෂ නායකවරයා අස්වැන්න ඉහළ ස්ථාවර මිලට විකුණාගත නොහැකි වීතිබෙන බව පෙන්වා දුන්නේය.
එදා රුපියල් අනූවකට අලෙවි වූ වී කිලෝව අද 14% ක් තෙතමනයට අඩු වී දැන් අලෙවි වන්නේ 114ට බවත් ගොවියා ඉහළ පිරිවැයක් දැරුවත් ගොවියාට ලාභයක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඇලහැර රදවිගේඔය ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍යයේ මුල් ගල් තැබීමේ පුණ්‍යෝත්සව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 20 පමණ රජ වෙන්න දගලුවනේ නමුත් හරි ගියේ නැහැ බන්, දැන් කරන්න පුළුවන් නුවන්නක්කාරම වැඩේ පක්ෂේ ඉන්න හර්ෂ ද සිල්වා වැනි දැනුමක් තිබෙන උගත් බුද්ධිමත් කෙනෙක් ඉස්සරහට ගෙනත් ලබන ජනාධිපතිවරනේ ටාර්ගට් කරගෙන වැඩ කරන එක එහෙම වුනොත් උඹට අගමැතිකම හරි ගන්න පුළුවන්... නැතිනම් වෙන්නේ ´ පක්ෂේ අය බෝර්ඩ් ලෑල්ල පමණක් භාර දීලා, උඹලා රනිල්ට කලා වගේ බහුතරයක් අලුත් පක්ෂයක් හදාගෙන එලියට යන එක, එහෙම වුනොත් ඇපත් නැති වෙනවා... රනිල්ට අලියා ලකුණ, කැපුවත් කොළ කියන බයියෝ ටිකක්, කඩිනම් මහවැලි ව්‍යාපාරේ 80 වැනි දශකයේ කළ දේවල්, 2022 පසු ආර්ථිකය ගොඩ නගපු එක වැනි මොනවා හරි තිබෙනවා කියන්න මුකුත් නැහැ.. ඒක නිසා මොලේ කලපනා කරලා තීරණයක් අද හෙටම ගන්න...
තමුන්ගේ කියුම් කෙරුම් කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසා කාපු, කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් බස් බෙදපු, තමුන්ගේ පව්ලේ අයගේ කෙරුවාවාල් ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා. පක්ෂයවත් හරියට කරගන්න බැරි විපත්ති නායකයා ගැන කවර කතාද?
මතකද ඩුප්ලිකේට් රජ්ජුරුවන්ගේ මල්ලි. රට කර ගන්න බැරිව අනාගෙන. ගෝඨාභය රජ්ජුරුවෝ උඩු ගුවනේ පාවෙනවා රට බාර ගන්න කියද්දී මග ඇරපු හැටි. හරි ඉක්මනට නිවට, ජඩ, හොරවැඩ අමතක වෙනවා නේද? දැන් කිසිම අමාරුවක් නැහැ. හොර රජ්ජුරුවෝ කාලේ වගේමයි. දැන් තියෙන්නේ දඩුවම් විදින්න බයට දිවි නහාගන්න එක. මෙයාගේ පුදුම අනුකම්පාවක්නේ තියෙන්නේ රට වැසියාට. කිරි එරෙනවාත් ඇති හැමදාම දුක කියනවා කටින් බතල හිටුවනවා. මාලිමාව ගොඩක් හොදයි නේද? මෙහෙම ගියොත් පුතෝ.... අපට වැඩක් නැතේ කියහන්... කවදාවත් ජනතාව බලයට උබලව ගෙන්නේ නැහැ...