IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එදිරිමාන්න වූ ධර්මප‍්‍රිය හෙවත් ‘ඩයියා’...

රංගනයේදි ඔහු ඒ චරිතයට කෙතරම් දුරට කිඳා බැස ඇතිදැයි පසක් වන්නේ නරඹන්නන් ඒ චරිතයට එතරම්ම සමීප වීම නිසාය. එදිරිමාන්න සහ දොළහක් වේදිකා නාට්‍යයේ ඔහු දායක වන චරිත ඊට කදිම සාක්‍ෂියයි. එලෙසින් කලින් කලට විවිධ නිර්මාණ සමග රංගන ක්‍ෂේත‍්‍රයට අරුතක් ගෙන දෙන ඔහු ධර්මප‍්‍රිය ඩයස්ය. නමුත් වේදිකාවේ මෙන්ම අනෙකුත් ක්‍ෂේත‍්‍රවල බොහෝදෙනා ඔහු අමතන්නේ ‘ඩයියා’ නමිනි. මේ ධර්මප‍්‍රිය ඩයස් හෙවත් ඩයියා ගැන තව තවත් හැඳින් විය යුතු නැත. අපි ඔහු සමග කතාබහට එක්වුණෙමු. ධර්මප‍්‍රිය ඔබ නළුකම සොයා ගියාද? නැතිනම් නළුකම ඔබ සොයා ආවාද? මම හිතන්නෙ දන්න කියන කාලේ ඉඳලම මේ රංගන ක්‍ෂේත‍්‍රය සහ නාට්‍ය කලාවට ලොකු ආසාවක් තිබුණා. පාසල් වේදිකාව තමයි ඊට අඩිතාලම දැමුවේ. එවකට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ආචාර්ය පේ‍්‍රම කුමාර කරුණාරත්න සර් තමයි මේ ගමනට වග කියන්න  ඕන. ඒ කියන්නෙ සර් තමයි අපි සතු කුසලතා එළියට ගත්තෙ. ඇයි රංගනයම සොයා ගන්න හිතුණෙ? එය කරන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. ආසාවකුත් තිබුණා. ඉස්සර මට මතකයි කැස්බෑව වැවේ මැද වේදිකාවක් තනලා ගමේ අය වෙසක් නාට්‍ය කළා. ඒ නාට්‍යවල රජවරු, කුමාරවරු ලෙස රඟපෑ චරිත මගේ හිතේ තදින්ම බැඳුණා. ඒක හරි අපූරු ලෝකයක් කියලා මට හිතුණා. ඒ බැඳීම සහ සියලූ දැකීම් මත මේ මග තෝරාගන්න ඇති. කෙසේ හෝ රංගනය තමයි දිගටම කරන්නෙ කියලා නිශ්චිතවම තීරණයක් කරන්නෙ මොන අවධියේදිද? පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේදී උසස් පෙළ කරන්න වඩාත් උනන්දුව ඇතිවෙන්නෙ නාට්‍ය හා රංග කලාව විෂයක් හැටියට උගන්නන බව දැනගන්න ලැබුණු නිසයි. ඉන්පසුව ප‍්‍රායෝගිකව වැඩ කරද්දී අත්දැකීම් ලබද්දී හොඳ පිරිසකගේ දායකත්වය සහ ඇසුර ලබද්දී මේ මඟ ඔස්සේ යාමට තවදුරටත් සිත් ඇතිවෙනවා. රංගනයට සමීප වුණේ එකී දේවල් නිසයි. හඳහනේ මොනවද ලියැවිලා තියෙන්නෙ? හඳහන බලලා නැහැ. එතකොට ඔබ විශ්වාස කරන්නෙ? තවම මම විශ්වාස කරන්නෙ ආත්ම ශක්තියයි. හඳහන කියන්නෙ වෙලාවකට ලෙඩක්. මේ පිටුපස ගිහින් සමහරු විනාශ වෙලා යනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරමින් තමුන්ගේ සබ්බ සකල මනාවම වියදම් කරගෙන මොකටද ඒ පිටුපස යන්නෙ. උණක් හැදුණත් හඳහන පස්සෙ යනවා නම් ඒක හරියට තමන්ගේ ආත්ම විශ්වාසය පාවලා දුන්නා වගේ දෙයක්. මොකක් හරි විද්‍යාවක් එතැන ඇති. ඒත් ආත්ම විශ්වාසය ඊට වඩා ප‍්‍රබල බව මගේ පුද්ගලික හැඟීමයි. ඔබගේ වෘත්තිය රංගනය විතරද? නැහැ. මම ගුරුවරයෙක්. දෙහිවල ශාස්ත‍්‍රානන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලය මට ආදරෙයි. ඒ අය ලබාදෙන සහාය හරි ඉහළයි. ඒත් මම රංගනය විතරක් බදාගෙන ගුරු වෘත්තිය පැහැර හැරලා නැහැ. බැරිම අවස්ථාවකදී හැර මම ගුරු වෘත්තිය ගෞරවයෙන් කරන්න උපරිම උත්සාහ ගන්නවා. නළු වෘත්තිය ඔබට දැනෙන විදිය? ලෝකයේ තියෙන රසවත්ම වෘත්තිය නළු වෘත්තිය කියලයි මට හිතෙන්නෙ. හැබැයි ලංකාවේ නෙවෙයි. ලංකාවේ ඇතුළෙ එය වෘත්තියක් ලෙස කරන්න බැහැ. ඒ නිසා තමයි බොහෝදෙනා වෙනත් වෘත්තීන් කරන අතරේ රංගනය කරන්නෙත්. ලෝකයේ රසවත්ම වෘත්තිය වුණත් ලංකාවෙදී අපි අපේ කාලයේදී තවම එය අත්විඳලා නැහැ. ඇයි ලංකාව ඇතුළෙදි එහෙම නොවෙන්නෙ? රංගනයට විතරක් නෙවෙයි.  ඕනෑම වෘත්තියකට එහෙම තැනක් ලැබිලා නැහැ. ලෝකයේ අනෙක් රටවලට සාපේක්‍ෂව ලංකාව වෙනස්. නිර්මාණකරුවන් නිර්මාණ පවා කරන්නේ හුදෙකලාව. මේ නිසා මේ රසය, ගුණය වෑහෙන්න නම්, සමාජය ප‍්‍රබෝධමත් වෙන්න නම්, දේශපාලනික වශයෙන් වෙනසක් වෙන්න  ඕන. නැතිනම් දේශපාලනයේ ඉහළින්ම මේ වෙනස දැක්ම ගැන හිතන්න  ඕන. අද ඔබ ගැන කතා වෙන්නෙ ‘එදිරිමාන්න’ (සිහින පියාපත්) නිසයි. ඔබ මීට සාධාරණයක් කළාද? එහි ඔබගේ සාමාන්‍ය ජීවිතයේ ගති ලක්‍ෂණත් තියෙනවාද? මගේ පුද්ගලිකත්වය එතැන නැහැ. නමුත් මම කළ ටෙලිනාට්‍ය හෝ වෙනත් නිර්මාණ දෙස බලන්න. මම කරලා තියෙන්නෙ බොහොම ටිකයි. හැබැයි ඒවා වෙන් වෙන්ව වෙනස්ව කර ඇති බව මගේ විශ්වාසයයි. මේ කතාවේදි රචකයා ගොඩනගපු දේ අධ්‍යක්‍ෂ විසින් මවද්දී ඔහුගේ අනුමැතිය ඇතිව යම් යම් දේ මිශ‍්‍ර වෙන්න ඇති. එදිරිමාන්න සාධාරණද? ඔබ එදිරිමාන්න නම්? තවම මෙය දිගහැරෙමින් තියෙන්නෙ. එදිරිමාන්න ගැන තීරණ ගන්න තවම කල්වේලා මදි. මේ එදිරිමාන්න හැර අතුල පතිරණගේ ‘දොළහක්’ නාට්‍යයේ ඔබ කළ චරිතය ගැනත් බොහෝ දෙනා කතා වෙනවා නේද? ඇත්තටම නාට්‍යයක පළමු දර්ශනය පෙන්වීම මොකකින් මොකක් වේවිද කියලා හිතාගන්න බැරි අවස්ථාවක්. ඒ අවස්ථාව හරියට වෙලාවට එල්ලා මරණ දිනය වගෙයි. අතුල පතිරණ එය හරියටම දිනයට කළ බව කියන්න පුළුවනි. ඔක්කොම හරියට රඟපෑවෙ යක්කු වගෙයි. මීට කලින් මම නාට්‍ය කීපයකම රඟපෑවා. නමුත් දොළහක් නාට්‍යයේ මංගල දැක්මේදී ලද ප‍්‍රතිචාරය තරම් ඉහළ දෙයක් තවත් නාට්‍යකදී ලබාගෙන නැහැ. ඒක අපි හැමෝටම දැනුණු දෙයක්. අතුලට, අපේ යාළුකමට, අධ්‍යක්‍ෂණයට සියල්ල ගරු කරමින්, සියල්ල එකට පෑහිලා තියෙන්න ඇති. ඒ වගේම තිරය පිටුපස සිටි පිරිසත් අප‍්‍රමාණයි. එහි හොඳම අවසන් ප‍්‍රතිඵලය තමයි හොඳම දේ නිර්මාණය වීම. මෙලෙස විවිධ චරිත, සමග කරළිය හැඩ කරන බව ගෙදර චරිතයට දෙන දායකත්වය මොන වගේ ද? පැහැදිලිවම කිව්වොත් බිරිඳගෙන් මහාර්ඝ කැපවීමක් සිද්ධ වෙනවා. මේ මාව, මගේ ක‍්‍රමය හඳුනා නොගන්න වදක භාර්යාවක් වුණා නම් මට මේ සියල්ල වදයක්ම වේවි. පැය අටේ රාජකාරිය කරලා ගෙදර එන සාම්ප‍්‍රදායික ස්වාමිපුරුෂයා නෙවෙයි. මේ නිසා තිරය පිටුපස සිට මේ විදියට අනුන් වෙනුවෙන් දුක් ගැහැට උසුලන, කැපකිරීම් කරන බිරිඳ වගේම ඥාති සමූහයාත් සිහිපත් කිරීම වැදගත්. ඔබ කවුද? බොහෝම සරල සාමාන්‍ය මිනිහෙක්.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

එදිරිමාන්න වූ ධර්මප‍්‍රිය හෙවත් ‘ඩයියා’...

samantha Friday, 30 December 2011 11:48 PM

මම ගොඩාක් කැමැති ඔබට

:       0       0

මංජුල කුමාර Wednesday, 04 January 2012 12:24 PM

ඩයාස් අයියා ගොඩාක් හිත හොද කෙනෙක්

:       0       0

අජිත් Wednesday, 04 January 2012 02:32 PM

පොලිස් නිලධාරියකුගේ චරිතයක් තෝරාගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site