පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස ද නැගෙනහිර පළාත් මන්ත්‍රී දයා ගමගේ මහතා ජාතික සංවිධායක ලෙස ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පත් කරනු ලැබූහ. නියෝජ්‍ය නායක පත් කිරීම පසුවට කල් තැබිණි. මීට කලින් නියෝජ්‍ය නායක වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාය.
සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් ඉන් පසු එම පදවිය පිළිබඳව තීරණයක් ගත හැකි බවත් පක්ෂ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මහත්තයා නැත්නම් අද යූ.එන්.පී.යක් නැහැ. මම නම් හිතන්නේ එහෙමයි. (නි)
සජිත්, ඔයා කිසිදේකට බයවෙන්න එපා. (නි)
පක්ෂයට හානියක් වෙන්න දෙන්න එපා (දී)
පුලුවන් තරම් පරණ අයම පත් කරගන්න බලන්න. (නි)
විනය පරීක්ෂණ වැඩක් නෑ. නායකකමට සුදුස්සා එයා තමයි. (අ)
ලබන පාර නම් තක්කෙටම දිනන්න පුලුවන්. (නි)
මේ රටේ විපක්ෂය ශක්තිමත්ව තිබුණා නම් එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට වැඩ කරන්න බැහැ. ඒ නිසා රටේ වෙන දේවල් වලට විපක්ෂයත් වගකියන්න ඕනෑ. (නි)
දයා ගමගේ කියන්නේ කවුද (අ)
සජිත් මහත්තයා පුළුවන්නම් ජනාධිපතිත් එක්ක යන්න (අ)
අන්න හරි (දී)
අපිට සජිත් අවශ්‍යයි. (නි)
බලාගෙන ගියාම කැබිනට් සාමුහිකත්වය රකින්නේ ඇමතිවරුන්ටත් වඩා වෙන කෙනෙක්නේ. (නි)
එහෙම තමයි ඉන්න ඕනේ (දී)
තනතුරු කැපුවට සජිත් මහත්තයා කළ සටන නවත්වන්න නම් කවමදාවත් හම්බවෙන්නෙ නැහැ. (නි)
සජිත්, අපි ඔබ සමගයි. ඔබට ජය වේවා! (නි)
යූ.එන්.පී.ය යන්තමින් හෝ ජනතාවගේ මතකය අතරට එන්නේ සජිත් නිසයි. (නි)
ලෝභ නොවී සජිත්ට දෙමුකෝ. (නි)
අපේ පාසලේ ආදි ශිෂ්‍යයින්ට සුභ පැතුම්! (නි)
මොනවා වුණත් රනිල්ට හොදට කතාකරන්න පුලුවන්, සභාවක් ඉදිරියේදී. (නි)
විපක්ෂය දුර්වල කරන්නේ කවුද කියලා හැමෝම දන්නවා (ස)
දක්ෂ මිනිස්සු කොච්චර ඉන්න පක්ෂයක්ද? දයාසිරිලා කොච්චර දක්ෂ අයද? (නි)
සජිත් නැතිවුණොත් ඔක්කොම ඉවරයි. (නි)
එජාපය අළුත් වෙන්නෙත් නැහැනෙ. හැමදාම පරන තැටිය. කීයෙන් කී දෙනාද මහත්මා දේශපාලනය කරන්නෙ? (නි)
අපේ එක්කෙනාගෙ වැඩ ඔහොම තමයි! අටුව කඩලා පුටුව හදනවා. පුටුව කඩලා අටුව හදනවා. (නි)
යූ.එන්.පී.යට අලුත් එන්ජිමක් තියෙන්න ඕනෑ. (නි)
සජිත් මහතාට සුභ අනාගතයක්! (නි)
එජාපය නිර්මාණය කළ ව්‍යවස්තාව නිසා වත්මන් ආණ්ඩුව පවා අද සුලු ජාතීන්ට ඉල්ලන ඇමතිකම් දෙන්න ඔලුව නවන්ටත් සිදුවෙලා. වත්මන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ඔවුන් අකමැති ඒ නිසයි. (නි)
අයියෝ රනිල් මහත්තයෝ! (නි)
සක්කරයව පත්කළත් පක්ෂය ගොඩගන්න එක ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. (නි)
අපිට අවශ්‍ය සජිත් වැනි නායකයෙක්. සජිත්, ඔබයි අපේ අනාගතය. (නි)
ජනමත විචාරණයක් තිබ්බා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
එකනම් හොදයි (දී)
සජිත් මහත්තය හොඳයි, දක්ෂයි. එහෙත් පක්ෂයේ තීරණයට ගරු කරන්නේ නැත්නම්, විනයක් නැත්නම්, ඒ දක්ෂකම් වලින් පලක් නැහැ. ජේ.ආර් , ප්‍රේමදාස වැනි නායකයින්ගේ කාලේ මෙහෙම වුණා නම්, මේ වෙනකොට පක්ෂයෙනුත් පන්නලා දාලා. ඒ ගොල්ලෝ පක්ෂයේ හිටපු පතාක යෝධයින්ව විනය කරුණු මත පක්ෂයෙන් ඉවත්කළා. දේශපාලකයෙක් වුණහම දක්ෂකම් වගේම බුද්ධිමත්කමත් අවශයයි. (නි)
දේශපාලනය කියන්නේ පුදුමාකාර දෙයක් (දී)
මගේ අදහස නම් නායකත්වයට සුදුසු සජිත් යන්නයි. (නි)
සජිත්, ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ. (නි)
සාමාන්‍ය ජනතාව සතුටු වෙන්න එපා විරුද්ධ පක්ෂය දුර්වල වීම ගැන, ප්‍රබල විපක්ෂයක් නැතිවීම කියන්නේ ජනතාවගේ අවාසනාවක්. (නි)
නායකත්වය (දී)
විශාල පක්ෂක් නිසා වැටෙන්න දෙන්න එපා (දී)
සජිත් මහත්තයෝ, අපිට නම් නියම නායකයා ඔබයි. (නි)
අපි නම් හිතන්නේ යූ.එන්.පී. ය ගොඩගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ සජිත් කියලයි. (නි)
සජිත් මහත්තයා අපිට නියම නායකයෙක් වුණත් සමහරුන්ට එහෙම හිතෙන්නේ නැහැනේ. (නි)
මෙය තනි පුද්ගලයකුගේ බූදලයක් නෙමෙයි. බහුතර සාමාජිකයන්ගේ කැමැත්තට ඉඩ දිය යුතුයි . ජය ගන්න හැකි වෙන්නේ එවිටයි (ස)
දිනන්න උවමනාවක් ඇත්තෙම නැද්ද (ස)
හැමදාම කන්නත් බැහැ ඒත් නොකාත් බැහැ...මම නම් හිතන්නේ එහෙමයි (ස)
දක්ෂයන්ට තමයි ඔක්කොම විනය පරීක්ෂණයි අරකයි මේකයි...පක්ෂය නගාසිටුවන්න කිසිම උනන්දුවක් නෑ (ස)
සමන්, ගොඩක් දුරට එයාලා රට ගැන හිතනවාට වඩා තමන්ගෙ තනතුර ගැනයි හිතන්නෙ. මේ සිද්ධියෙන් ඒක හොදටම ඔප්පුවුණා. (නි)
සන්තෝසයි (දී)
රට වැසියගේ වාසනාවට ගත්තු තීරණයක් (ස)
UNP එක නැත්තටම නැති වේවි මෙහෙම ගියොත්. ජය වේවා (ස)
පළිගැනීම් තුළින් වන්නේ දිනෙන් දින ආගාධයට යෑමයි. මෙය සියල්ලන්ටම පොදුයි. (නි)
අපේ රටේ දැන් විපක්ෂයක් නැති තරම (ස)
කතාව ට දක්ෂකම විතරක් මදි උපායශීලි බව දුරදක්නා නුවණ ඉවසීම උඩගු නොවීම පක්ෂ බේදයෙන් තොරව පාර්ලිමේන්තු සභිකයන් අතර ප්‍රියමනාප අයකුවීම ට හැකිවීම ආදී ගුණ වලින් නායකත්ත්වය අපේක්ෂා කරන්නා පරිපූණර් විය යුතුය. (ත)
සජිත් මහාත්තයෝ...ජනතාව ඔබ සමගයි , ඔබ පෙරට එන්න .. අපි සියලු දෙනා ඔබ සමගයි (ස)