IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එංගලන්තය පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණාවගේ

කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (01) පැවැති තරගයේදී ලෝක ශූර එංගලන්ත පිල පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණා සේ තමන්ට දැනෙන බව ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන තරගයෙන් පසුව පැවසුවාය.
මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ආසන්නතම ලෝක ශූරියන් වන ප‍්‍රබල එංගලන්ත පිලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

‘‘මට විශ්වාසයක් තිබුණා අපිට තරගය ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම ලොකු-සූරිය තරගය අවසානය දක්වා රැුගෙන එයි කියලත් මට හිතුණා. චමරි අතපත්තු කණ්ඩායමේ සුවිශේෂි ක‍්‍රීඩිකාවක්, අතපත්තු සහ යශෝධා ලකුණු 103 සම්බන්ධතාවක් ගොඩනගමින් හොඳ ආරම්භයක් ලබා දුන්නා’’ යැයි ශෂිකලා වැඩි දුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 239 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 9 ක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණක් අවශ්‍ය වූ අතර ඩිලාන් මනෝදර හයේ පහරකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.
47 වැනි  ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලට පන්දු 18 කදී ලකුණු 29 ක් රැස්කිරීමට සිදුවූ අතර 48 වැනි  ඕවරයේ ලොක-ුසූරියගේ හතරේ පහර දෙක සහ දීපිකා රසාංගිකාගේ හතරේ පහරත් සමගින් ලකුණු 16 ක් එකතු වීමෙන් ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවිණි.

මෙම ලකුණු 244 ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හඹාගොස් ජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ශ්‍රී ලංකා පිල 2011 වසරේ බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක් හඹාගොස් ජය ලබා තිබුණි.

ශ්‍රී ලංකාව 1997 වසරේ සිට වසර 16 ක කාලයක් එංගලන්තය සමග තරග කර ඇති අතර මෙම ජයග‍්‍රහණය දක්වා ජය ලැබීමට සමත්ව නොසිටියේය.

 



අදහස් (0)

එංගලන්තය පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණාවගේ

අංජන Saturday, 02 February 2013 02:47 PM

මම තරගය බැළුවා. අන්තිම ඕවර් දෙක යනකොට බයෙන් හිටියේ. මොකද ලකුනකින් පැරදුනත් එකයි. 100 යකින් පැරදුනත් එකයි. ජයෙන් ජය ඔබට!(නදී)

:       0       0

සේනානායක Saturday, 02 February 2013 05:14 AM

සදුනි, කොච්චර දක්ෂ වුණත් පෙනුමත් ප්‍රියමනාප වෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

අනුර Saturday, 02 February 2013 05:25 AM

අපි ශ්‍රී ලාංකිකයෝ, ජයවේවා අපේ කණ්ඩායමට.(නදී)

:       0       0

කරෑ Saturday, 02 February 2013 06:33 AM

වියළි කාෂ්ටක ශ්‍රීලංකා ක්‍රිකට් පොලවට සිසිල් දිය පොදක්. ඔයාලා අපේ ජාතික කණ්ඩායමට ආදර්ශයක්.(නදී)

:       0       0

අරුණ Saturday, 02 February 2013 07:00 AM

අපේ සිංහයන්ට සැමදා ජය(නදී)

:       0       0

ශිරාන් Saturday, 02 February 2013 07:19 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ගයාන් Saturday, 02 February 2013 07:29 AM

සුභ පැතුම්! විශිෂ්ට වැඩක්. (නි)

:       0       0

සුමති Saturday, 02 February 2013 08:55 AM

නියමයි. සුබපැතුම් (ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 02 February 2013 09:42 AM

නියමයි , නියමයි, ජය නියතයි. කැපවීමෙන් ඉදිරියට යන්න සුබ පැතුම් (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 04:12 PM

අපේ සහෝදරියන්ට සුබ පැතුම් (ස)

:       0       0

තිස්ස Saturday, 02 February 2013 10:23 AM

දිරිය දියණිය මේ පුංචි මුතු ඇටය ලෝකයේ බබලවන්න , ඔබ සැමට තෙරුවන් සරණයි (ස)

:       0       0

අජිත් Friday, 01 February 2013 07:11 PM

ශ්‍රී ලංකා දිරිය දියණියන්ට සුබ පැතුම් (ස)

:       0       0

රවින්ද්‍ර Saturday, 02 February 2013 10:24 AM

ඇග කිලිපොලා යනවා හසන්ත මේ අපේ දිරිය දියනියෝ නේද හසන්ත.!(නු)

:       0       0

සංගා Friday, 01 February 2013 07:13 PM

සිරි අපිනම් ආයෙ පිරිමින්ගේ තරග බලන්නෙ නැහැ.. සුභ පතනවා කණ්ඩායමට...!(නු)

:       0       0

රන්දිමාල් Saturday, 02 February 2013 10:26 AM

ලංකාවෙ කෙල්ලො වසයි.මම මැචිඑක බැලුවා.ලස්සනට සෙල්ලමි කලා බලන්නත් ආසයි. (ස)

:       0       0

දිල්රුක් Friday, 01 February 2013 07:17 PM

මගේ උණුසුම් සුභ පැතුම්! සියලු තරග ජය ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සුපුන් Friday, 01 February 2013 07:36 PM

අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

පිටිගල Friday, 01 February 2013 07:40 PM

අර කට්ටිය වෙනුවට මේ අයව යැවුවා නම් නැවත අපිට ලෝක කුසලානය ගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

ආතර Saturday, 02 February 2013 06:18 PM

කවුෂල්‍යා සහ මනෝදර, අපේ නායිකාවටත්, දොලවත්ත සහ අතපත්තු ඇතුළු අපේ කෙල්ලන්ට සුභ පැතුම්!, එංගලන්ත කෙල්ලෝ උඩ පන්දු 3 ඇල්ලුවා නම් ප්‍රතිපලය වෙනස් වන්න තිබුනා. ක්‍රිතට් ඔහොම තමයි. කාගේවත් පන්දු යවන්නන්ගේ පන්දු දෝලනය නොවු නිසා පිති හරඹය ලේසි වුනත්, අපේ ආරම්භක වමත් පිතිකරු අතපත්තු සහ දකුනත් පිතිකරු දොලවත්ත යන පිතිකරුවන් දෙදෙනාගේ ඉතාමත් ඉහලම තාක්ෂණ පිති හරඹ නෙලිල්ලක් සහ කල්යල් බලා පිත්ත ඇඟට වෙර නොගෙන පන්දුවට එල්ල කිරීමේ කලාවත් අනෙත් අයට බලන් ඉගෙන ගන්න පුළුවන්. හොඳ පාඩමක්. (නදී)

:       0       0

ජයී තිසර Saturday, 02 February 2013 06:18 PM

මගේ සුබ පැතුම්‍, චමරී,ඒශානී දෑතේ බල පෙන්වා, පිති පහරවල් එක දිගටම කැරකෙව්වා, නෙත් සිත් පිනවමින් දහසක් කෑගැහුවා, බලවත් කියන අයවත් අද පැරදෙව්වා.(නදී)

:       0       0

ලාරා Friday, 01 February 2013 08:14 PM

දිනුවත් පැරදුනත් ලස්සන ගැහැණු ළමයි ටිකක්(නදී)

:       0       0

චන්දිම Saturday, 02 February 2013 11:53 AM

මගේ සුබ පැතුම් . ඔබලාට ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා...! (ස)

:       0       0

සමන් Friday, 01 February 2013 09:04 PM

ඉදිරි තරග සදහා සුභපැතුමි!(නදී)

:       0       0

සදුනි Friday, 01 February 2013 09:24 PM

ලස්සන නෙමෙයි ලාරා මහත්තයෝ අපේ දක්ෂතාවය අගය කරන්න.(නදී)

:       0       0

අනුරi Saturday, 02 February 2013 12:12 PM

අපිත් එක්ක පුරුදු වෙන්න මැච් තුනක් ගහපු අක්කලාට අපේ උනුසුමි සුභ පැතුමි.(නදී)

:       0       0

සුභාෂිණි Friday, 01 February 2013 10:21 PM

මේ සටන්කාමී තරගය නැරඹු මට හැගී ගියේ ඔබලාට හුගක් දේවල් කිරීමට දක්ෂතා ඇති බවයි. (නි)

:       0       0

සමිපත් Saturday, 02 February 2013 12:53 PM

අපේ කෙල්ලන්ගේ හැඩයි, වැඩයි දෙකම ඉහලයි, ඔබට සුභපතන්නම්(නදී)

:       0       0

සිවන්ත Friday, 01 February 2013 11:07 PM

ෆයිනල් ඇවිත් නම් පරදින්න හදන්න එපා ...(ස)

:       0       0

ආනන්ද Friday, 01 February 2013 11:14 PM

ලාරා, ඔයා ඇයි ඒ කෙල්ලන්ගේ ලස්සන බලන්නේ? එයාලගේ දක්ෂකම පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ආචාර්ය නීල් කොබෙයිගනේ Saturday, 02 February 2013 01:02 PM

කාන්තාවන් ක්‍රිකට් ගැසීම නොකළ යුතුයි කියන එකයි මගේ පෞද්ගලික මතය. (ස)

:       0       0

ජයන්ත Friday, 01 February 2013 11:23 PM

ජයවේවා! අපේ කෙල්ලෝ නියමයි. (නි)

:       0       0

පහන් Saturday, 02 February 2013 01:10 PM

සේනානයක ඔයාට ඔල්මාදෙද ?මේක රුපසුන්දරී තෝරන තරගයක් නෙමේ ක්‍රිකට් තරගයක්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ජයවේවා .(නදී)

:       0       0

දෝහා Friday, 01 February 2013 11:29 PM

අපේ කෙල්ලෝ ටික මාරයිනේ. (නි)

:       0       0

දම්-දෝහා Friday, 01 February 2013 11:31 PM

තරගයක ජය පැරදුම කාටත් පොදුයි, තරගයක් දීලා පැරදුනත් කමක් නැහැ, නියමයි.(නදී)

:       0       0

දෝහා Friday, 01 February 2013 11:32 PM

අද වගේ හිතට අරගෙන සෙල්ලමි කලොත් ඔබලාට ඉතිරි තරග අමාරු වෙන්නේ නැහැ, ඉදිරියට යන්න, සුභ පැතුමි!(නදී)

:       0       0

අමිල Friday, 01 February 2013 11:34 PM

ආදර නංගිලා, මම තරගය බැළුවා අපේ කොල්ලො ගාව නැති දිරියක් ඔයාලා ගාව තිබ්බා, ඔබලාට ජයම වේවා!(නදී)

:       0       0

නිහාල් Friday, 01 February 2013 11:36 PM

ඔන්න අපේ කෙල්ලෝ ටික වැඩ පෙන්නන්න පටන් අරන්. (නි)

:       0       0

දම්-දෝහා Friday, 01 February 2013 11:38 PM

තරගයක ආරමිභය ශක්තිමත්නමි අවසානය දක්වා සාර්ථකව පවත්වාගෙන යාහැකියි, ඉදිරියට යන්න, සුභ පැතුමි.(නදී)

:       0       0

තිසල් Friday, 01 February 2013 11:44 PM

කාන්තා ත්‍රිකටි ජනප්‍රිය නැතිබව ඇත්ත. එහෙම කියලා ඔබලාගේ ජයග්‍රහණය අවතක්සේරු කරන්නේ නැහැ. ක්‍රිකට් ත්‍රීඩාවේ උපත සිදුවූ එංගලන්තය සමග දිනුව වගේම ඉතිරි ටිකත් දිනාගන්න.(නදී)

:       0       0

සුදන්ත Saturday, 02 February 2013 12:08 AM

සුභ පැතුම් අපේ කණ්ඩායමට! (නි)

:       0       0

රිස්වාන් Saturday, 02 February 2013 01:52 AM

නියමයි කෙල්ලනේ! (නි)

:       0       0

මංජු Saturday, 02 February 2013 02:24 AM

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 270 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1289 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 732 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1834 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2580 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 3741 2

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 354 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1746 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1577 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site