කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (01) පැවැති තරගයේදී ලෝක ශූර එංගලන්ත පිල පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණා සේ තමන්ට දැනෙන බව ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන තරගයෙන් පසුව පැවසුවාය.
මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ආසන්නතම ලෝක ශූරියන් වන ප‍්‍රබල එංගලන්ත පිලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
‘‘මට විශ්වාසයක් තිබුණා අපිට තරගය ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම ලොකු-සූරිය තරගය අවසානය දක්වා රැුගෙන එයි කියලත් මට හිතුණා. චමරි අතපත්තු කණ්ඩායමේ සුවිශේෂි ක‍්‍රීඩිකාවක්, අතපත්තු සහ යශෝධා ලකුණු 103 සම්බන්ධතාවක් ගොඩනගමින් හොඳ ආරම්භයක් ලබා දුන්නා’’ යැයි ශෂිකලා වැඩි දුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 239 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 9 ක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණක් අවශ්‍ය වූ අතර ඩිලාන් මනෝදර හයේ පහරකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.
47 වැනි ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලට පන්දු 18 කදී ලකුණු 29 ක් රැස්කිරීමට සිදුවූ අතර 48 වැනි ඕවරයේ ලොක-ුසූරියගේ හතරේ පහර දෙක සහ දීපිකා රසාංගිකාගේ හතරේ පහරත් සමගින් ලකුණු 16 ක් එකතු වීමෙන් ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවිණි.
මෙම ලකුණු 244 ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හඹාගොස් ජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ශ්‍රී ලංකා පිල 2011 වසරේ බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක් හඹාගොස් ජය ලබා තිබුණි.
ශ්‍රී ලංකාව 1997 වසරේ සිට වසර 16 ක කාලයක් එංගලන්තය සමග තරග කර ඇති අතර මෙම ජයග‍්‍රහණය දක්වා ජය ලැබීමට සමත්ව නොසිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ කෙල්ලො වසයි.මම මැචිඑක බැලුවා.ලස්සනට සෙල්ලමි කලා බලන්නත් ආසයි. (ස)
සදුනි, කොච්චර දක්ෂ වුණත් පෙනුමත් ප්‍රියමනාප වෙන්න ඕනෑ නේද? (නි)
අපි ශ්‍රී ලාංකිකයෝ, ජයවේවා අපේ කණ්ඩායමට.(නදී)
වියළි කාෂ්ටක ශ්‍රීලංකා ක්‍රිකට් පොලවට සිසිල් දිය පොදක්. ඔයාලා අපේ ජාතික කණ්ඩායමට ආදර්ශයක්.(නදී)
අපේ සිංහයන්ට සැමදා ජය(නදී)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! විශිෂ්ට වැඩක්. (නි)
නියමයි. සුබපැතුම් (ස)
නියමයි , නියමයි, ජය නියතයි. කැපවීමෙන් ඉදිරියට යන්න සුබ පැතුම් (ස)
දිරිය දියණිය මේ පුංචි මුතු ඇටය ලෝකයේ බබලවන්න , ඔබ සැමට තෙරුවන් සරණයි (ස)
ඇග කිලිපොලා යනවා හසන්ත මේ අපේ දිරිය දියනියෝ නේද හසන්ත.!(නු)
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මගේ සුබ පැතුම් . ඔබලාට ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා...! (ස)
අපිත් එක්ක පුරුදු වෙන්න මැච් තුනක් ගහපු අක්කලාට අපේ උනුසුමි සුභ පැතුමි.(නදී)
අපේ කෙල්ලන්ගේ හැඩයි, වැඩයි දෙකම ඉහලයි, ඔබට සුභපතන්නම්(නදී)
කාන්තාවන් ක්‍රිකට් ගැසීම නොකළ යුතුයි කියන එකයි මගේ පෞද්ගලික මතය. (ස)
සේනානයක ඔයාට ඔල්මාදෙද ?මේක රුපසුන්දරී තෝරන තරගයක් නෙමේ ක්‍රිකට් තරගයක්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ජයවේවා .(නදී)
මම තරගය බැළුවා. අන්තිම ඕවර් දෙක යනකොට බයෙන් හිටියේ. මොකද ලකුනකින් පැරදුනත් එකයි. 100 යකින් පැරදුනත් එකයි. ජයෙන් ජය ඔබට!(නදී)
අපේ සහෝදරියන්ට සුබ පැතුම් (ස)
කවුෂල්‍යා සහ මනෝදර, අපේ නායිකාවටත්, දොලවත්ත සහ අතපත්තු ඇතුළු අපේ කෙල්ලන්ට සුභ පැතුම්!, එංගලන්ත කෙල්ලෝ උඩ පන්දු 3 ඇල්ලුවා නම් ප්‍රතිපලය වෙනස් වන්න තිබුනා. ක්‍රිතට් ඔහොම තමයි. කාගේවත් පන්දු යවන්නන්ගේ පන්දු දෝලනය නොවු නිසා පිති හරඹය ලේසි වුනත්, අපේ ආරම්භක වමත් පිතිකරු අතපත්තු සහ දකුනත් පිතිකරු දොලවත්ත යන පිතිකරුවන් දෙදෙනාගේ ඉතාමත් ඉහලම තාක්ෂණ පිති හරඹ නෙලිල්ලක් සහ කල්යල් බලා පිත්ත ඇඟට වෙර නොගෙන පන්දුවට එල්ල කිරීමේ කලාවත් අනෙත් අයට බලන් ඉගෙන ගන්න පුළුවන්. හොඳ පාඩමක්. (නදී)
මගේ සුබ පැතුම්, චමරී,ඒශානී දෑතේ බල පෙන්වා, පිති පහරවල් එක දිගටම කැරකෙව්වා, නෙත් සිත් පිනවමින් දහසක් කෑගැහුවා, බලවත් කියන අයවත් අද පැරදෙව්වා.(නදී)
ජයවේවා! අපේ කෙල්ලෝ නියමයි. (නි)
සිරි අපිනම් ආයෙ පිරිමින්ගේ තරග බලන්නෙ නැහැ.. සුභ පතනවා කණ්ඩායමට...!(නු)
මගේ උණුසුම් සුභ පැතුම්! සියලු තරග ජය ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අර කට්ටිය වෙනුවට මේ අයව යැවුවා නම් නැවත අපිට ලෝක කුසලානය ගන්න පුලුවන් වේවි. (නි)
දිනුවත් පැරදුනත් ලස්සන ගැහැණු ළමයි ටිකක්(නදී)
ඉදිරි තරග සදහා සුභපැතුමි!(නදී)
ලස්සන නෙමෙයි ලාරා මහත්තයෝ අපේ දක්ෂතාවය අගය කරන්න.(නදී)
මේ සටන්කාමී තරගය නැරඹු මට හැගී ගියේ ඔබලාට හුගක් දේවල් කිරීමට දක්ෂතා ඇති බවයි. (නි)
ෆයිනල් ඇවිත් නම් පරදින්න හදන්න එපා ...(ස)
ලාරා, ඔයා ඇයි ඒ කෙල්ලන්ගේ ලස්සන බලන්නේ? එයාලගේ දක්ෂකම පෙනෙන්නේ නැද්ද? (නි)
ශ්රී ලංකා දිරිය දියණියන්ට සුබ පැතුම් (ස)
අපේ කෙල්ලෝ ටික මාරයිනේ. (නි)
තරගයක ජය පැරදුම කාටත් පොදුයි, තරගයක් දීලා පැරදුනත් කමක් නැහැ, නියමයි.(නදී)
අද වගේ හිතට අරගෙන සෙල්ලමි කලොත් ඔබලාට ඉතිරි තරග අමාරු වෙන්නේ නැහැ, ඉදිරියට යන්න, සුභ පැතුමි!(නදී)
ආදර නංගිලා, මම තරගය බැළුවා අපේ කොල්ලො ගාව නැති දිරියක් ඔයාලා ගාව තිබ්බා, ඔබලාට ජයම වේවා!(නදී)
ඔන්න අපේ කෙල්ලෝ ටික වැඩ පෙන්නන්න පටන් අරන්. (නි)
තරගයක ආරමිභය ශක්තිමත්නමි අවසානය දක්වා සාර්ථකව පවත්වාගෙන යාහැකියි, ඉදිරියට යන්න, සුභ පැතුමි.(නදී)
කාන්තා ත්‍රිකටි ජනප්‍රිය නැතිබව ඇත්ත. එහෙම කියලා ඔබලාගේ ජයග්‍රහණය අවතක්සේරු කරන්නේ නැහැ. ක්‍රිකට් ත්‍රීඩාවේ උපත සිදුවූ එංගලන්තය සමග දිනුව වගේම ඉතිරි ටිකත් දිනාගන්න.(නදී)
සුභ පැතුම් අපේ කණ්ඩායමට! (නි)
නියමයි කෙල්ලනේ! (නි)