එංගලන්තයේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ හතලිස් හතර හමාරකට ආසන්න මුදලක් වංචා කළැයි විදේශ සේවා රැකියා නියුක්ති කාර්යාලයේ හලාවත පුහුණු උපදේශිකාවක බව කියන කතක හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
එංගලන්තයේ සිටින ඥාතීන් මගින් රැකියා සපයා දෙන බව කියමින් විටින් විට මුදල් ගත් බවත් හලාවත ජෝන් කැමිලස් ප්‍රනාන්දු (55) සහ ඔහුගේ පුත් නිමන්ත පොලීසියට පැමිණිලි කළහ.
රිමාන්ඩ් කැරුණේ ලක්ෂ්මී ප්‍රීතිකා ගුණවර්ධන නම් කතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩා යවන බව පවසමින් සල්ලි ගරනා කෙනෙකුත් සිටිනවා. අහුවෙන්න නම් එපා. (නි)
දැන් එයාගේ රැකියාවත් අහිමි වේවිද දන්නෙ නැහැ නේද? (නි)
මම දන්න කෙනකේ හිටියා කිරුළපන පැත්තේ කෝටි දෙකට වඩා සල්ලි අරගෙන එයා පැනලා ගිහිං.. කවුරුවත් පොලිසියට ගියේ නැහැ ලැජ්ජාව නිසා.. මේ කෙනා මැලේසියාව හරහා යුරෝපයට යවන්න තමයි සල්ලි ගත්තේ.. සමහර අය මැලේසියාවල තාම හිරේ.. මෙයාලගේ මුළු පවුලම දැං අතුරුදන්.. මෙය සත්‍ය සිදුවීමකි..!(නු)
මෙහෙ එන්න එපා. මෙහෙ රැකියා නැහැ (දී)
ඕස්ට්‍රේලියා පිස්සුව ඉවරද .දැන් එංගලන්තේ ......... මිනිස්සුන්ට පිස්සුද ?? හොයන්නේ බලන්නේ නැතුව සල්ලි දෙනවට හොඳ වැඩේ (ස)
මෙයාලා කරන්නෙම ඔහොම වැඩ තමයි. එයාර්පෝර්ට් එකේදිත් මෙයාලා අහිංසක මිනිස්සුන්ගෙන් පගාව ගන්නවා. ෆොරීන් එම්ප්ලෝයිමන්ට් බියුරෝ එකේ රේජිස්ටර් වෙන්නේ නැතිව යන මිනිස්සුන්ගෙන් කීයක් හරි පගාව අරගෙන යවනවා. මම ඒක දැකලත් තියෙනවා අහලත් තියෙනවා. (ස)
දැන් සැප ඇති හිරේ ඉන්නකොට (ස)
මෙහෙ රුකියා නැහැ..! (නු)
අද තමන්ගෙම මිනිහෙක්වත් විශ්වාස කරන්න බැරිකොට සල්ලි දෙද්දි පොඩ්ඩක් හොයලා බලන්න තිබුණේ නැද්ද? (නි)
මෙයාලා සේරම සක්විති පරපුරෙන් පැවත එන කට්ටියද කොහේද? (නි)
ඔන්න ජීනා මැඩම්ට යාලුවෙක්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අයත් ඔහොම වැඩ කරනවද? (නි)