වසර එකොළහකට පෙර ගොඩකවෙල බලවින්නේ දී එකම පවුලේ හයදෙනකු ඝාතනය කිරිම සම්බන්‍ධයෙන් අධිචෝදනා ලැබ සිටි හය දෙනාගෙන් හතරදෙනෙකු ඊට වරදකරු කළ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඔවුනට මරණිය දණ්ඩනය නියම කළේය. ඊට අමතරව බරපතල වැඩසහිත පස් අවුරුදු සිරද`ඩුවමක් බැගින් ද නියම විය.
ගොඩකවෙල පල්ලෙබැද්ද බලවින්නේ පදිංචි කපුගෙදර කංකානම්ලාගේ රෝහාන් ජගත් නිස්සංක (44), කපුගෙදර කංකානමලාගේ ක‍්‍රිෂාන් ප‍්‍රියන්ත (37) නොහොත් චුට්ටා , ගමආරච්චිගේ මහසේන බණ්ඩාර සමරසේකර (30), රණසිංහ මුදියන්සේලාගේ ආනන්‍ද වසන්තකුමාර (36) නොහොත් ජයපාල නොහොත් සේපාල කළුවාට මරණ දඬුවම් නියම විය පළමු සහ දෙවැනි විත්තිකරුවෝ අයියා මලෝය.
අධිකරණය මඟහැර සිටි නිස්සංක හා සමරසේකර අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති වෙත විවෘත වරෙන්තුවක් ද නිකුත් කැරිණි. බ‍්‍රාහ්මණගේ දයාවංශ (46) සහ වික‍්‍රමආරච්චි මුහන්දිරම්ලාගේ උපුල් රණසිංහ (33) යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරණු ලැබූහ. ගොඩකවෙල බලවින්නේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයන් වු අබේසිංහ ආරච්චිල්ලාගේ පොඩිමහත්මයා (48), හෙට්ටිආරච්චිගේ රොස්ලින් (74), වස්තුහේවලාගේ සිරියාවතී (44), වස්තුහේවලාගේ දයානන්‍ද (38), අබේසිංහලාගේ ඉ`දුනිල් (19), අබේසිංහලාගේ මධුරා සුරේනි (22) යන එකම පවුලේ මව, පියා, මස්සිනා, ආච්චි සහ දරුවන් 2001 අපේ‍්‍රල් 28 වැනි දින මරා දමන ලදැයි ඔවුහු වැරැදිකරුවෝ වූහ. අබේසිංහගේ චමින්ද (22) දිවි ගලවාගත් අතර ඔහු පැමිණිල්ලේ ඇසින් දුටු එකම සාක්කිකරු විය. දැන් ඔහුගේ වසය අවුරුදු 33කි. පැමිණිල්ලේ මුළු සාක්කි ගණන 34කි. පවුල් ආරවුලින් පසු නිවසින් පිටමංකර සිටි පළමු සහ දෙවැනි විත්තිකරුවන්ගේ මවට මියගිය අබේසිංහලාගේ පොඩිමහත්තයා අය ඔහුගේ නිවසේ රැකවරණ දීම මත තිබු වෛරයක් මෙම ඝාතනවලට හේතුව වු බව අධිකරණයේ දී අනාවරණය විය. පාවහන් දෙකක් ද පොලිස් නිල සුනඛ සහාය ද සැකකැරවන් අල්ලා ගැනීමට උපකාරි විය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම සාධාරණයි
හොද තීරණයක්. අපි නීතියට ගරු කරනවා..
මීට කලින් තමි මේ දඩුවම දෙන්න තිබුනේ. අවරුදු 11 බොහොම වැඩි.
ඉක්මණට එල්ලුම්ගහ ක්‍රියාත්මක කළොත් අපරාධ අඩුවෙයි..
ඇයි තවම මරණ දඩුවම දුන්නට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?
පින්සිද්ධවෙයි. එල්ලුම් ගහ නැවත ගේන්න..
මරණ දඩුවම විතරක් දීල මදි. එක ක්‍රියාත්මක කරන්නත් ඕන
අධිකරනය දේශපාලනීකරණය නොකිරීම සතුටක්..
මිනීමරුවන්ට සහ බාල අපරාධකාරයන්ට ඉක්මනටම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන..
අපරාධ අඩුවෙයි කියලද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ?
ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?
කල් ගත්තා වැඩී...
දඩුවම් සාධාරණයි
ඉක්මණට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් අපරාධ අඩුවෙයි ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? පින්සිද්ධ වෙයි. එල්ලුම් ගහ නැවත ගේන්න..
තිරණය දෙවියන්ට භාරයි