වාර්තාවක් ලබා ගැනීම සඳහා එකම අංකයෙන් ධාවනය වූ මොන්ටෙරෝ ජිප් දෙකක් රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
කොළ පැහැති මොන්ටෙරෝ රියක් ද, තද රතු පැහැති මොන්ටෙරෝ රියක් ද ජී කේ 4271 අංකයෙන් හඳුන්වා තුබූ බව පොලීසිය එම ජිප් දෙක අධිකරණයට ඉදිරිපත් කරමින් කීවේය.
පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් 2002දී ජිප් රියක් මිලට ගත් බවත්, එදා තිබූ සීමා නිසා පැවැරුම සිදු නොවූ බවත් පැමිණිලිකාර රංජන් දි සිල්වා මහතා පවසා ඇත.
එකම නොම්මරයේ අනෙක් ජිප් රිය කෝට්ටේ කාර් සේල් පොළකදී දුටු බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න බලන්න නිවුන්නුද කියලා. (නි)
ජීප් දෙක නිවුන්නෝ වෙන්න ඇති. (නි)
මේවාට සම්බන්ධ අහිංසක සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. ජරාජීර්ණ දේශපාලයෝ. (නි)
අහිංසක දේශපාලකයින් ඕකට අල්ලන්න එපා.. ඕක පොලොන්නරුව වගේ පැත්තක ගොවි මහත්තයෙක්ගෙ වෙන්න ඇති..!(නු)
ප්‍රශ්නයක් නෑ. ප්‍රබලයෙක්කේ වෙන්න ඇති. කාට හරි වැඩක් දෙන්නද දන්නේ නෑ තියාගත්තේ (ස)
කොහොමද අපේ රහස් පොලිසියේ වැඩ? (නි)
එකක් පොටෝ කොපියක්ද කෙහෙද?(නු)
එකක් දෙකට කපලා ආපු එකක්.. (නු)
රසපරීක්ෂක තුමා මේ වාහනවල පරීක්ෂාකරන්නේ මොනවාද?(නු)
කෝ එතකොට කොළ පාට ජීප් එක? (නි)
රටේ වෙන අක්‍රමිකතාවල හැටියට මේවා මොනවද ?(ස)