2012 ජනවාරි 24 දින අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සොයා දෙන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ බිරිය කොළඹ පිරිහිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාර දුන්නාය.
ඇය අතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ.
2012 ජනවාරි 24 දින අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සොයා දෙන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ බිරිය කොළඹ පිරිහිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාර දුන්නාය.
ඇය අතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවුබිම ගැනත් ටිකක් හිතන්න මැතිණියනි. අන්තවාදින්ට අහු වෙන්න ඵපා. (නි)
දැන් කොච්චර කල්ද අප්පා (දී)
ජිනීවා වල උදවිය පෙරලපු ආණ්ඩු ලැයිස්තුවක් තිසල් මහතා පෙන්වා දෙන්න. පසුගිය අවුරුදු පනහ තුල පෙරලපු ටික කීවත් ඇති.(නදී)
ඉන්ද්‍රජිත්, සහන් ඕකම තමයි මම කියන්නෙත්. ජිනීවා කියන්නේ එක එක්කෙනාට ආන්ඩු පෙරලන තැනක්. බටහිරට වාසියක් නැත්නම් ඒ ආණ්ඩුව පෙරලලා හිතවත් කෙනෙක් පත්කරලා දෙනවා. ඉන්පසු බටහිරට වාසි ගිවිසුම් ටිකක් අත්සන් කරගන්නවා.(නදී)
ඩයස්, එදා ජිනීවා ගියේ ඔබ හිතන උදවිය නොවේ. ඔවුන්ට පිහිට වෙන්න කියලා එක්තරා තරුණ මානව හිමිකම් ක්‍රියාධරයෙකි. කවුද කියා හොයලා බලන්න. අනෙක අද විදේශ රටවල්වලට අභියෝග කරලා ගිරිය කඩාගන්න හදන්නේ ඒ කාලේ රට ගිනිතියපු අයම තමා.(නදී)
තිසල් ඔයාට ඕනනම් ඔයා ඇෆ්ගනිස්තානේ ප්‍රශ්න විසඳන්න කතාකරන්න. ඕකට ඉන්ද්‍රජිත්ට කියන්න ඕනෑය . මෙහෙ ඉන්න ලොකුම උදවිය තමා ඒ දවස්වල ජිනීවා දිවුවේ. මොකුත්ම මතක නැති උදවිය තමා ජිනීවා වල නමටත් බයේ දඟලන්නේ. මෙතන අපි කතාකරන්නේ ලංකාවේ තත්වේ ගැන.(නදී)
අතීතය අමතක වීම තමයි අපිට තියෙන ලොකුම ලෙඩේ. (නි)
88/89 අයට වීරයෝ කිව්වොත් වීරයනට මොකක්ද කියන්නේ? මහජන දේපල ගිනිතිබ්බා, කලාකාරයෝ මරලා දැම්මා. මට කිසිම පක්ෂයක් නැහැ. ඒත් ඒක නේද ඉන්ද්‍රජිත් පරම සත්‍යය? (නි)
ඉන්ද්‍රජිත්, ඒහෙනම් ඔබගේ ඉෂ්ඨ දේවතාවා වන ජිනීවා වලට කියන්න ඉරාක, ඇප්ගනිස්තාන, පලස්තීන වල කරපු දේවල් වලටත් පිහිට වෙන්න කියලා. (නදී)
ඉන්න තැන දන්න කෙනෙක් නම් ඉන්නවා. (නි)
රිසානාගේ සිද්ධියට අපේ රජයට වඩා බලපෑම් කළේ මේ සංවිධාන. 88,89 කාලෙත් මේ සංවිධාන මිනී මැරුම් ගැන බලපෑම් කළා. එතකොට එයාලා හොදයි. දැන් නරකයි.(නදී)
මේ වගේ අවස්ථාවක රට නිකන් අපහසුතාවයට පත්කරන්න එපා. (නි)
ලේනා මුහුද ඉස්ස කතාව, සඳකිඳුරු කතාව අහලා කම්පාවෙලා පුරුදු අපේ බෞද්ධයෝම මේ මනුස්සයා තමන්ගේ ස්වාමිපුරුෂයා සොයාගන්න ගතහැකි අන්තිම පියවරත් ගත්තාම එක දැකලා 'රටේ ස්වාධීනත්වය පාවා දෙනවා,' කියලා බැන අඬගාන්න බැරි නැහැ. ඒ තරමට සමහරුන්ගේ මොළ දේශප්‍රේමයෙන් හෝදලා තියෙන්නේ. හැබැයි 88-89 කාලේ අපේ වත්මන් වීරයින්ටත් පිහිට වුණෙත් ජිනීවාම තමා. (නි)
ඵක්නැලිගොඩ මහත්මියට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාර දෙන්න මෙච්චර කල් ගියාද? මෙය තම මවුබිම බව අමතක කරන්න ඵපා. (නි)
ඉන්ද්‍රජිත්ගේ කතාව නම් මසුරන්... (නි)
එයා නැති වුණේ සුදු වැන් පටන්ගත්ත මුල් කාලයේදී කියලා අපි අහලා තියෙනවා. (නි)
මේවා ගැන කතාකරලා සුදු වෑන් වල යන්න ඕනෑ නැහැ. (නි)
අපේ රට කුඩා එකක් නිසා ලෙහෙසියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි. (නි)
එහෙනම් ඔන්න ඔහේ කොහේද රටක ඉන්නවා කියලා රාවයක් ගියේ ආයුබොවන්ඩ? (නි)
දිවිය ලෝකයෙන් හරි තමන්ගේ මිනිහාව හොයාගන්න එපැයි. ඒක වැරදි වෙන්නේ කොහොමද? (නි)
සිල්වා, කතා කරන්න බයවෙන්න එපා. (නි)
කතා කරන්න බය නිසා නිශ්ශබ්දව ඉන්නම්. (නි)
ඔහොම යමු. ඔහොම යමු. (නි)
අපේ අහවලාගෙන් ඇහුවා නම් කියාවි මොන රටේද ඉන්නේ කියලා. (නි)