ශ්රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. එම කණ්ඩායම් දෙකේම උප නායකත්වය යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.
ටෙස්ට් පිලේ නායකයා සහ උප නායකයා පත්කිරීම කල්දමා තිබේ. ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකට නායකයා බැගින් දෙදෙනකු පත්කළ යුතු බවට මේ වන විට මතයක් නිර්මාණය වී තිබීම මෙම කල්දැමීමට හේතුව බව වාර්තා වේ.
ඕස්ටේ‍්‍රලියාවේදී ඊයේ (28) අවසන් වූ දීර්ඝ සංචාරයෙන් පසු හිටපු නායක මහේල ජයවර්ධන නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් ටෙස්ට් සහ එක්දින යන කණ්ඩායම් දෙකේම නායකත්වය පුරප්පාඩු විය.
ශ්‍රී ලංකාවේදී පසුගිය වසරේ සැප්තැම්බර් මස අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ පරාජයෙන් පසු මහේල විස්සයි20 නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් විස්සයි20 නායකත්වයට පත්කළේය.
වසරකට අධික කාලයක් උප නායකත්වය දැරූ 25 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 31 කට සහ එක්දින තරග 90 කට ක‍්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළ 23 හැවිරිදි දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග 5 කට සහ එක්දින තරග 50 කට ක‍්‍රීඩා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ උපුල්(නු)
මමනම් හිතන්නේ නායකයා වෙන්න ඕන දිල්හාර ප්‍රනාන්දු (ස)
උපුල් මෙතනදි ආගම් ජාති විදියට බලන්න එපා. මේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ (ස)
චන්දිමට වඩා කුලසේකර උප නායක කමට සුදුසුයි. චන්දිමට පීඩනය දරාගන්න ටිකක් අමාරුයි. හරිම කලබලකාරියි. කුලසේකර තමයි සුදුසුම (ස)
උපුල් ගම කොහෙද?(නු)
උපුල් ගැන මට දුකයි.. (නු)
උපුල් එකයුගයකදී නායක උපනායක යුගලයම කතෝලික ක්‍රීඩකයන් නියෝජනයකලා ඒ දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් දෙදෙනායි .නොදන්නා දේ කතා නොකර ඉන්න නැතිනම් ක්‍රීඩාවේ ඉතිහාසය දැනගෙන එන්න (නු)
නිහතමානිව තනතුරේ ගෞරවය රුකෙන පරිදි වගකිමෙන් තම යුතුකම ඉටු කරන්න පුතේ.මාත් ඩමසො මාතාවගේ සෙවනේ වෑඩුනු කෙනෙක් නිසා ඔබට මෙසේ කියන්නේ.(නු)
උපුල් ආගමේ කියා ගමේ කියාලා විශේෂයක් නැහැ.. අපි ඔක්කොම ලංකාවෙ එහෙහම හිතන්න පුරුදු වෙන්න..!(නු)
උපුල්, ඔබ ඔතරම් මෝඩයෙක් වූයේ කෙසේද? (නි)
ඊළග නායකයා හැටියට ළහිරු තිරිමාන්න සුදුසුයි..!(නු)
කවුද මේ උපුල් කියන්නේ.. මෙයා ආගම් භේද අවුස්සන්න හදනවා.. මේ වගේ කෙනෙක් කොතැන ගියත් ඉන්නවා.. උපුල් ඔයාගේ මේ හැසිරීමට අපි සමාව දෙනවා..!(නු)
ආනගතය වෙනුවෙන් ගත් හොද තීරණයක්. (නි)
චන්දි, සුභ පැතුම්! වගකීමෙන් සෙල්ලම් කරන්න හොදේ. (නි)
ක්‍රීඩාවට ආගම් වාදයක් කොයින්ද? මොකද දෙවියන් බෝල ස්ලෝ කරලා එවනවද පහර දෙනකොට? (නි)
උපුල්, නිකම් බොරුවට ආගම් භේද අවුස්සන්න හදන්න එපා. (නි)
දිනේෂ් මල්ලිට සුභ පැතුම්! (නි)
අනේ අපේ ආණ්ඩුවටත් මේ වගේ තරුණ නායකයෝ හිටියා නම්? (නි)
නවකයන්ට තැන (දී)
උපුල්, ඔයා බෞද්ධයෙක් නම් එහෙම හිතන්න එපා. (නි)
දෙදෙනාටම සුභ පැතුම්! (නි)
නායක ඇන්ජලෝ මැතිව්ස්ටත් උප නායක දිනේශ් චන්දිමාල්ටත් හදවතින්ම සුභ පතනවා! අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.... (නි)
ලෝක කුසලාන තරඟාවලි 4කදීම අවසන් තරඟ පරාජය වීම ගැන සොයා බැලීම සුදුසුයැයි සිතමු. එක් පන්දු යවන්නෙක්ගේ එම අවසන් තරඟ 4 දීම ඉතාමත් දුර්වල පන්දු යැවීම ගැන නැවත විමර්ශනය කරන්න. ඔහු පන්දු යැව්වේ අනෙක් කණ්ඩායමට ලකුනු ලබාදීමටය. එම තරඟවල වීඩියෝ නැවත විමර්ශනයෙන් ඔබටද ඒ බව පෙනී යනු ඇත. ඔහුගේ පන්දු පතිතකළ ස්ථන පවා සැළකිල්ලෙන් විමර්ශනය කරන මෙන් ඉල්ලා සිටිමු. එසේම ඔහුගේ එම තරඟ 4 පන්දු යැවීමේ දත්ත සමඟ අනෙක් තරඟවල දත්ත සසඳා බලන මෙන් ඉල්ලා සිටිමු. ලෝක කුසලාන තරඟ 4 කදී දෙවැනියන් වීම නොව මුදලට තරඟ පාවා දී අප රට දෙවැනි තැනට දැම්මා යන හැඟීම ප්‍රේක්ෂක අප තුළ ඇත. කරුණාකර රට වෙනුවෙන් පරීක්ෂණයක් කරන්න. එවැනි සැක සහිත මුදලටම ගිජුවූ ක්‍රීඩකයින් තීරනාත්මක තරඟ වලට තෝරා ගැනීමෙන් වළකින්න. (නි)
ඒක හොද වැඩක්, නවකයන්ට තැන දීම (dee)
අපේ කුලයා හොදයි උපනායකකමට. චන්දිමාල්ට අපි පස්සෙ නායකත්වය දෙමු. (නි)
උපුල්, මේ තීරය කියවන අයගෙන් සමාව ගතයුතුයි . මට නම් ඔහු ගැන හරිම කණගාටුයි. (නි)
මට හිතෙනවා මේක අනාගතය වෙනුවෙන් ගත් යහපත් තීරණයක් කියලා. (නි)
මම හිතනවා මේක හොඳ තීරණයක් වේවි අනාගතයට (ස)
මම කිව්වේ ඔහුගේ ආගම ගැන තියපු විශ්වාසයට ස්තූතියි කියලා. අනික මම දැනන් හිටියේ නැහැ දුලිප් මෙන්ඩිස් ගැන. ඒකනේ මා දන්නා තරමින් කිව්වේ. එහෙම දේවල් සාමාන්‍යයෙන් වෙන්නේ නැති නිසා මම එහෙම කිව්වේ. එහෙම කිවුවහම ආගම බේද ඇවිස්සෙන්නේ කොහොමද කියලා මට කියලා දෙනවද? ඕගොල්ලන්ට රිදෙනවා නම් මම මොනවා කරන්නද ? (නි)
පහන් , ඒක තමයි මා දන්නා තරමින් කියලා කිව්වේ. පැහැදිලි කිරීමට ස්තූතියි. (නි)
සංගාව කැපුවොත් අපි නම් ක්‍රිකට් බලන්නෙත් නැහැ. (නි)
උප නායකයා විදියට මට නම් හොද කුලේව. (නි)
සංගයි, මයියයි අපේ වීරයෝ. එයාලා නැති ක්‍රිකට් අපිට මොකටද? (නි)
මේ දෙන්නගේ යහපත උදෙසා මහේල, සංගා, දිල්ශාන් තව දුරටත් ටීම් එක තුල රැදිය යුතුයි (ස)
ගොඩක් හොඳය තරුණ ජවය,ශක්තිය (ස)
දැං ඕන අපට තරුණ නායකයෙක් තමයි. දෙන්නටම සුභ පැතුම්..!(නු)
තිසර පෙරේරා ටෙස්ට් තරගවල නායකයා නේද? අනිවාර්යයෙන්ම දෙන්න ඕන.. (නු)
චන්දිමාල් වෙනුවට කුලසේකර හෝ ලහිරු තිරිමාන්න හොඳයි නේද ? .(ස)
ගොඩක් හොඳයි, ජය වේවා ! කණ්ඩායමට තවත් තරුණ ක්‍රීඩකයන් ටිකක් ලැබේවා (ස)
මාලිංගට මොකද උනේ .(ස)
අපිට වුවමනා සැබෑ වෙනසක්. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට්වල ආශ්චර්යය කරන්න. (ස)
මගෙන් සුබ පැතුම් .(ස)
තරුණ අයට හොඳ අවස්ථාව. ඔබේ දක්ෂ හැකියාව ලෝකයටම පෙන්නුම් කරන්න. සුබ අනාගතයක්. (ස)
හොඳ තේරීමක් . 2015 ලෝක කුසලානය ලංකාවට ගෙන එන්න , ඔබ දෙදෙනාට උණුසුම් සුබ පැතුම් .(ස)
සංගව කපන්න ගත්ත පියවරක්වත්ද ? (ස)
මම නම් කියන්නෙ 20 20 සහ එක්දින තරග සදහා වේගවත් පිතිකරුවකු වන තිලාන් සමරවීර පත්කළානම් හොදයි කියල.. එහෙනම් අපේ ක්‍රිකට් මීට වඩා දියුණුවෙලා..!(නු)
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේදි චන්දිමාල්ට එහෙම තැනක් ලැබුණෙ නැහැ දැං පේනවා නේද ගිය දුර.. චන්දිමාල් ආනන්දයට යන්නත් මේවා හේතු උනා..!(නු)
අදහස හොඳයි . නමුත් නායකත්ව පුහුණව මදි මේ දෙන්නට ..කමක් නෑ ඔහොම යන් (ස)
තනතුරක් දෙන්න කියලා වෙන කවුද ඉන්නේ ටීම් එකේ (ස)
දෙදෙනාටම සුභ පැතුම්.. හොද නායකත්වයක් දීලා ලංකාව ආයෙත් අංක 1කණ්ඩායමට කරන්න සුභ අනාගතයක්..!(නු)
ඔව් ඇත්තෙන්ම අනුර, සංගක්කාර සහ සනත්ජයසූරිය එතරම් හොද නැහැ..(නු)
තිරිමාන්නට මොකද වුණේ ?? (ස)
නායකත්වය කියන්නේ ක්‍රීඩාව හොදට කරන එක නෙමෙයි.. එම නායකයා නියෝජනය කරන්නේ අපේ රට.. එමනිසා ක්‍රීඩාව වගේම තව බොහෝ දේවල් ඔහු සතුව තිබිය යුතුයි.. ඉවසීම, තැනට සුදුසු ණුවන, ක්‍රීඩාව ගැන, නීති රීති ගැන, කුලසේකර මාලිග හොදයි තමයි.. නමුත් මෙයට තව බොහෝ අඩුපාඩු තියෙනවා.. කෙසේ හෝ කණ්ඩායමට සුභ පැතුම්..!(නු)
සුගන්දි, මෙයාලවත් අර නායකත්ව පුහුණුවට යනන්න සරසවි සිසුන්ට වගේ..!(නු)
තිරිමාන්නට ටෙස් මැස් එකේ උපනායකකම දෙන්න (ස)
චන්දිමාල් තවම පරිනත මදි උපනායකත්වයට.. හරිම කලබල කාරයි..කුලසේකරට වඩා සුදුසුයි.,!(නු)
තිරිමාන්නට උප නායක කම දේනන (ස)
තිසර එක්දින හා 20/20 උපනායකයා උනා නම් හොඳයි. චන්දිමාල් හිතපු තරන් අවශ්‍ය අවස්ථා වලදී සෙල්ලන් කරලා නෑ (ස)
දෙදෙනාටම සුභ පැතුම්. කණ්ඩායමට තවත් තරුණ ක්‍රීඩකයන් ටිකක් ලැබේවා(නු)
එක් දින හා 20 20 නම් මේ දෙන්නා හොදයි.. 2015 වෙනකොට ලොකු නායකත්ව අත්දැකීම් ලබාගෙන සටනක් දෙන්න නම් දැන්මම මේවගේ දෙන්නෙක් පුහුණු කරන එක හොදයි.. ඒත් දැං දිල්ශාන් එයාගේ නායකවත්වය අඩුපාඩු හදාගන්න තවත් පරිනත උනා නම් ටෙස්ට් නායකත්වයට එයත් උප නායකත්වයට කුලසේකරත් සුදුසුබව මගේ හැගීමයි..!(නු)
පුදුමයි. ඉතිහාසයේ ප්‍රථම වරට ආගමේ කෙනෙකුට මේ වගේ ප්‍රධාන ස්ථානයක නායකත්වයක් දී තිබෙනවා ( මා දන්නා තරමින් ) කෙසේ වෙතත් මේ වෙනකොට වැඩිම සුදුසුකම් තියෙන්නේ ඔහුට බැව් මගේ විශ්වාසයයි. මැතිව්ස්, ඔබට දිගු ගමනකට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය සැමදාම ලැබේවා! ඔබට ජේසු පිහිටයි. ඔබේ ආගම ගැන විශ්වාසයට ස්තූතියි. (නි)
මැතිවුස් නායක සහ තිරිමාන්න උපනායක එක්දින තරග සහ විස්සයි විස්ස. ටෙස්ට් තරගවල දිමුත් නායකයා කරන්න..!(නු)
කවුරු නායකයා වුණත් ප්‍රශ්නයක් නැහැ. "යූ නෝ" ටිකක් අඩුකරගන්න (නි)
චන්දිමාල් පොඩි වුණාට මේ වෙද්දී ඉතා සාර්ථක අයෙක් වෙලා හමාරයි. (නි)
ඔහොම යමු චණ්ඩි මල්ලී. සුභ පැතුම්! (නි)