(ප්‍රසාද් රුක්මල්)

ඌවපරනගම යාලගමුව දබගොල්ල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (20) පැවසීය .

දබගොල්ල කන්දේ දැනටමත් මීටර් 700ක පමන කොටසක් ඉරිතලා පුපුරා ගොස් ඇති බවත් , එම පැලුම් අගල් 10-12 අතර ප්‍රමාණයේ තිබෙන අතර, ඇතම් ස්ථානවල අඩි 7ක් 8ක් යටට පොළොව හෑරී ගිලාබැස ඇතයි ද ඌවපරනගම පොලිසිය සදහන් කළේය .

මෙම කන්ද පසුගිය දිනවල පැවති දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමග කිසිවකු ගිනිතබා ඇති අතර ,දැනට පවතින වර්ෂාවත් සමග මෙසේ එම ඉරිතැලීම් වැඩි වී වැසි ජලය ගලායාමෙන් පොළොව බුරුල් වීමට පටන්ගෙන ඇති බවත් ආපදාකළමනාකරන මධ්‍යස්ථානය පැවසීය .

මෙම නායයාමේ අවධානම ඇති දබගොල්ල කන්ද අවට නිවාස හෝ මිනිස් ජනාවාස නොමැති බවත්, රක්ශිතය මෙන්ම එම කන්ද අවට අක්කර ගණනක ගම්මිරිස් වගාවන් පිහිටා තිබෙන බව පොලිසිය පවසයි .