
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2026 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් විභාගය කල්දැමීමට අවශ්‍ය නොවන බව අමාත්‍යංශය කියයි.
2026 අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව කරුණු දක්වමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300ක් වන අතර 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා, ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බව අමාත්‍යංශය නිවේදනය කරයි.
2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය මාස 4ක් සහ දින 10 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd