
(අංජුල මහික වීරරත්න)
එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ 6 ශ්‍රේණියට ආරම්භ කරන බව කී අග්‍රාමාත්‍යවරිය පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් කළාය.
මහනුවර දළදා මාලිගාව අසලින් සාම පාගමනේ සමාරම්භයෙන් අනතුරුවතිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
ජාත්‍යන්තරයේ අවධානය යොමු වූ සාම පාගමන ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන සතුටට පත්වන බව කී අමාත්‍යවරිය ලෝක සාමය සැමගේ ප්‍රාර්ථනාවක් නිසා මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු බවද අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd