(සුජිත් හේවාජුලිගේ)

මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් වේ.

මාර්ගගත ක්‍රමයට පමණක් එම අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය

කිසිඳු හේතුවක් මත අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ නොකරන බවද දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, 011 2785922, 011 2784208 හා 011 2784537 යන  දුරකථන අංක වලින් විමසිය හැකියි