
(සුමිත් පොතුපිටිය)
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ගණිත අංශයෙන් අපොස උසස් පෙල හදාරන පාසල් සිසුවකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී ලිනාෂ් දෙව්මික නමැති 17 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය සදහන් කරයි .
අතුරුදන් පාසල් සිසුවා තවත් මිතුරන් තිදෙනෙකු සමග අද පස්වරුවේ කළුතර කටුකුරුන්ද මුහුදේ විනෝදයට දියනාමින් සිට ඇති බවත් , ඔහු එක්වරම රළ පහරට හසුව ගහගෙන ගොස් ඇති බවද සදහන්වේ.
අතුරුදන් පාසල් සිසුවා සොයා ප්‍රදේශවාසීන් මුහුදේ නිරීක්ෂණය කරන අයුරු දැකගත හැකිවිය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd