ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව උල්ලංඝණය කළොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට දිවුරුම් දී සිටින ජනපතිගේත් මැති ඇමැතින්ගේත් තනතුරු පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන නිසා සියලු පාර්ශ්ව එම තීන්දුව පිළිගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

පාර්ලිමේන්තුවේ 2/3ක විකෘති බහුතරයක් ඇතැයි කියා ව්‍යවස්ථාව උල්ලංඝණය කර සමස්ථ රට අරාජික කිරීමට ආණ්ඩුවට ඉඩ දිය නොහැකි යැයි ද ඔහු සැඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ව්‍යවස්ථා ප්‍රකාරව පැවැරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණකැයි ඔහු කියයි.