රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට සිකුරාදා සවස ඇද හැළුණු උල්කාපාත වර්ෂාවක් නිසා රුසියාව පුරාම හදිසි භීතියක් පැතිරගිය බව වාර්තාවිය.
උල්කාපාත ඇදහැළෙණ දුටුවන් කියා ඇත්තේ ඒමොහොතේ මුළු ප්‍රදේශයම දෙදරුම්කාගියබවයි. ගහකොළ සහ ගොඩනැගිලි හෙල්ලුම් කෑවේය.
එදිනම මෙම අපුරු වායුගෝලීය සංසිද්ධිය රුසියාවේ වෙනත් නගර කිහිපයකින්ම වාර්තාවිය. එම ස්ථානවල සිදුවූ පිපිරීම් නිසා පන්සියයක් පමණ තුවාල ලැබූ බවත් දේපළහානියද විශාල බවත් වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙවැනි විනාශ සුලුවෙන් තැකීම නොකළ යුතුයි. (නි)
මේ වගේ ඒවත් මීට වැඩිය ලොකු ඒවත් මීට පෙර අනන්තවත් ඇවිල්ලා තියෙනවානේ. (නි)
සියල්ල නැසෙන සුලුය. එය කොයි වෙලේ කොයි මොහොතේ වේදැයි නොදනිමු. (නි)
ඔව් සම්පත්. ඔබ හරි. (නු)
ඔව් සම්පත්. ඔබ හරි. අපි මෙවැනි විනාශ සුලුවෙන් නොසලකා වැලැක්වීමට පියවර ගනිමු. ඔයයි ඔයාගේ කට්ටියයි එකතු වෙලා සංවිධානය කරන්නකෝ ශ්‍රමදානයක්. මාත් එනවා. අපි සුද්ධ කරලා දාමු පෘථිවිය ගමන් කරන පාර. ඔය ගල් කෑලි අඟහරැ ලෝකෙ පැත්තට වීසි කරමු. අපේ ලෝකය උල්කා ප්‍රහාරවලින් ආරක්ෂා කර ගනිමු.(නු)
බය වෙන්න එපා, මොකුත් වෙනේ නැහැ, කියාපු කට්ටිය කෝ (දී)
මේ එක එක සිද්ධීන් වලින් පෙන්නුම් කරන්නේ අපේ අවසානය ත ළඟ කියන එකයි.. මිනිසුන්ගේ සිතේ ක්‍රෝධය, වෛරය,තණ්හාව, එක එකාව විවේචනය කිරීම වැනි කටයුතු අවසාන කාලයේදී වැඩි වැඩියෙන් සිදුවෙනවා.. දැන් සියළු දෙනා තමන් කුමක් කළ යුතුද යන්න තමන්මයි තීරණය කළයුතු වන්නේ..(නු)
බලාන ගියාම මායන්වරු ලෝක විනාශය ගැන කිවූ දේවල් හරි . අවුරුදු 5500 කට කලින් නිසා දින පොඩිඩක් එහෙ මෙහෙ වෙලා. අනිත් එක ඊයේ ප්‍රෘථිවිය ලගින් ගිය ග්‍රහ වස්තුව තව කිලෝමීටර් 1000 ක් 2000 ක් ලගින් ගියා නම් සොනවා කරන්නද? දැන් කාලේ ඉන්න විදයාඥයෝ අඩු ගානේ මෙහෙම දෙයක් වෙයි කියලවත් හිතුවද(නදී)
http://top.rbc.ru/incidents/15/02/2013/845392.shtml (නි)
ඩයස් ලෝකයේ විශාලතම එක එන්න ඕනෑ ලංකාවට. (නි) - මේ අදහසින්ම පේනවා නේද තමන්ගේ රට ගැන තියෙන වෛරය.. මෝඩකමම කියලා කියන්න බැහැ මේවාට.. කොහොම උනත් යක්ෂයා සමග ජීවත් වෙන කෙනෙක්.. අපි අනුකම්පා කරන්න ඕන..සමාව දෙන්න ඕන මේ වගේ අයට.. ජීවත් වෙන කාලෙ අනුන්ට පිහිට වෙන්න. අනුන්ට යහපත පතන්න..ඒකයි දහම.. ලෝකයේ කිසිම ආගමක් කියලා නැහැ අනුන්ට ශාප කරන්න.. අනුන්ගේ දේ සොරාගන්න.. මංකොල්ල කන්න.. මිනී මරාගන්න.. සැමට සාමය සතුට පතන්න.. ඔබ සියළු දෙනාගෙම ජීවිතවල වෙනසක් වෙයි..!(නු)
අනේ පවි. මේ මොනවද වෙන්නේ.(නදී)
විකෘති මානසිකත්වයක් තියෙන අය කියන කතා ගනන් ගන්න එපා.. අපේ රට විනාශ වෙන්නෙ පතන අයට නිසි ප්‍රතිචාර ස්වාභාව ධර්මයෙන්ම ලැබෙනවා.. ඒ අනිවාර්යයයි..!(නු)
පහුගිය කාලේ පාට වැහි, ආකාශ වස්තු, වැටුන තරමක් වැටුනේ අපේ රටට. හොද වෙලාවට මේක පාත් වෙලා තියෙන්නේ වෙන රටකට.(නදී)
අපේ රට නූලෙන් බේරිලා තියෙන්නේ. (නි)
12.56 ට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
මේක කාගෙහරි කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ.. (නු)
දැන් ඉතින් උල්කාපාත වලට ඔරොත්තු දෙන කුඩ, සෙවිලි තහඩු, උල්කාපාත රක්ෂණ... ඒවි. (නි)
මා තිළිණ හා එකග වෙමි.මිනිස්සු කරන කියන දේවල් අනුව තමයි ස්වභාව ධර්මයත් ප්‍රතිචාර දක්වන්නේ.(නු)
මිනිස්සු කරන කියන දේවල් අනුව තමයි ස්වභාව ධර්මයත් ප්‍රතිචාර දක්වන්නේ.මම තිළිණට එකගයි (නු)
කොහොම වුණත් ලෝකය ටිකින් ටික අපට නොපෙනෙන අගාධයකට ඇදෙනවා වගෙයි. (නි)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ (නි)
අපේ අයට උල්කාපාතක් වැටීම ගැන අවබෝධයක් ලබා ගන්න හොඳ උදාහරණයක් මේ සිදුවීම. කණගාටුයි විපතට පත් වූ අය ගැන. ලංකාවේ නම් උල්කාපාත කඩා වැටෙන්නෙ නැහැ. ගෙදර මිනිස්සුන්ට හොරෙන් හිමීට ඇවිත් තියලා යනවා. (නි)
වීඩියෝ බලන්න. http://www.guardian.co.uk/world/2013/feb/15/hundreds-injured-meteorite-russian-city-chelyabinsk (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය ලැබේවා! කැඩී බිඳීගිය දොර ජනේල ඉක්මනින් අළුත් වැඩියා කරගැනීමට ඔවුනට හැකි වේවා! (නි)
ඩයස් ඉන්නේ ලංකාවේ නොවෙයි මම හිතන්නේ (දී)
මේවා ගැන කතාකරන එක බොරු වැඩක්.(නදී)
ලෝකයේ විශාලතම එක එන්න ඕනෑ ලංකාවට. (නි)
බෞද්ධ ධර්මය අනන්තයි. අප්‍රමාණයි. (නි)
මිනෝලි, ඡායා බලන්න ලංකාවේ වෙන අපරාද. මිනී මැරුම් අවනීතිය අසාදාරනේ, හොරකම, අල්ලස, වංචාව, මත්ද්‍රව්‍ය, පාතාලේ ඉතින් ලොතුම එක ලංකාවට එන්න ඕනේ නොකියා වෙන මොනවා කරන්නද?(නදී)
ගාමිණි, රුසියාවෙත් ඉන්නේ අපි වගේම මිනිස්සු තමයි. (නි)
මිනිස්සු කරන කියන දේවල් අනුව තමයි ස්වභාව ධර්මයත් ප්‍රතිචාර දක්වන්නේ. (නි)
විශ්වයේ සමතුලිතතාවයේ වෙනස් වීම් මීට බලපානවා වෙන්නත් පුළුවන්. රට රටවල් ගත්තාමත් ස්වභාව ධර්මයට එහෙරිව මොනතරම් වැඩ සිදුවෙනවාද? ඒවයේ අනිටු ප්‍රතිපල විය හැකියි. මේ සිදුවීම සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ. ලෝක අවධානය මේ කෙරෙහි යොමුවිය යුතුයි. (නි)
ඩයස් , ඔයවගේ අප්‍රසන්න වින්දන ලබන්න එපා. ඒ වගේම ඔබේ කුරිරු සිතුම් පැතුම් ලෝකයාට ප්‍රදර්ශනය කරන්නත් එපා. ඔබේ ඔය වදන බලන හැම කෙනෙනෙක්ම ඔබට ශාප කරාවි. ඒවා ඔබට කොහොමවත් නතර කර ගන්න නම් බැරිවේවි. (නි)