ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහර අද අලුයම අවසන් විය. කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ මවර පෙරහැරේ ධාතු කරඩුව මංගල හස්තිරාජයා මත තැම්පත් කරනු ලැබුවේ විපක්ෂ නායක රිනිල් වික්‍රම සිංහ මහතා විසිනි.
එවකට විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි 1927 දී නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා පූර්ණ දායකත්වය දැරූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය හා එතුමියගේ බාල පුත් වෝල්ටර් විජයවර්ධන මහතාගේ මූලික සංවිධායකත්වයෙන් ඓතිහාසික කැලණිය පෙරහට ආරම්භ කැරිණි.
(ග.හෙ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණියේ දහස්වරක් වැන්දත් පවුකාරයින්ට නම් සමාවක් නැහැ(නු)
අනේ පවු මෙයා. කෝ අරයා නැහැනේ. (නි)
සෑම් නිවැරදියි. (නි)
අතීත කාලේ මිනිස්සුන්ගේ දැඩි භක්තිය නිසා ගැමි වහරේ කියපු කියමනක් මිස බුදු දහමේ එසේ කියා නැත....(නු)
කැළණිය සිය පාරක් වැන්දත් සමහරු කරපු පවු නම් මැකෙන්නෙ නැතිවෙයි. (නි)
ඒකනේ සමහර අය කැළණිය දාලා යන්නත් අකමැති..!(නු)
මේවා බොරු වැඩ..! (නු)
ඔබතුමා හැමදාම විපක්ෂ නායකකමේ ඉන්න කැමති නම් ඒ පැතුම ඉෂ්ටවේවා කියලා පතනවා! (නි)
මේ පොහොය දින රටම දැහැමි වේවා....!(නු)
දූෂිතයන් කැළණියට ආලෝකයක් කියලත් කවුද කිව්ව නේද?(නු)
ඒත් මම නම් හිතන්නේ කැළණියේ දහස්වරක් වැන්දත් පවුකාරයින්ට නම් සමාවක් නැහැ. (නි)
මේ පොහොය දින රටම දැහැමි වේවා....!(නු)
අනේ අර හිසේ ජටාව බැඳගෙන ඉන්න කෙනා තමයි හොඳට කැපී පේන්නෙ. අනිත් අය පේන්න ඉන්නෙ නිකං හරියට බය වෙලා වගේ.(නු)
අපේ විපක්ෂනායක තුමා බුදුදහමට දක්වන ගෞරවය අපේ ජාතියටත් දැක්විය යුතුයි.. ජාතිය රැකුණොත් තමයි ආගම රැකෙන්නේ.. එනිසා අද අපි පෙරහැරවල් යන්නේ අපේ වීරෝධාර හමුදාවන්ට පිංසිදුවෙන්නයි.. (නු)
සමහර දේශපාලඥයෝ කැළණියට පොරකන්නේ ඒ නිසා වෙන්න ඇති. (නි)
වැරදිකාරයන්ට කොහේ හිටියත් සමාවක් නැහැ..!(නු)
එහෙම හිතාගෙන තමයි සමහර අය කරන්න පුළුවං හැම වැඩක්ම කරලා පොහොයට කැළණියට දුවන්නේ. පන්සලේ නැවතිලා හිටියත් කරපු පවු වලින් නිදහස් වෙන්න බැහැ..!(නු)
කැළණිය කොහොමත් පිංවත් පුරයක්..!(නු)
ඒක හරි කැළණියේම ඉදගෙන කොයිතරම් වැන්දත් වැඩක් වෙන්නෙ නැහැ තමයි..!(නු)
රනිල් මහතාගේ පව් හේදුනා කියලාද කියන්නේ.. (නු)