උතුරේ යුද්දය පැවැති සමයේ අතුරුදහන් වූ බව කියන 3000ක ගේ මව්පියෝ කිලිනොච්චියේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. එහිදී එක් කාන්තාවක විපක්ෂ නායකවරයාට වැඳ වැටී තම දුක කීවාය.
රජය සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ද කරුණු කියන බවත් හැකි ඉක්මන් මේ සඳහා විසැදුමක් දෙන බව ප්‍රකාශ කළේය.
පොදු විපක්ෂයේ නායකයින්වන එම්.ඒ. සුමන්දිරන්, මවෙයි සේනාධිරාජා, මනෝගනේෂන්, අසාද් සාලි, සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාතරන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී දන්නවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සම්මේලනය තිබ්බේ සභාපතිනිය රටේ නැති වෙලාවක් බලලා කියලා.(නදී)
තමන්ගේ දුක වෙනත් අයට කිවුවද ඔවුන් විදින සැප දුක ඇත්තෝ නොදනිති. (නි)
සරා, බටලන්ද කියන්නේ පොඩ් ගමක්. ඒ කාලේ දේශපාලන මඩ ගහන්න යොදාගත්ත ස්ථානයක්. කොමිටියකුත් පත් කලා. නඩුත් ඇහැව්වා. අන්තිමට බොරුවක් බව ඔප්පු වුනා.(නදී)
අපිත් නොදන්නවා නෙමෙයි අජිත් මල්ලී. (නි)
දැන් සමහරුන්ට බටලන්දත් මතක් වෙනවා ඇති. (නි)
මහත්තයෝ මිනිස්සුන්ගේ දුක ඉවසා ගන්න බැරුව තමයි ඔය කියන්නේ (දී)
"රනිල් උතුරේ මව්වරුන්ට දුක කියයි" කිවුවොත් හොද නැද්ද? (නි)
අවුරුදු 30ක් තිස්සේ එල්.ටී.ටී.ඊ.ය නිසා අතුරුදහන් වුණු අපේ රණවිරුවන් ගැනත් කවුරුහරි හොයලා බලනවා නම් හොදයි. (නි)
1987 - 1989 කාලයේ දරුවන් අහිමි වූ මව්වරු මතක් වුණා. (නි)
මේ අහිංසක මිනිස්සුන්ගේ සිත් වලට විශබීජ දාලා සිංහලයින් සමග ඇති මිත්‍රත්වය නම් පලුදු කරන්න එපා මහත්තුරුනේ. (නි)
වැඩක් වෙන්නෙ නැහැ. අතුරුදහන් වෙච්ච අය තියා පක්ෂෙ කට්ටියවත් හොයාගන්න බැහැ දැන්. (නි)
එතකොට දහස ගාණක් අපේ මිනිස්සු මැරුණු ඒවාට මොකද වෙන්නේ? (නි)
මේ අහිංසක මිනිසුන්ට එයාලගේ දුකට යම් සහනයක් අවශ්‍යයි. (නි)
ලැම්බොගිනි වලට ටැක්ස් අඩු කළා වගේ මේ අහිංසක මවුවරුන් ගැන බලන්නේ නැද්ද? (නි)
පිහිට වෙන්න අසරණ මිනිස්සු (දී)
මොනවා වුණත් ඒ දුක දැනෙන්නේ මවු කෙනෙක්ට පමණයි. (නි)
හැබැයි අම්මේ වෙන ආණ්ඩුවක් තිබුණා නම් අද අම්මලාත් නැහැ. (නි)
ඇයි මෙතෙක් කල් මෙහෙම දීර්ඝ නින්දකට පත්වෙලා හිටියේ? (නි)
තවත් පිස්සුවක් නම් නටන්න එපා. (නි)
එතුමාගේ දුක කියන්නවත් කෙනෙක් නැතිකොට මේ අම්මලාත් කරන වැඩ ඇත්තට? (නි)
මිනිස්සු අසරණ වෙලා ඉන්නේ (දී)
අනේ මේ මවුවරුන්ට වෙන කිසිම කෙනෙක් හිටියෙ නැද්ද දුක කියන්න? (නි)
පාර්ලිමේන්තුවට නෙමෙයි. ජිනීවා වලටත් ගිහින් කියන්නම් කියලා කියන්න ඇති.(නදී)
අතීතයේ වධකාගාරවලට ගිය අයගේ තොරතුරු ගැන පලමුව සෙවිය යුතුයි.(නදී)
රනිල්ව විතරයි එයාලට විශ්වාස කරන්න පුලුවන්. (නි)
ඔය අය අතුරුදහන් කළේ වෙන කවුරුත් නෙවෙයි. වේලුපිල්ලේ ප්‍රභාකරන්. එයා අහිංසක මිනිස්සු බලෙන් කොටි සංවිධානයට බඳවගෙන ඔවුන්ගේ ජීවිත විනාශ කලා කියලා අපි දන්නවා. නමුත් මේ අම්මගේ දුක උහුලගන්න බැරි බවත් අපි දන්නවා. අපි ඒ ගැන කණගාටු වෙනවා..! (නි)
මේ අම්මලාට විතරද දරුදුක දැනෙන්නේ? ජේවීපී කලබල සමයේ අතුරුදන්වූ මගේ සොයුරා වෙනුවෙන් පැමිණිලි බාරනොගත් අය අද කිඹුළ් කඳුලු හෙලනවා. එදා මගේ අම්මාට පිහිට වෙන්නට කිසිවෙකු සිටියේ නැත. (නි)
මිනිස්සු 72000ක් විතර අතුරුදහන් වුණා නේද? (නි)
ඔබතුමාට ජය වේවා (දී)
ව්පක්ෂනායක තුමා රජයේ දේපල ගසාකන කෙනෙක් නෙමෙයි. නමුත් ඊලාම්කාරයෝ ටිකත් එක්කච මේ ගමන යන්න හදන්නේ.(නදී)
ඇත්තටම දුකයි නම් තමයි. ඒත් මෙතුමාට කිවුවා කියලා දැන් මක්කරන්නද? (නි)
මෙතුමගේ මුහුණ බලන්නකෝ.නදී)
මෙතුමා ඒ ගමන මොකක්ද මේ කරන්න හදන්නේ? (නි)
විපක්ෂ නායකතුමනි, ජාතිවාදය ගැන කතා නොකර ඉදිරියට යන්න බැහැ.(නදී)
දැන් රනිල් මහත්තයාට මොනවද කරන්න පුලුවන්? (නි)
විප්කෂ නායක තුමා කට ඇරලා කියන්න ඔය දරුවන් අතුරුදහන් කළේ වේලුපිල්ලේ ප්‍රභාකරන් කියලා. රණවිරුවන් නෙවෙයි කියලා කියන්න. (නදී)
දැන් උතුරේ මහඇමති වෙන්න හදන්නේ.(නදී)
මාලු නටයි සෝඩා බොතලේ... (නි)
ජනතා නියෝජිතයන් ලෙස වටිනා මෙහෙවරක් (දී)
ඔය දුක යුද්දෙදි තම දැරුවන් අහිමිවුනු රණවිරුවන්ටත් තියෙනවා. සිංහල කොල්ලෝ තමයි උතුරේ සාමය ලබාදුන්නේත(නදී)
එතකොට අපේ සිංහල කොල්ලෝ දහස් ගණනින් මැරුණු ඒවාට කවුද කතා කරන්නේ? (නි)
දෙමළ මිනිස්සුන්වයි සිංහල මිනිස්සුන්වයි ආයෙත් අවුලන්න එපා. (නි)
මෙතුමා ඒ ගමන මොකක්ද මේ.? (නදී)
අසරණ මිනිස්සු (දී)
පාලකයිනි ජනතා ප්‍රශ්න විසදන්න (දී)
දුක පොදුයි, උතුරට දකුණ කියා බේදයක් නැහැ. මෙයාගේ කාලෙත් දකුණෙත් අතුරුදහන් කෙරුවා නේද? මොකද මෙයා බබා වෙන්නද හදන්නේ? දැක්කෙත් නැද්ද, දන්නෙත් නැද්ද?(නදී)
මිනිස්සු අසරණ උනාම හැමෝටම කියනවා. වගකිවයුත්තෝ ඒවා සොයා බලා ඉටු කරන එක තමයි වටින්නේ (දී)
දෙවියෝ දනි අපි නොදනී.(නදී)
ඒ අම්මලගේ ඡන්ද වලින් හරි මේ සැරේවත් ගොඩ එන්න බලමු.(නදී)
මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා (දී)
ඔබතුමාට ජය වේවා (දී)
ඒත් මෙතුමාගේ දුක කියන්නේ කාටද? (නි)
රනිල් මහත්තයාට උතුරේ රැස්වීමක් හරි පවත්වන්න පුලුවන් වුණේ කවුරුන් නිසාද? (නි)
89,90 කාලේ නැතිවුණු අය ගැන කවුද කතා කරන්නේ? (නි)
අනේ අම්මේ ඔය ටයි කෝට් දාන මහත්තුරුන්ට දුක කියලා වැඩක් නැහැ.(නදී)
ඔහොමවත් යන්න පුලුවන් දැන් ඉතින් යුද්ධය නැති නිසා. (නි)
ඔය අඩන අම්මලාගේම දරුවන් කී දෙනෙක් නම් තුවක්කු අරගෙන ගම්මාන වලට පැනලා අහිංසක දරුවන් කී දෙනෙක් මරන්න ඇද්ද? (නි)
ගගට ඉනි කපලා වැඩක් නැහැ... (නි)