IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘උතුර කිසිදා අමතක කරන්නේ නෑ‘‘

උතුරු වැසියන් ඇතුළු ශ්‍රි ලංකාවට රජයෙන් දුන් හොදම තෑග්ග නිදහසේ ජීවත් වීමට ඉඩ කඩ සලකා දීම බවත් යුද්ධයෙන් පසු ඇරඹූ උතුරු වසන්තයෙන් යාපනය  තව තවත් දියුණු කරන බවත්  ජනපති මහින්ද රාජපක්ෂ මහතා යාපන රෝහලේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරමින් පැවසීය.

ශල්‍යාගාර දහයකින් සමන්විත නව ගොඩනැගිල්ල ජපාන අන්තර්ජාතික සහයෝගීතා එජසින්සියේ තෑග්ගකි. වියදම රුපියල් කෝටි දෙසිය හයකි.

නළලේ තිලක තබා සළු පළදවා හින්දු සිරිතට පොල්තෙල් පහනින් ද සෙත්පතා  ජනපති හරසරින් පිළිගනු ලැබීය. ඥානවෛව දෙවොලේදී විශේෂ පුජාවකටද ජනපති සහභාගී විය

දෙමළ ජාතික සංවිධානයේ අප්පදොරේ විනයාගමූර්තී මන්ත්‍රීවරයාද උත්සවයට සහභාගී විය.‘‘උතුරට කිසිම වෙනසක් කරන්නේ නැහැ උතුරේ වැසියන් කිසිදාක අමතක කරන්නේද නෑ හම්බන්තොට රෝහලට මුල්ගල් තියන්නෙත් දැන් ඊට කලින් උතුරට අංගසම්පුර්ණ රෝහලක් දුන්නා‘‘

 



අදහස් (0)

‘‘උතුර කිසිදා අමතක කරන්නේ නෑ‘‘

ගාමිණී Wednesday, 13 February 2013 11:02 PM

උතුර අමතක කරන්න කිසිම කෙනෙකුට පුලුවන් වේවි කියලා මම නම් හිතන්නෙ නැහැ. (නි)

:       0       0

පද්මා Thursday, 14 February 2013 12:58 AM

උතුර අමතක කරන්න බැහැ අපිට කොහෙත්ම (දී)

:       0       0

අමාලි Thursday, 14 February 2013 05:56 AM

අපේ රටේ සෑම පැත්තක්ම දියුණු වෙමින් යන බව දැකීම සතුටුයි සර්. (නි)

:       0       0

සේනක Thursday, 14 February 2013 05:59 AM

හම්බන්තොට තියෙන්නේ කොහේද කියලා වත් නොදන්නා කාලේ පිටිගලලා හිටියේ කොහේද? (නි)

:       0       0

අජිත් Thursday, 14 February 2013 07:38 AM

උතුරේ කලින් තිබුන රුහුණු පුත්‍රයින්ගේ මාතර හෝටලය, රුහුණු බේකරි, මාතර කඩේ, වැනි ව්‍යාපාර නැවත අරඹන්න පහසුකම් සලසන්න.(නදී)

:       0       0

අනුර Thursday, 14 February 2013 08:34 AM

හම්බන්තොට යනු රුහුණු පුත්‍රයින්ගේ ගම්මානයකි. මාතර හෝටලය, රුහුණු බේකරි, මාතර කඩේ......??? (නි)

:       0       0

අනුර Thursday, 14 February 2013 08:36 AM

කවුද බොලේ මේ හිල්මි? (නි)

:       0       0

අනිල් Thursday, 14 February 2013 08:38 AM

අපි ඔබට දිවි ඇති තුරා සහය දෙන්නෙමු. (නි)

:       0       0

දමිත් Thursday, 14 February 2013 10:08 AM

ජනපති තුමනි ඔබට් ජය වේවා (දී)

:       0       0

නිපුන Thursday, 14 February 2013 10:12 AM

එහෙ ජිවත් වෙන්නෙත් ශ්‍රී ලාංකිකයෝ (දී)

:       0       0

චතුර Wednesday, 13 February 2013 05:26 PM

අමතක වෙලා නැහැ (දී)

:       0       0

මල්ලි Wednesday, 13 February 2013 05:28 PM

එහෙම කරන්න යුතුකමක් නැහැ (දී)

:       0       0

අනුර Wednesday, 13 February 2013 05:33 PM

ඔබ ගැන අපට ආඩම්බරයි. අද 'නිදහස' නම් ඔබයි. (නි)

:       0       0

හේරත් Wednesday, 13 February 2013 05:37 PM

කට ඇති වැඩ හැකි නායකයෙක් දැන් ඔබට ඇත නෙළාගන්න ඵල උතුරේ ලක් සේනා.... (නි)

:       0       0

උදය Thursday, 14 February 2013 10:35 AM

ලංකාවේ ලස්සනම පැති වලින් එකක් තමයි උතුර කියන්නේ (දී)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 06:04 PM

ජනාධිපතිතුමනි, අවුරුදු 30 ක් අපි උතුර නිසා දුක්වින්දා. දැන් අපිට උතුර මතක් වෙනකොට ඔබ තුමාව මතක්වෙනවා. ජයවේවා!(නදී)

:       0       0

හේමසර හිමි Wednesday, 13 February 2013 06:58 PM

මේවා හොද වැඩ, ජනාධිපතිතුමනි ලංකාවට ජාති බේද නැහැ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 07:18 PM

හැම මොහොතකම නිසි පල නෙලා ගැනීමෙහිලා වෙහෙසෙන පුද්ගලයා කිසිදිනක පරාජයට පත් නොවෙයි. තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් තරමටම බොහෝ දෙනා ප්‍රිතිමත් කල හැක.(නදී)

:       0       0

පිටිගල Wednesday, 13 February 2013 07:18 PM

හැම දෙයටම හම්බන්තොට. වෙන පලාත් නැද්ද. ?(නදී)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 13 February 2013 07:24 PM

ඔව්, ලක් මෑණියන්ට දුන්න ගින්න කවදාවත් අපිට අමතක කරන්න බැහැ.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 07:33 PM

ජනාධිපතිතුමා ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව රටට කරන සේවය අගය කළ යුතු සද්ක්‍රියාවක්. (නි)

:       0       0

වසන්ත Wednesday, 13 February 2013 08:05 PM

උතුරත් දියුණු වෙන එක හොද දෙයත්.(නදී)

:       0       0

සරත් Wednesday, 13 February 2013 08:07 PM

හොද කාර්ය භාරයක්. ඉදිරියම යන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 14 February 2013 11:31 AM

හම්බන්තොටට හම්බ වෙළදුන් ගොඩබැස්ස නිසයි ඒ නම හැදිලා තියෙන්නේ. නමුත් මේක සිංහල ගමක්. (නි)

:       0       0

ශාන්ත Wednesday, 13 February 2013 08:28 PM

ගරා වැටුණු දේශයට අභිමානයක් එක්කොට ජීවය දුන් ජනපතිතුමනි, අපි ඔබට සදා අත්වැලක් වන්නෙමු. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 February 2013 08:32 PM

ඔබට යා යුතු මාර්ගය පැහැදිලියි ආදරණීය නායකයාණෙනි. (නි)

:       0       0

විරංජානු Wednesday, 13 February 2013 08:37 PM

ඔබතුමා වාසනා වේවා ලක්බිමේ! (නි)

:       0       0

හිල්මි Wednesday, 13 February 2013 08:54 PM

හම්බන්තොට යනු මුස්ලිම් ගම්මානයක් නේද? (නි)

:       0       0

ශාමා Wednesday, 13 February 2013 09:38 PM

උතුරේ වෙච්ච දේවල් නම් මතක් කර කර ඉන්න හිතෙන්නේවත් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site